පැලවත්ත නගරයේ රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. ඊට හේතු වී ඇත්තේ ගුරු සංගම් දෙකක් මගින් සිදු කරනු ලබන විරෝධතාවයක් බවයි පැවසෙන්නේ.
ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් අප්‍රේල් මාසයේ සිට අන්ලිමිටඩ් ඩේටා පහසුකම් මහජනතාව වෙත ලබා දීමට සැලසුම් කරන බව වාර්තා වෙනවා. 2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දී […]
වයස අවුරුදු 15 ක බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කළ එක් දරු පියෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දැරිය පමණක් නිවසේ සිට ඇති අවස්ථාවක අදාල 25 හැවිරිදි ඥාති තරුණයා මෙලෙස මෙම දැරිය අපයෝජනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාල සැකකරු එක්දරු පියෙක් වන අතර මේ වන විට මොහුව පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය තාවකාලිකව අත්හැරී බොහෝ රටවල් මේ වන විට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. ඒ යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය මෙම එන්නත පිලිබදව “ආරක්ෂාකාරී සහ ප්‍රතිඵලදායක” බව නිවේදනය කිරීම හේතුවෙන්. නවතම පරීක්ෂණ අනුව රුධිර කැටි ගැසීම සහ එන්නත අතර සම්බන්ධයක් නොමැති බවයි එම ඖෂධ නියාමන ආයතනය තහවුරුකර තිබෙන්නේ.
දෙදින නිල සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා, මේ වන විට බංග්ලාදේශයේ ඩකා අගනුවරට ළගා වී ඇති බව වාර්තා වෙනවා. එහිදී බංග්ලාදේශ අගමැතිනී ශේයික් හසීනා මහත්මිය විසින් මහින්ද රාජපක්ෂ මහතා ව පිළිගත් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේ දී ඊයේ පුද්ගලයින් දෙදෙනෙකු අතර මත්ද්‍රවය පිලිබදව ඇති වූ ගැටළුවක් හේතුවෙන් බහින්බස්වීමක් සිදුව ඇති අතර ඒ අවස්ථාවේදී 19 හැවිරිදි තරුණයෙක් ඝාතනය වී ඇති බව වාර්තා වෙනවා. සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ඉදිරියේදී එළඹෙන සිංහල – හින්දු අලුත් අවුරුද්ද සැමරීමට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ඉදිරිදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරනවා. අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුකුලව මේ උත්සව සමයේ දී ජනතාව ක්‍රියා කල යුතු බව පෙන්වා දෙන සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සදහන් කරන්නේ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට […]
කොරෝනා වෛරසයේ තෙවන රැල්ලේ ව්‍යාප්තිය පාලනය කිරීම සැළකිල්ලට ගනිමින් ප්‍රංශයේ පැරිස් නුවර මාසයක කාලයක් හුදකලා කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද මැදියම් රැයේ සිට පැරිස් නගරයේ කලාප 15ක් හුදකලා කෙරෙනු ඇති.
ඊයේ දිනයේ දුම්රිය රියදුරන් හා නියාමකවරුන් ආරම්භ කල වර්ජනය ඊයේ දහවල් අවසන් කෙරුණා. එසේ වුවත් ඊයේ පස්වරුවේ දුම්රියන් ධාවනය යම් ප්‍රමාදයක් හටගෙන තිබුණා. කෙසේ වෙතත් දුම්රිය ධාවනය මේ වන විට යථා තත්වයට පත්ව තිබෙනවා.
ඊයේ දිනයේත් මෙරටින් කොරෝනා මරණයක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 538කි.
දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන බංග්ලාදේශය බලා පිටත්ව ගියා. ඒබංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුවයි . මෙහිදී අගමැතිවරයා බංග්ලාදේශ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරිය, විදේශ කටයුතු අමාත්‍යවරයා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය යෙදී තිබෙනවා.
ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේහෝ රාත්‍රි කාලයේ වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක පවතී. අද දිනයේ දී, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යමසහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර සහ […]