News Line| Off Air
Generic placeholder image

Mar
19

එළඹෙන සිංහල – හින්දු අලුත් අවුරුද්ද සැමරීමට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ඉදිරි කාලය තුළ

Generic placeholder image

ඉදිරියේදී එළඹෙන සිංහල – හින්දු අලුත් අවුරුද්ද සැමරීමට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ඉදිරිදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරනවා. අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුකුලව මේ උත්සව සමයේ දී ජනතාව ක්‍රියා කල යුතු බව පෙන්වා දෙන සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සදහන් කරන්නේ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට […]


Mar
19

පැරිස් නගරය අද මැදියම් රැයේ සිට හුදකලා වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසයේ තෙවන රැල්ලේ ව්‍යාප්තිය පාලනය කිරීම සැළකිල්ලට ගනිමින් ප්‍රංශයේ පැරිස් නුවර මාසයක කාලයක් හුදකලා කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද මැදියම් රැයේ සිට පැරිස් නගරයේ කලාප 15ක් හුදකලා කෙරෙනු ඇති.


Mar
19

දුම්රිය ධාවනය යථා තත්වයට

Generic placeholder image

ඊයේ දිනයේ දුම්රිය රියදුරන් හා නියාමකවරුන් ආරම්භ කල වර්ජනය ඊයේ දහවල් අවසන් කෙරුණා. එසේ වුවත් ඊයේ පස්වරුවේ දුම්රියන් ධාවනය යම් ප්‍රමාදයක් හටගෙන තිබුණා. කෙසේ වෙතත් දුම්රිය ධාවනය මේ වන විට යථා තත්වයට පත්ව තිබෙනවා.


Mar
19

ඊයේ දිනයේත් මෙරටින් කොවිඩ් මරණයක් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනයේත් මෙරටින් කොරෝනා මරණයක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 538කි.


Mar
19

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

Generic placeholder image

දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන බංග්ලාදේශය බලා පිටත්ව ගියා. ඒබංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුවයි . මෙහිදී අගමැතිවරයා බංග්ලාදේශ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරිය, විදේශ කටයුතු අමාත්‍යවරයා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය යෙදී තිබෙනවා.


Mar
19

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

Generic placeholder image

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේහෝ රාත්‍රි කාලයේ වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක පවතී. අද දිනයේ දී, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යමසහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර සහ […]


Mar
17

96 ලෝක කුසලාන ජයග්‍රහණය ජයසුරිය ඇතුළු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සැමරූ අයුරු ( photo )

Generic placeholder image

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග එක්ව සිටින සුපිරි පිතිකරු සනත් ජයසුරිය ඇතුළු පිරිස 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වන සංවත්සරය සැමරූ අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා. එහිදී සනත් ජයසුරිය කේක් කපා සිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග එම සංවත්සරය සැමරූ අයුරු මේ,


Mar
17

නයිජර් රාජ්‍යයේ සිදු වූ වෙඩි තැබීමකින් 58 දෙනෙක් මරුට

Generic placeholder image

නයිජර් – මාලි ප්‍රදේශයේදී වෙළෙඳපොළක සිට මිනිසුන් ප්‍රවාහනය කරමින් තිබු වාහන කිහිපයකට තුවක්කුකරුවන් පිරිසක් විසින් වෙඩි තබා තිබෙනවා.එම වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 58 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් එරට ට දින 3ක ශෝක කාලයක් ප්‍රකාශය කිරීමට නයිජර් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


Mar
17

96 World Cup එකේ ඇත්තටම වෙච්ච් දේ

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හැරයුම් ලක්ෂණයක් සනිටුවන් කල 1996 ලෝක කුසලාන ජයග්‍රහණය මෙරටට හිමි වී අදට වසර 25 ක් සපිරෙනවා. මේ හේතුවෙන් අද දිනයේ විවිධ සැමරුම් උත්සව ද සංවිධානය වී තිබෙනවා. ශ්‍රී ලාංකීය නාමය ලෝකයට ගෙන ගිය ඒ ලෝක කුසලාන ජයග්‍රහණයට වසර 25 ක් ගත වුවද අදටත් ශ්‍රී ලංකිය ජනතාවට එය සදා අමරණිය මතකයක්. අර්ජුන […]


Mar
17

ඇහැළියගොඩ ප්‍රදේශයේදී රන් භාණ්ඩ අලෙවි සැලක ලක්ෂ 25 අධික රන් මාල කොල්ලයක්

Generic placeholder image

ඇහැළියගොඩ ප්‍රදේශයේදී රන් භාණ්ඩ අලෙවි සැලකින් ලක්ෂ 25 අධික රන් මාල කොල්ල කා පුද්ගලයෙක් පළා ගොස් තිබෙනවා. මේ සොරකම ඊයේ දිනයේ සිදුව ඇති අතර අදාල පුද්ගලයා මෙම රන් භාණ්ඩ වෙළෙද සැලට රන් මාල මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා පැමිණ තිබෙන අතර එහිදී අදාල වෙළෙද සැලේ සේවකයෙකු විසින් ඔහුට රන් මාල තුනක් පෙන්වා තිබෙනවා. එම අවස්ථාවේදී […]


Mar
17

සිය නිවසේ උඩු මහලෙන් බිමට ඇද වැටි 56 හැවිරිදි දෙදරු පියා මරුට

Generic placeholder image

මිරිහාන ප්‍රදේශයේ පදිංචි ව සිටි වයස අවුරුදු 56 ක දෙදරු පියෙක් සිය නිවසේ උඩු මහලෙන් බිමට ඇද වැටි ජිවිතක්ෂයට පත් ව තිබෙන බව වාර්තා වෙනවා. අදාල පුද්ගලයා ඉකුත් 16 වෙනිදා අලුයම් කාලයේදී අනාරක්ෂිත පඩිපෙලකින් පහළ මාලයට පැමිණෙමින් සිටියදී මෙලස පය ලිස්සා ඇද වැටි තිබෙන බවට පොලිසිය සැක පළ කරනවා. එම සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට […]


Mar
17

බැඳුම්කර වංචාව පිලිබදව නීතිපති ගත් තීරණය මෙන්න

Generic placeholder image

2016 මාර්තු 29 සහ 31 වන දිනවල සිදුවූ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා. .


News Articles
Latest Videos
Most Popular Post