News Line| Off Air
Generic placeholder image

Mar
10

ශ්‍රී ලංකාව – බටහිර ඉන්දීය කොදෙව් පළමු එක්දින කි‍්‍රකට් තරඟය අද

Generic placeholder image

ශ්‍රී ලංකාව – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින කි‍්‍රකට් තරඟය අද නෝර්ත් සවුන්ඩ් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මෙහෙයවන්නේ දිමුත් කරුණාරත්න වන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය කිරාන් පොලාඩ් හට හිමිව තිබෙනවා.


Mar
10

කෘත්‍රිම මුඛ ආවරණ වෙනුවට කපු රෙද්දෙන් නිපැවු මුඛ ආවරණ පැළදීම වැඩි ආරක්ෂාවක් ගෙනවාද ?

Generic placeholder image

කොවිඩ් වෛරසය සහ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ලෝකයේ බොහෝ රටවල් විවිධ පර්යේක්ෂණ සිදු කෙරෙන අතර මේ එවැනි නව පරීක්ෂණයක් තුලින් අනාවරණය වී ඇති තොරතුරක්. එනම් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවක් ලබා ගැනීම සදහා ලෝකයේ බොහෝ දෙනා මුහුණ ආවරණ පැළදීමට කටයුතු කරන අතර ඒ තුලිනුත් කෘත්‍රිම මුඛ ආවරණ වෙනුවට කපු රෙද්දෙන් නිපැවු මුඛ ආවරණ පැළදීම වැඩි ආරක්ෂාවක් […]


Mar
10

පාස්කු කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට

Generic placeholder image

දිනයේ ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ දී අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ඒ් අනුව පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තු මහාලේකම් ධම්මික දසනායක මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


Mar
10

පස් දෙනකුගෙන් යුත් හින්දු පවුලක් ගෙළ කපා ඝාතනය කරයි

Generic placeholder image

පකිස්ථානයේ ඇදුම් මැසිමේ වෙළෙද සැලක් පවත්වාගෙන ගිය පස් දෙනකුගෙන් යුත් පවුලක් ගෙළ කපා ඝාතනය කර ඇති පුවතක් වාර්තා වෙනවා. මෙම සමුහ ඝාතනයට හේතුව මෙතෙක් අනාරණය වී නොමැති අතර මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පැවසෙන තියුණු ආයුධ එරට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.


Mar
10

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Generic placeholder image

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධිය පිලිබදව නඩුව අද කැද වූ අවස්ථාවේ විත්තිකර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.


Mar
10

මෙරට ජනතාවට කොවිඩ් එන්නත් 743,775ක් ලබා දී අවසන්

Generic placeholder image

මේ වන විට මෙරට කොරෝනා එන්නත්කරණ වැඩපිලිවෙල යටතේ ජනතාවට 743,775කට එන්නත් ලබා දී තිබෙනවා. මේ මාසය තුළ රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට ලැබීමට නියම්ත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සදහන් කරයි. එමෙන්ම ඉතිරි එන්නත් මාත්‍රා ලක්ෂ 05 ලබන මාසයේදී මෙරටට ලබාදීමට එම සමාගම එකඟ වී ඇත. ඒ අනුව මෙරට කොරෝනා […]


Mar
10

ඝාතනයට ලක් වූ කුරුවිට තරුණියගේ දේහය නිවසට

Generic placeholder image

ඝාතනයට ලක් වූ කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණියගේ දේහය ඊයේ පස්වරුවේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව නිවසට රැගෙන විත් තිබෙනවා. කෙසේ නමුත් ඇයගේ හිස කොටස තවමත් සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.


Mar
10

වි මල්ලක් නිසා ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් 20 හැවිරිදි තරුණයෙකු මරුට

Generic placeholder image

වී මල්ලක් නිසා ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලෙයකු විසින් 20 හැවිරිදි තරුණයෙකුට පිහියෙන් ඇන ඝාතනය කර තිබෙනවා. අදාල මිය ගිය තරුණයාගේ පියා සහ ඔහුගේ සහෝදරයා අතර වී මල්ලක් පිලිබදව ඇති වූ බහින් බස් වීමක් අතරතුරට මොහු මැදිහත් වී තිබීම නිසා මෙම ඝාතනය සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.


Mar
10

සා පෙළ අදින් අවසන්

Generic placeholder image

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (10) දිනෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 4513 කදී පැවැත්වුණු සා පෙළ විභාගය සදහා මෙවර අපේක්ෂකයින් හයලක්ෂ 22,352 ක් පෙනී සිටියා. මීට අමතරව අද දිනයේ විභාගය අවසන් වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවල කලහකාරී ලෙස හැසිරීමෙන් වැළකී සිටින ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම්දෙනවා.


Mar
10

ඊයේ දිනයේත් මෙරටින් කොවිඩ් මරණ 4ක් – සමස්ත මරණ ගණන 511ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ දිනයේත් මෙරටින් කොවිඩ් මරණ 4ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 511ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Mar
10

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි

Generic placeholder image

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වෙනවා.සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසිද ඇති වේ.මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල […]


Mar
9

සෞදි අරාබියේ ඛනිජ තෙල් නිෂ්පාදන මර්මස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක්

Generic placeholder image

සෞදි අරාබියේ ඛනිජ තෙල් නිෂ්පාදන මර්මස්ථානය ලෙස සැලකෙන රාස් ටෙනුරා හි පිහිටි “සෞදි ඇරම්කො” මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ යේමනයේ හූති සටන්කරුවන් විසින් කෙසේ නමුත් එම ප්‍රහාර හේතුවෙන් ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයට හෝ වැඩ කරන සේවකයින්ට හානියක් සිදු වී නොමැති බවයි පැවසෙන්නේ. ලෝක ඛනිජ තෙල් සැපයුමට බාධා ඇති කිරීමට […]


News Articles
Latest Videos
Most Popular Post