News Line| Off Air
Generic placeholder image

Mar
16

තලෙයිමන්නාරම දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටෙයි

Generic placeholder image

මන්නාරම, තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටී අනතුරට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. පුද්ගලයින් 10 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බවත් තුවාල කරුවන් මේ වන විට රෝහල් ගත කරමින් පසුවන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


Mar
16

මුහුදේ ගසාගෙන ගිය දරුවන් දෙදෙනා බේරගන්න මුහුදට පැන්න තරුණයාට අත් වූ ඉරණම

Generic placeholder image

කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයේ දී මුහුදේ ගසාගෙන ගිය කුඩා දරුවන් දෙදෙනෙකුගේ ජිවිත බේරාගැනීමට සිය ජිවිතයෙන් වන්දි ගෙවූ තරුණයෙක් පිලිබදව මීගහතැන්න – හොරවල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. අදාල තරුණයා සහ තවත් පිරිසක් පානදුරේ ඔවුන්ගේ ඥාති ගෙදරක ගොස් නැවත පැමිණෙමින් සිටියදී කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයට ද පැමිණ තිබෙන අවස්ථාවේ පැමිණි පිරිස සමග අදාල තරුණයා ජායා රූප […]


Mar
16

මියන්මාර හමුදා පාලනයට එරෙහිව එරට ජනතාව පච්ච කොටා ගනියි

Generic placeholder image

මේ වන විට මියන්මාරය තුල ක්‍රියාත්මක වන හමුදා පාලනයට එරෙහිව ඊට විරෝධය පල කරමින් එරට ජනතාව සිය සිරුර මත පච්ච කොට ගැනීමේ සදහා යොමුව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව බියෙන් නිදහස් වෙමු – වසන්තයේ විප්ලවය , එරට නායකා අවුන් සා සුකී ගේ ජායා රූප මෙලස පච්චා ලෙස සිය ශරීරය මත නිර්මාණය කර […]


Mar
16

තවත් රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් භාවිතය තාවකාලිකව නවතා දමයි

Generic placeholder image

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල රටවල් අතරට ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය ඇතුලු තවත් යුරෝපා රටවල් කිහිපයක් එක් වී තිබෙනවා. එම එන්නත භාවිතයෙන් පසුව රුධිර නාලිකාවල රුධිරය කැටිගැසීමේ සිද්ධීන් වාර්තාවීමත් සමග මෙලෙස මෙම තීරණයට පැමිණි බව ජර්මනිය සදහන් කරන අතර ප්‍රංශය ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය අත්හිටුවන ලද […]


Mar
16

ක්‍රීඩා සමාජයක් මුවාවෙන් පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවක් වටලයි

Generic placeholder image

සුරාබදු නීති උල්ලංඝනය කරමින් ක්‍රීඩා සමාජයක් මුවාවෙන් පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවක් වැටලීමට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය සමත්ව තිබෙනවා. මාතර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම සමාජ ශාලාව තුල තිබී විදෙස් මත්පැන් මිලිලීටර එක් ලක්ෂ පනස්දහසක් හමුව තිබෙන අතර සමාජ ශාලා හිමි කරු අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කර තිබෙනවා.


Mar
16

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් පනවයි

Generic placeholder image

ඉකුත් දා පැවැති ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් අතර තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලය තුළ නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් නොකිරීම පිලිබදව දඩයක් පනවා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරගයට ලැබෙන මුදලින් 40% ක් දඩ මුදල් ලෙස ගෙවීමට නියමව තිබෙනවා.


Mar
16

ජපානයේ කදවුරක සිර වී සිටි ශ්‍රී ලංකික කාන්තාවක් කුසගින්න නිසා මරුට

Generic placeholder image

ජපානයේ සංක්‍රමිකයින් සිටින කදවුරක සිටි ශ්‍රී ලංකික කාන්තාවක් කුසගින්න නිසා මිය ගිය පුවතක් වාර්තා වෙනවා. 2017 වසරේ ශිෂ්‍ය විසා මත ජපානයට ගොස් තිබෙන එම කාන්තාව ඉකුත් වසරේ අත් අඩංගුවට පත් වන්නේ විසා ඉකුත් වී එරට තව දුරටත් රැදී සිටීම හේතුවෙන්. මේ හේතුවෙන් එරට කදවුරක රැදී සිටි ඇයගේ මානසික තත්වය දුර්වල වීම නිසා ආහාර ගැනීමට පවා […]


Mar
16

චීනයේ බීජිං නගරය වැලි කුණාටුවකින් වැසී යයි ( PHOTO )

Generic placeholder image

චීන අගනගරය වන බීජිං නගරය දරුණුතම වැලි කුණාටුවකින් වැසීගොස් තිබෙනවා. මේ හේතුවෙන් චීනයේ බීජිං නගරයේ අහස තැඹිලි පැහැ ගැන වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. එම හේතුවෙන් ගුවන්ගමන් සිය ගණනක් අත්හිටුවීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.


Mar
16

පොලිස් SI නිල ඇදුම ව්‍යාජ ලෙස භාවිත කල අයෙක් අල්ලයි

Generic placeholder image

පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිල ඇදුම ව්‍යාජ ලෙස භාවිතා කල අයෙක් පන්නිපිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු එම නිල ඇදුම භාවිතා කරමින් විවිධ ව්‍යාපාර කටයුතු සිදු කර ඇති බවයි පැවසෙන්නේ. අදාල සැකකරු රක්වාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ. ඔහු සන්තකයේ තිබී ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් ද හමුව තිබෙනවා.


Mar
16

අගනුවරට සමුදෙමින් හිටපු මැකෝ මහින්ද දේශප්‍රිය තැබූ facebook සටහන

Generic placeholder image

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද වසර 21 කට පසුව කොළඹ සිය පදිංචියට සමුදී යලි උපන් ගම වන අම්බලංගොඩ ගම බලා පිටත්ව ගියා. ඒ මහතා මේ පිලිබදව සදහන් කරමින් සිය මුහුණුපොතේ මෙලෙස සටහනක් එක් කර තිබුණා… ” කොළඹ නාගරික මැතිවරණ කාර්යාලයට 2000 ජනවාරි 01 දින ස්ථාන මාරුවීමක් ලැබීමෙන් පසු එම වර්ෂයේ පෙබරවාරි 25 ⁣, […]


Mar
16

අවුරුද්දක් වයසැති කුඩා බිළිදෙකු මාළු ටැංකියකට වැටී මිය යයි

Generic placeholder image

ඊයේ දහවල් ගල්කිරියාගම කහල්ල, ආඬියාගල ප්‍රදේශයේ නිවසක ඉදිකර තිබූ මාළු ටැංකියකට අවුරුද්දක් පමණ වයසැති කුඩා දරුවකු වැටී දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


Mar
16

සීනි වංචාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

Generic placeholder image

නිලධාරී කණ්ඩායමක් අනුයුක්ත කරමින් රුපියල් බිලියන 15කට අධික බදු අදායමක් රටට අහිමි වූ සීනි වංචාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කළා. මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post