වයස අවුරදු 60 ට වැඩි පුද්ගලයින්ට කොවිෂිල්ඩ් එන්නත අද සිට ලබා දෙන බව විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සදහන් කරනවා. කොවැක්ස් පහසුකම යටතේ මෙරටට නොමිලේ එන්නත් මාත්‍රා දෙලක්ෂ හැට හතරදහසක් ප්රදානය කෙරුණා. ඊයේ දිනයේ එම එන්නත් තොගය මෙරටට ගෙන එනු ලැබූවා.
බස්නාහිර පළාත තුල ඊයේ දිනයේ සිදු කරනු ලැබූ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් පුද්ගලයින් 1158ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සදහන් කරනවා. එම පිරිස අතර අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44ක් වරෙන්තුකරුවන් 584ක්, දූෂණ වැරදි සම්බන්ධයෙන් 441ක් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ඊයේ දිනයේ මෙරට තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 500 සිමාව ඉක්මවා ගිය අතර එය සටහන් වන්නේ 502 ක් ලෙසයි.
මෙරට සමාජය ස්ත්‍රිය දියණියක, සහෝදරියක, බිරිදක, මවක සහ ගෘහණියක ලෙස ඇගේ භූමිකාව අතීතයේ සිට ගෞරව බුහුමනින් යුතුව අගය කළේය යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. එමෙන්ම ලෝකයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක් දිනයක් සැමරීමට ලක් වුවද සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙන්විය යුතු බව සදහන් කරමින් කාන්තා දිනයට සුභාශිංසන එක් කරම්න් අගමැතිවරයාද […]
සෑම වසරකම මාර්තු මස 08 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය අදයි. මෙවර ජත්‍යන්තර කාන්තා දිනයේ තේමාව නායකත්වයේ කාන්තාවන්: COVID-19 ලෝකයක සමාන අනාගතයක් අත්කර ගැනීම යන්නයි. සියවසකට අධික කාලයක් පුරා ලොව පුරා සැමරෙන මෙම කාන්තා දිනය එක්සත් ජාතීන්ගේ පිළිගත් වාර්ෂික උත්සවයක් වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය දක්වා වර්ධනය වූයේ, කම්කරු ව්‍යාපාරය හරහාය. එහි මූලාරම්භය ඇති වූයේ, […]
මධ්‍යම,සබරගමුව, දකුණු, වයඹ සහ බස්නාහිර පළාත්වල සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදීත් වැසිවාර කිහිපයක් ඇතිවියහැක. මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවියහැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි […]
ලද තොරතුරකට අනුව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිදු කල විමර්ශනයකදී මුලතිව් – චලෙයි ප්‍රදේශයේ කැළෑ බද ප්‍රදේශයකින් උණ්ඩ 06ක් මෝටර් උණ්ඩ 07ක් පුද්ගල නාශක පීඩන බෝම්බයක් ඇතුළු බෝම්බ 04ක් සොයාගෙන තිබෙනවා. සිද්ධිය පිලිබදව විමර්ශන ක්‍රියාත්මක අතර ඒවා නිෂ්ක්‍රිය කර විනාශ කර දැමීමට ද කටයුතු කිරීමට ද නියමිතයි.
රත්ගම, මොන්රෝවියාවත්ත ප්‍රදේශයේදී 32 හැවිරිදි පුද්ගලයෙකු STF අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සහ කඩු 02 ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් ජල හිගයක් මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. කෙසේ වෙතත් ජල කප්පාදුවක් සිදු කිරිමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව පවසන එම මණ්ඩලය ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
හැටන් නගරයේ පිහිටි රෙදි පිලි මැසිමේ වෙළෙද සැලක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා. ඊයේ රාත්‍රී 07.00 ට පමණ මෙම ගින්න හටගෙන තිබෙන අතර විදුලි කාන්දුවක් මෙම ගින්න ඇති වීමට හේතු වී ඇති බවටයි සැක පළ කරන්නේ. ගිනි ගැනීමට හේතුව පිලිබදව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ලබන 15 වැනිදා බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම පිලිබදව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ඉල්ලා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර තිබෙනවා. පාසල් විවෘත කිරීමේදී පළමුව 05, 11 සහ 13 යන ශ්‍රේණි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයා වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.