News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
27

මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ වාර්තා වෙයි

Generic placeholder image

මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරටින් ඊයේ දිනය තුල පමණක් හදුනාගත් කොරෝනා නව ආසාදිතයින් ගණන 997ක්.


Apr
27

රාජ්‍ය සේවකයින් අද සිට කොටස් වශයෙන් සේවයට කැඳවීමට යයි

Generic placeholder image

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින් සේවා ස්ථාන වලට කොටස් වශයෙන් සේවයට කැඳවීමට තීරණය කර තිබෙනවා. ඊට අදාල චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිතව තිබෙන අතර ආයතන ප්‍රධානීන්ට ඒ අනුව ඒ සදහා බලය ලබා දී තිබෙනවා.


Apr
27

මන්ත්‍රී රිෂාඩ් සහ ඔහුගේ සොහොයුරාව දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට CID යට අවසර

Generic placeholder image

රිෂාඩ් බදියුදීන්ව සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන්ව දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබෙනවා.


Apr
27

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

හිගුරක්ගොඩ සිරිකෙත ග්‍රාම නිලධාරී වසම සහ මාතලේ උකුවෙල පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරී මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.


Apr
27

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිවු, වවුනියා, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි […]


Apr
26

තවත් ග්‍රාම නිලධාරී වසම් 2ක් හුදකලා කෙරේ

Generic placeholder image

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුලගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් අද රාත්‍රී 8.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.


Apr
26

බස්නාහිර සියලු පාසල් හා පෙර පාසල් වැසෙයි

Generic placeholder image

කොරෝනා වෛරසයේ ව්‍යප්තිය සැලකිල්ලට ගනිමින් බස්නාහිර හා වයඹ පළාත් වල සියලුම පාසල් පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍ය ජිඑල් පිරිස් මහතා සදහන් කරනවා.


Apr
26

අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 892ක් අලුතින් හදුනා ගැනේ

Generic placeholder image

අද දිනයේ මේ දක්වාකාලය තුළ නව කොරෝනා ආසාදිතයින් 892ක් අලුතින් හදුනා ගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරටින් මේ වන විට හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 102,271ක්.


Apr
26

ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දින නියමයකින් තොරව කල් දැමේ

Generic placeholder image

ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.


Apr
26

අද රාත්‍රියේ හුදකලා වන ප්‍රදේශ මෙන්න

Generic placeholder image

රට තුල පවතින තත්වය හමුවේ ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුවඅද (26) රාත්‍රී 08.00 සිට ගම්පහ දිස්ත්‍රික්කයේ, කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන, හීරලුගෙදර, කළුඅග්ගල යන ග්‍රාම සේවා වසම් මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම සේවා වසම කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත, […]


Apr
26

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දමයි

Generic placeholder image

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය මේ මස 27 හා 28 දෙදින තුළ වසා දැමීමට තීරණය කර තිබෙනවා. එහි සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බව හදුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය එලෙස තාවකාලිකව වසාදමා දැමුණු ඇති.


Apr
26

රාජ්‍ය සේවකයින් කාර්යාල වලට ගෙන්වා ගැන නව තීරණයක්

Generic placeholder image

හෙට සිට තම කාර්යාලවලට පැමිණිය යුතු රාජ්‍ය සේවකයින් ගණන තීරණය කිරීමේ බලය අදාල ආයතන ප්‍රධානීන්ට පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කරනවා. ඊට අදාළ චක්‍රලේඛය ද හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post