News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
19

අගෝස්තු පාසල් නිවාඩුව සතියකට සීමා වෙයි

Generic placeholder image

2021 අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව මෙවර සතියකට සීමා කළ බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සදහන් කරනවා.විෂය මාලා ආවරණය කර ගැනීමට අවශ්‍ය හෙයින් එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර සිටින්නේ.


Apr
19

අප්‍රේල් 21 සියලු කතෝලික පාසල්වලට නිවාඩුවක්

Generic placeholder image

අප්‍රේල් 21 දිවයින පුරා සියලු කතෝලික පාසල්වලට විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.


Apr
19

ෆෝට් ෂිටි

Generic placeholder image

අපි හැමෝම සමාජයේ සෑම දෙයක් පිලිබදව අවදානයෙන් සිටිය යුතුය. ඔබ දන්නා නොදන්නා දේ පිලිබදව පැහැදිලි අපැහැදිලි තැන් පිලිබදව නිරාකරණය කරගත යුතුය.. අද කතාව ඒ පිලිබදවයි


Apr
19

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස මොහාන් සමරනායක මහතා වැඩ අරඹයි

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. මීට පෙර ඒ මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙහි කටයුතු කර ඇති අතර එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙසද දිගුකලක් සේවය කර තිබෙනවා.


Apr
19

විහාරස්ථානයකට ඇතුළු වී මුදල් හා දේපල සොරාගත් පුද්ගලයෙක් සොයා පොලිසිය මහජන සහය පතයි

Generic placeholder image

විහාරස්ථානයකට ඇතුළු වී මුදල් හා දේපල සොරාගත් පුද්ගලක් සොයා පොලිසිය මහජන සහය පතනවා. අදාල පුද්ගලයා සොරකම සිදු කරන අකාරය අසල ඇති cctv දර්ශන තුල සටහන් වී තිබෙන අතර අදාල පුද්ගලයා සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊට අදාල නිවේදනය පහතින්,


Apr
19

කැරොලයින් සහ චූලා ඇප මත මුදා හැරේ

Generic placeholder image

ලෝක විවාහක රූ රැජිණ, කැරොලයින් ජුරී සහ චූලා පද්මේන්ද්‍රන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. විවාහක රූ රැජිණ තේරීමේ තරගයේ ඇති වූ අන්දොලානාත්මක සිද්ධියට සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මොවුන් ඉකුත් දා අත් අඩංගුවට ගෙන තිබුණා.


Apr
19

බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරියව පොල්ලකින් පහර දී ඝාතනය කෙරේ

Generic placeholder image

නොරොච්චෝල ආලන්කුඩාව ප්‍රදේශයේදී බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරියව පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති පුවතක් වාර්තා වෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි උපතින්ම ආබාධ තත්වයේ පසු වූ කාන්තාවක්. බාල සොහොයුරා බීමතින් පැමිණ මව හා බහින් බස් වීමක් සිදුව ව තිබෙන අතර එහිදී කෝපයට පත් බිමත් සහෝදරයා නිදාසිටි 43 හැවිරිදි සිය බාල සහෝදරියට පොල්ලකින් පහර […]


Apr
19

නාකොටික් නිලධාරීන් ඇතුළු 20දෙනෙක් තවදුරටත් රිමාන්ඩ්

Generic placeholder image

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙකු ඇතුළු සැකකරුවන් 20 දෙනෙකු ලබන 03 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද නියෝග කළා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම්කිරිම ඇතුළු චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.


Apr
19

ඊජිප්තුවේ සිදු වූ දුම්රිය අනතුරකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

Generic placeholder image

ඊජිප්තුවේ ඇලියෝබියා පළාතේ සිදු වූ දුම්රිය අනතුරිකින් මගීන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 98 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. දුම්රිය පිලී පැනීමකට ලක්ව මෙම අනතුර සිදුව ඇති අතර ගෙවුණු කාලය තුල එරට සිදු වූ දුම්රිය අනතුරු වලින් 35 කට ආසන්න පුද්ගලයින් පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.


Apr
19

ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Generic placeholder image

ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.ඒ අනුව අද උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Apr
19

කොළඹින් කොරෝනා ආසාදිතයින් යළි ඉහළට

Generic placeholder image

දිවයිනේ ප්‍රදේශ රැසකින් යළිත් කොරෝනා ආසාදිතයින් ඉහල ගොස් තිබෙනවා. එයින් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එය සටහන් වන්නේ 63 ක් ලෙසයි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 50 ක් වාර්තා වන අතර ගම්පහින් නව ආසාදිතයින් 41 ක් වාර්තා වෙයි. මේ අතර විදේශ රටවල සිට මෙරටට ආ ලාංකිකයන් 70 ක් ද කොරෝනා ආසාදිතයින් ලෙස අලුතින් […]


Apr
19

අඟහරු ග්‍රහයා මත කුඩා හෙළිකොප්ටරයක් පියාසර කරවීමට නාසා ආයතනය අද සැරසෙයි

Generic placeholder image

කුඩා හෙළිකොප්ටර් යානයක් අඟහරු ග්‍රහයා මත පියාසර කරවීමට නාසා ආයතනය විසින් අද සැලසුම් කර තිබෙනවා. “Ingenuity” නම් එම යානය කිලෝ 1.8ක් පමණ බරකින් යුක්ත වන අතර එය අත්හදාබැලීම අද සිදු කරන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post