News Line| Off Air
Generic placeholder image

Mar
12

මහ මැතිවරණයට අදාල නාමයෝජනා බාර ගැනිම අද සිට

Generic placeholder image

ඉදිරි මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිමේ කටයුතු අද සිට ආරම්භ වීමට නියමිතව බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ අනුව නාමයෝජනා බාරගැනිම අද දිනයේ සිට ලබන 19 වන දින දහවල් 12.00 දක්වා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිදු කෙරෙනු ඇති. එමෙන්ම නාමයෝජනා බාර ගැනිමේ කාලසීමාව තුළ නාමයෝජනා බාර ගන්නා ස්ථානයන්හි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර […]


Mar
12

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


Mar
11

on arrival වීසා පහසුකම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

Generic placeholder image

විදේශිකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබූ on arrival වීසා පහසුකම කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරවල යෙදීමෙන් හැකිතාවක් වළකින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය මගින් ගෙන යනු ලබන නිරෝධායන ක්‍රියාවලිය […]


Mar
11

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී මත්පෙති තොගයක් හමුවෙයි

Generic placeholder image

රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂ අනූ හත් දහස් පන්සීයක් (1,35,97,500 ) ක වටිනාකමකින් යුත් මත්පෙති තොගයක්, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෙල්ජියමේ සිට කොළඹ, මරදාන ප්‍රදේශයේ ලිපිනයකට මෙම පාර්සලය එවා ඇති අතර පාර්සලය මාස 05 ක පමණ කාළයක් භාර ගැනීමට කිසිවෙකු නොමැතිව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී […]


Mar
11

කුකුළු මස් වලට උපරිම සිල්ලර මිලක්

Generic placeholder image

කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සම රහිත කුකුල් මස් කිලෝවක් අලෙවි කළ යුතු වන්නේ රුපියල් 530 ක මුදලකටයි. සම සහිත කුකුළු මස් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 430ක් ලෙස නියම කර තිබෙනවා. මෙම මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන […]


Mar
11

පළමු ශ්‍රී ලාංකික කොරෝනා ආසාධිතයා මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වෙයි

Generic placeholder image

නව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටින් හමුවූ පළමු ශ්‍රී ලාංකිකයා කොට්ටාව, මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔහු සංචාරක උපදේශකවරයෙකු ලෙස සේවය කර ඇති අතර රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. කෙසේවෙතත් මේ වන විට […]


Mar
11

දීපිකාටත් කොරෝනා බියක්

Generic placeholder image

ප‍්‍රංශයේ සුප‍්‍රකට ඇදුම් විලාසිතා ආයතනයක් වන Louis Vuitton ආයතනය විසින් පවත්වනු ලබන ඉහළම පෙලේ ඇදුම් විලාසිතා ප‍්‍රදර්ශනයට සහභාගි වීමට සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ට ඇරයුම් කර තිබෙනවා. ඒ ඔවුන්ගේ අලුත්ම ඇදුම් ඉදිරිපත් කරන නිරූපණ ශිල්පිනියක් ලෙස පෙනී සිටින ලෙසයි. මෙම ප‍්‍රදර්ශනය මාර්තු 03 වනදා සිට සතියක් ප‍්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත් මේ දින […]


Mar
11

උදයංග වීරතුංග යලි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අදාල නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැදවනු ලැබුවා. ඒ අනුව උදයංග වීරතුංග මහතා ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.


Mar
11

ආරුමුගන් තොණ්ඩමන් පොහොට්ටුවෙන් මහ මැතිවරණයට

Generic placeholder image

එළඹෙන මහ මැතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග සන්ධාන ගත වී මහ මැතිවරණය සදහා තරග කිරිමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ඉදිරියේ ආරුමුගන් තොණ්ඩමන් මහතා නාම යෝජනා පත්‍රය අත්සන් කල අතර, එම නාම යෝජනා පත්‍රය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් […]


Mar
11

කොරෝනා වැළදී මියගිය සැමියාගේ දේහය සමග නිවසේ ජිවත් වන කාන්තාව

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකුගේ දේහයත් සමග ජිවත්වන කාන්තාවක් ගැන පුවතක් ඉතාලියෙන් වාර්තා වනවා. නිරෝධාන ක්‍රියාවලිය හේතුවෙන් එම දේහය මේ දක්වා ඉවත් කිරිමට හැකියාවක් නොමැති වී ඇති බව මෙම සිදුවීම වාර්තා වන ඉතාලියේ, Borghetto Santo Spirito ප්‍රදේශයේ නගරාධිපතිවරයා කියා සිටියා. කොරෝනා වෛරසය ආසාධනය වූ මෙම පුද්ගලයා රෝහල් ගතවීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ හේතුවෙන් […]


Mar
11

වරෙන්තු නිකුත් කර තිබූ ජනාධිපති කොමිසමේ ලේකම්වරිය මහාධිකරණයට භාරවෙයි

Generic placeholder image

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්. කේ. වීරසිංහ මහත්මිය අද (11) සිය නීතිඥවරුන් මාර්ගයෙන් මහාධිකරණයට භාර වී තිබෙනවා. නිතිඥ සෙනරත් ජයසුන්දර මහතා මගින් අදාල ලේකම්වරිය අද දහවල් විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආධිත්‍යය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට […]


Mar
11

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට රැස්වෙයි

Generic placeholder image

පවතින දේශපාලන තත්ත්වය පිළිබදව තීන්දුවක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකා සභාව හෙට (12) පස්වරුවේ රැස්වෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසුවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. වත්මන් දේශපාලන තත්ත්වය, රට හමුවේ ඇති අභියෝග පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එහිදී වැඩිදුරටත් […]


News Articles
Latest Videos
Most Popular Post