සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙහි වසර කිහිපයක් තිස්සේ කිසිදු ජාත්‍යන්තර තරගයක් පවත්වා නොමැති අතර, වසර හතරකට පසු පවත්වන ලද ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (26) එම ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා. මෙහි දී ක්‍රීඩාංගන පරිශ්‍රයට පැමිණි ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ප්‍රවේශපත් කවුළු අසල දී කිසියම් ප්‍රහාරයකට ලක්ව […]
රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාවට අනුව 2018 වර්ෂයේදී ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන සඳහා සම්මාන පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ හා කථානායක කරූ ජයසූරිය ගේ සභභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට(28) සිදු කිරීමට නියමිතයි. 2018 මුදල් වර්ෂයට අදාළ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාව 2020.02.18 වන දින පාර්ලිමේන්තුවේ සභාගත […]
තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට යෝජිත කැළණිවැලි දුම්රිය මාර්ගය හේතුවෙන් නිවාස අහිමිවන ජනතාවට වන්දි වශයෙන් ඔවුන්ට පදිංචි වීම සදහා නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙලෙහි පළමු අදියර අද (27) ආරම්භ වුණා. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස 70 ක් ලබාදිම වෙනුවෙන් එම නිවාස හිමිකරුවන් වෙත යතුරු සහ ඔප්පු ප්‍රදානය කිරීම අද දින පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් […]
ලොව පුරා ඉතාමත් කැපී පෙනන වේගයකින් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ආසාදනයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 2800 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පාකිස්තානය, නෝර්වේ, ජෝර්ජියාව ,රුමේනියාව ,ඩෙන්මාර්කය සහ උතුරු මැසිඩෝනියාව, කොරෝනා ආසාදිතයින් වාර්තා වූ අලුත්ම රාජ්‍යයන් වනවා. මේ අතර ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනා කොරෝනා වෛරසය වැළදී නොමැති බවට තහවුරු වීම හේතුවෙන් ඉන්දියාව […]
බටහිර ඉන්දීය කොදෙව් කන්‍ඩායමට එරෙහි 2 වන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 02 දැවී ලකුණු 186 ක් ලබාගෙන තිබෙනවා. කුසල් මෙන්ඩිස් ලකුණු 81 ක් රැස්කරගෙන සිටින අතර අවිශ්ක ෆනෑන්ඩෝ මේ වන විට ලකුණු 84 ක් රැස්කරගෙන තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ සූරියවැව ක්‍රීඩාංගණයේයි.
ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව යළිත් මාර්තු මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. ගුවන් හමුදාවට මිග් යානා මිලඳී ගැනීමේදී සිදුවූ […]
ගුරු ,විදුහල්පති වෘත්තිය සමිති 18ක් හෙට සිට පාසල් කාලය තුළ ඉගැන්වීම් කටයුතු පමණක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. ගුරු සහ විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය අසල ගුරු – විදුහල්පති වෘත්තීය සමිති විරෝධතාවක ද නිරත වූ […]
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අද (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී යි.
අධිකරණ විනිසුරුවරුන් සමඟ දුරකථන සංවාදවල නිරත වීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර අතර කොළඹදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අනුව සමගි ජන බලවේගය, ලබන මස දෙවනදා කොළඹදී එළිදක්වන බව පාර්ලිමේන්තු සංකීර්ණයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා. මෙම මාධ්‍ය හමුවට […]
බටහිර ඉන්දීය කොදෙව් කන්‍ඩායමට එරෙහි 2 වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුව පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 02 දැවී ලකුණු 11 ක් ලබාගෙන තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ සූරියවැව ක්‍රීඩාංගණයේයි.
මෙරට ඡන්ද දායකයින් සංඛ්‍යාව 271,789 කින් වැඩි වී තිබේ. ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ, 2019 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙරට ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුපහක් බවයි. එය 2018 වසරේ පැවතියේ එක් කෝටි පනස්නම ලක්ෂ අනුහයක් ලෙසයි. මෙවර ද මෙරට වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සිටින දිස්ත්‍රික්කය බවට පත් ව ඇත්තේ […]