News Line| Off Air
Generic placeholder image

Feb
26

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අද (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී යි.


Feb
26

රන්ජන් රාමනායකට ඇප

Generic placeholder image

අධිකරණ විනිසුරුවරුන් සමඟ දුරකථන සංවාදවල නිරත වීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.


Feb
26

සමගි ජන බලවේගය එළිදැක්වීම ලබන 02 වනදා

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර අතර කොළඹදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අනුව සමගි ජන බලවේගය, ලබන මස දෙවනදා කොළඹදී එළිදක්වන බව පාර්ලිමේන්තු සංකීර්ණයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා. මෙම මාධ්‍ය හමුවට […]


Feb
26

2 වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් පිළ මුලින් පන්දු යැවීමට තීරණය කරයි

Generic placeholder image

බටහිර ඉන්දීය කොදෙව් කන්‍ඩායමට එරෙහි 2 වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුව පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 02 දැවී ලකුණු 11 ක් ලබාගෙන තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ සූරියවැව ක්‍රීඩාංගණයේයි.


Feb
26

දිවයිනේ ඡන්ද දායකයින් ගණන ඉහළට

Generic placeholder image

මෙරට ඡන්ද දායකයින් සංඛ්‍යාව 271,789 කින් වැඩි වී තිබේ. ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ, 2019 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙරට ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුපහක් බවයි. එය 2018 වසරේ පැවතියේ එක් කෝටි පනස්නම ලක්ෂ අනුහයක් ලෙසයි. මෙවර ද මෙරට වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සිටින දිස්ත්‍රික්කය බවට පත් ව ඇත්තේ […]


Feb
26

පළාත් දෙකකට අධික උණුසුමක්

Generic placeholder image

වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ මන්නාරම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. මෙම ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “ වැඩි අවධානය“ යොමු කළ යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල […]


Feb
25

පාන් මිල 05කින් පහලට

Generic placeholder image

පාන් ගෙඩියක මිල රුපියල් 05කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් අඩු වන බව එම සංගමය සඳහන් කළේය.


Feb
25

රාජගිරියේ වගුරු බිමක ගින්නක්

Generic placeholder image

රාජගිරිය, බුත්ගමුව පෙරේරා මාවගේ වගුරු බිමක ගින්නක් හට ගෙන ඇති බව පොලීසිය පවසයි. ගින්න පාලනය කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් පිටත් කර යවා තිබේ. ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ ද මේ වන විට පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.


Feb
25

හෙට ජාඇල අවට ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

Generic placeholder image

ජා ඇල, කටුනායක, සීදුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (26) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 09.00 සිට බ්‍රහස්පතින්දා අළුයම 03.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේය. ජා ඇල සහ කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශ, ජා ඇල – […]


Feb
25

ලෝකයම කොරෝනා වසංගතයට සුදානම් විය යුතුයි – ලෝක සෞඛ්‍ය සංවිධානය

Generic placeholder image

කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා ලෝකයම සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වසංගත තත්ත්වයක් පිළිබඳ හැදින්වීමට ඉක්මන් වැඩි වුව ද රටවල් එවැනි තත්ත්වයකට මුහුණදීම සඳහා සූදානම්වීම වැදගත් වන බවයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෛරසය පහසුවෙන් බෝවිය හැකි බැවින් එය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.


Feb
25

අදත් ප්‍රදේශ රැසකට වැසි

Generic placeholder image

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වයඹ පළාතේත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා […]


Feb
24

කොවිඩ් නයින්ටීන් නිසා මියගිය ගණන 2467 දක්වා ඉහළට

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට පුද්ගල මරණ 2467ක් සිදුව තිබේ. මේ අතර වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඉතාලියේ සුප්‍රකට වැනිස් සැණකෙළිය අතරමඟ නවතා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ. චීනයේ වුහාන් නඟරයෙන් ඇරඹි නව කොරෝනා වෛරසය අද වන විට යුරෝපය ගිල ගනිමින් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. යුරෝපයේ වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් […]


News Articles
Latest Videos
Most Popular Post