පකිස්ථානයේ ඇදුම් මැසිමේ වෙළෙද සැලක් පවත්වාගෙන ගිය පස් දෙනකුගෙන් යුත් පවුලක් ගෙළ කපා ඝාතනය කර ඇති පුවතක් වාර්තා වෙනවා. මෙම සමුහ ඝාතනයට හේතුව මෙතෙක් අනාරණය වී නොමැති අතර මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පැවසෙන තියුණු ආයුධ එරට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධිය පිලිබදව නඩුව අද කැද වූ අවස්ථාවේ විත්තිකර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.
මේ වන විට මෙරට කොරෝනා එන්නත්කරණ වැඩපිලිවෙල යටතේ ජනතාවට 743,775කට එන්නත් ලබා දී තිබෙනවා. මේ මාසය තුළ රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට ලැබීමට නියම්ත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සදහන් කරයි. එමෙන්ම ඉතිරි එන්නත් මාත්‍රා ලක්ෂ 05 ලබන මාසයේදී මෙරටට ලබාදීමට එම සමාගම එකඟ වී ඇත. ඒ අනුව මෙරට කොරෝනා […]
ඝාතනයට ලක් වූ කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණියගේ දේහය ඊයේ පස්වරුවේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව නිවසට රැගෙන විත් තිබෙනවා. කෙසේ නමුත් ඇයගේ හිස කොටස තවමත් සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.
වී මල්ලක් නිසා ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලෙයකු විසින් 20 හැවිරිදි තරුණයෙකුට පිහියෙන් ඇන ඝාතනය කර තිබෙනවා. අදාල මිය ගිය තරුණයාගේ පියා සහ ඔහුගේ සහෝදරයා අතර වී මල්ලක් පිලිබදව ඇති වූ බහින් බස් වීමක් අතරතුරට මොහු මැදිහත් වී තිබීම නිසා මෙම ඝාතනය සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (10) දිනෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 4513 කදී පැවැත්වුණු සා පෙළ විභාගය සදහා මෙවර අපේක්ෂකයින් හයලක්ෂ 22,352 ක් පෙනී සිටියා. මීට අමතරව අද දිනයේ විභාගය අවසන් වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවල කලහකාරී ලෙස හැසිරීමෙන් වැළකී සිටින ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම්දෙනවා.
ඊයේ දිනයේත් මෙරටින් කොවිඩ් මරණ 4ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 511ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වෙනවා.සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසිද ඇති වේ.මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල […]
සෞදි අරාබියේ ඛනිජ තෙල් නිෂ්පාදන මර්මස්ථානය ලෙස සැලකෙන රාස් ටෙනුරා හි පිහිටි “සෞදි ඇරම්කො” මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ යේමනයේ හූති සටන්කරුවන් විසින් කෙසේ නමුත් එම ප්‍රහාර හේතුවෙන් ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයට හෝ වැඩ කරන සේවකයින්ට හානියක් සිදු වී නොමැති බවයි පැවසෙන්නේ. ලෝක ඛනිජ තෙල් සැපයුමට බාධා ඇති කිරීමට […]
බාල වයස්කාර කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කල දෙදරු පියෙකුට මහාධිකරණයෙන් බරපතළ වැඩ සහිත වසර 34ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. එම සිරදඬුවම වසර 15කින් ගෙවී යා යුතු බවත් රුපියල් 10,000/- දඩයක්ද අපයෝජනය වූ දැරියට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙසද කොළඹ මහාධිකරණයෙන් වැඩි දුරටත් නියෝග කර තිබෙනවා. නිවසේ සිටි අදාල පුද්ගලයාගේ දියණිය කඩයකට යවා සෙල්ලම් […]
සෞඛ්‍ය නිර්දේශ අනුව බස්නාහිර පළාතේ පාසල්වල 05 ,11 සහ 13 වසර ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු මාර්තු 15වන දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසනවා. සෙසු පන්ති අප්‍රේල් 19 වැනිදා ඇරඹීමට නියමිතයි. මීට සුළු මොහොතකට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලා.
වෛද්‍ය විද්‍යාලයෙන් පිටවෙලා වෛද්‍යවරයෙක් වෙන්න ඉන්න වෛද්‍යවරයෙකුට වුණ අපුරු සිදුවීමක් ගැනයි අද මේ කතාව, වැඩි විස්තර: