ඉතාලියේ සියලු පාසල් වාසා දැමිමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ එරට වේගයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තිය වීම හේතුවෙන්. ඒ අනුව අද සිට දින 10 ක කාලයක් එරට සියලු පාසල් වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ඉතාලිය තුළ මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 107ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 3089 දෙනෙකු වාර්තා වෙනවා.
දිවයිනේ මධ්‍යම පළාතේ සහ රත්නපුර,ගාල්ල, මාතර, දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ළකුණු 197 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් බිඳවැටී ළකුණු 196 ක් ලබාගත්තා. ලෙන්ඞ්ල් සිමන්ස් නොදැවී 67 යි. ඔන්ඩ්‍රි රසල් 35 යි. කිරන් පොලාර්ඞ් 34 ක්ද බ්‍රැන්ඩන් කිංග් 33 ක්ද ලබාගත්තා. ලසිත් මාලිංග, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන් […]
ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයේ කාසිය වාසිය දිනාගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වුණා. ඒ අනුව කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර මේ වන විට කොදෙව්වන් කිසිදු එක් කඩුල්ලක් දැවී ලකුණු 74 ක් රැස්කරගෙන තිබෙනවා. තරග පැවැත්වෙන්නේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේයි.
සියත ගොඩ යන ලක්ෂයේ මහ පාරට ගිය පළමු අදියරය පසුගිය සිකුරාදා කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්වුණා. එහිදී කඩුවෙල සුනිල් ලක්ෂයේ ජයග්‍රාහකයා බවට පත්වුණා. අද උදෑසන සියත FM Morning Show තුළින් ගොඩයන ලක්ෂයේ දෙවන අදියරය සම්බන්ධයෙන් රටම දන්න රේඩියෝ ඩබල වන අරවින්ද හා ආශ්චර්යා Facebook live එකක් සමග එක්ව දැනුවත් කිරීමක නිරතව සිටියා. එම අවස්ථාව […]
බ්‍රිතාන්‍යයේ විලියම් සහ කේට් රාජකීය යුවල අයර්ලන්තයේ සංචාරයක් සදහා එක්ව සිටිනවා. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් අනතුරුව රාජකීයයන් අයර්ලන්තයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය බව සදහන්. එමෙන්ම යුවළ ඩබ්ලින් අගනුවර පිහිටි සියවස් ගණනාවක ඉතිහාසයක් ඇති, ගිනස් නම් ප්‍රකට ස්කාගාරයේ සංචාරයක් සදහා ද එක්ව තිබෙනවා. රාජකීයයන් එක්වූ මෙම විශේෂ අවස්ථාව සංවිධානය කර තිබුණේ අයර්ලන්තයේ බ්‍රිතාන්‍ය තානාපති රොබින් […]
බැඳුම්කර වංචාවට අදාලව රවී කරුණානායක, අර්ජුන් ඇලෝසියස් ඇතුළු 12 දෙනාට විදෙස් ගතවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව වරෙන්තු නිකුත් කිරීම ගැන තීන්දුව අනිද්දා(06) ලබාදීමට නියමිත බව සදහන්.
ඉතාලියේ ගතවූ පැය 24 තුලදී කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉතාලියේ පමණක් මේ වන විට වෛරසය ආසාධිත රෝගීන් 2502ක් සිටින බව එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කළා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහල යාමත් සමග ඉතාලි රජය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව වයස අවුරුදු 75 ට වඩා වැඩි පුද්ගලයින්ට නිවෙස් තුලටම […]
රුපියල් දෙකෝටි 44 ලක්ෂ 89,480ක වටිනාකමින් යුත් රත්‍රං තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ තීරුබදු රහිත වෙළඳ සංකීර්ණයේ සේවයේ නිරත දංඕවිට සහ රාගම ප්‍රදේශවල පදිංචි 25 සහ 26 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව සදහන්. ඔවුන් මෙම රත්‍රං තොගය ගුවන් තොටුපලේ නීතිවිරෝධී අයුරින් පිට […]
හැඳල ලාදුරු රෝහල මෙරට ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසය පිළිබඳව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වුණා. එහිදී ගනු ලැබූ තිරණයකට අනුව කොරෝනා වෛරසය සීඝ්රයෙන් පැතිරෙන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියළු මගීන් දින […]
එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුකළ බව පැවසෙන අක්රමිකතාවයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ අද ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුකළ බව පැවසෙන අක්රමිකතාවයකට අදාළව ශ්‍රී […]
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඒ ඒ දිස්ත්‍රික්කවලින් තෝරා පත්කර ගන්නා මන්ත්‍රි සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ අනුව වැඩිම මන්ත්‍රීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්කර ගැනීමට නියමිත අතර එම සංඛ්‍යාව 19කි. මීට අමතරව නාම යෝජනා පත්රයකට ඇතුළත්විය යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව හා ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල පිළිබඳවත් එම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට […]