රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ ඉන් සිසුන්ට සිදුවන බලපෑම වැළක්වීම සදහා උසස් පෙළ මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂාව තවදුරටත් වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සදහා සිය අමාත්‍යාංශය මගින් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි. ඒ අනුව විභාග මධ්‍යස්ථාන පිහිටි පාසල්වල පාසල් සංවර්ධන සමිති […]
වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පිට කොටුවේ තොග වෙළදුන් දෙදෙනෙකු සමග කතිකාවක් සිදු කර තිබෙන අතර පසුව එම වෙළෙදුන් දෙදෙනාගේ සමිපතමයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දැන ගැනීමත් සමග අමාත්‍යවරයා ද pcr පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. ඊට අදාල වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙන අතර අමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි […]
මයික් පොම්පියෝ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලබන 28 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ, එදින කොළඹදී පැවැත්වෙන ද්වීපාර්ශ්වික සාකච්ඡා වටයකට සහභාගී වීම සදහායි. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ දෙදින ඉන්දීය සංචාරයක් අතරතුර බවයි.
අද අලුයම් කාලයේදී වෙඩි පහරකට ලක්ව මිය ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වූ මාකදුරේ මදුෂ්ගේ මෘත ශරීරය පිලිබදව මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඉන් අනතුරුව ඥාතීන්ට භාර දෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.
නිරෝධායන ඇඳිරි නීතිය පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ ආදායම් අහිමි වූ පුද්ගලයින්ට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම අද සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා ඒ සදහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 400ක්.
ඇමෙරිකාවේ, ඇලස්කා ප්‍රාන්තයේ දකුණු වෙරළ තීරයේ රික්ටර් මාපක 7.5 ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූකම්පනය හේතුවෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශ කිහිපයකට කුඩා සුනාමි රළ පහරක් පැමිණ ඇති බවයි. රළ පහරට පෙර වෙරළාශ්‍රිත ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබුණා. කෙසේවෙතත් භූ කම්පනයෙන් හෝ රළ පහරින් සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී […]
මේ වන විට කොරෝනා වෛරසය හමුවේ රට පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙවර කඨින පිංකම් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සම්ප්‍රදානුකුල චාරිත්‍ර ඒ ආකාරයෙන්ම සිදු කරමින් අඩු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරන ලෙසට අස්ගිරි මල්වතු උභය මහා විහාරය විසින් දන්වා තිබෙනවා.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මීට සුළු මොහොතකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කරගත හැකි බවත් ඇතැම් වගන්ති සදහා ජනමත විමසුමක් අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කථානායකවරයා එහිදී පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරට පත් යෝෂිත රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව තනතුර පිලිබදව සදහන් කලේ තමාට ඒ පිලිබදව පළපුරුද්දක් පවතින බවයි. “හමුදාවෙන් මාව 2016 දී මෙගේ වැඩ තහනම් වුණා. නඩුවක් නැතුවම මගේ වැඩ තහනමකට ලක්වුණා. ඉතින් ඒ අවදියේ දී මගේ පියාට මම වැඩ කළා. ඉතින් මට ඒ පුහුණුවත් එක්ක, අවුරුදු 4කට පස්සේ […]
කොළඹ වෝඩ් පෙදෙසේ පදිංචි පුද්ගලයකු හටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. 52 හැවිරිදි මෙම පුද්ගලයා පෞද්ගලික සමාගමක උසස් නිලධාරියෙකු බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔහුගේ සමීපතමයින් හා සේවා ස්ථානයේ පිරිසක් පී.සී.ආර්. පරික්ෂණයට ලක් කර ඇති බව ද සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජිවිත කතාව පාදක කොටගෙන නිර්මාණය වන 800 නමැති දමිල චිත්‍රපටයේ සිය චරිතයට පණ පොවන තමිල්නාඩුවේ ප්‍රවීන රංගන ශිල්පී විජෙයි සේතුපති හට එම රංගන කටයුතු වලින් ඉවත් වන ලෙසට ලිපියක් යවමින් ඔහු ඉල්ලා සිටිනවා. අදාල නිවේදනය නිකුත් කරමින් මුරලි සදහන් කරන්නේ එම රංගනය හේතුවෙන් ඔහුට සිදු වන විරෝධය හා බලපෑම හේතුවෙන් ඉදිරි […]
අඩු ආදායම්ලාභී පවුල්වල තෝරාගත් පිරිසක් සදහා රැකියා ලබාදීමට අදාළ පත්වීම් ලිපි ප්රදානය ආරම්භකර තිබෙනවා. එහි ප්‍රථම අදියර සදහා පුද්ගලයින් 34, 818 දෙනෙකු තෝරාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. එලෙස තෝරාගත් පුද්ගලයින්ට ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 6ක පුහුණුවක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. පුහුණු කාලය තුළ ඔවුන්ට රුපියල් 22,500ක මාසික දීමනාවක් ලබාදීමට සැළසුම් කර ඇති […]