News Line| Off Air
Generic placeholder image

Feb
28

බැතිමතුන් හමුවීමට ගිය පාප් වහන්සේත් අසනීප තත්ත්වයක

Generic placeholder image

ඇතිව තිබෙන සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් අති උතුම් ෆ්රැන්සීස් ශුද්ධෝත්තම පාප්වහන්සේ අද දිනයේදී රෝමයේ පැවැත්වීමට සුදානම් කර තිබු දේව මෙහෙයට සහභාගී වී නොමැති බව වාර්තා වනවා. නව කොරෝනා වෛරසයෙන් පිඩා විදින ජනතාවට සහයෝගය පළ කරන බවට උන්වහන්සේ ඉකුත්දා බැසිලිකාවේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කර ඇති අතර උන්වහන්සේ ජනතාව අතරට යමින් ඔවුන්ට ආශිර්වාද […]


Feb
28

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Generic placeholder image

ලොව කිසිදු රටක් කොරෝනා වෛරස් අවදානමෙන් ගැලවී නොමැති අතර, කිසියම් රටක් එසේ සිතා සිටින්නේ නම් එය මාරාන්තික අත්වැරැද්දක් විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්රෙයිසස් අනතුරු අගවනවා. කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස් ආසාදිතයන් ලොව පුරා වාර්තා වන අතරතුර ඔහු මේ බව කියා සිටියා. එමෙන්ම, මේ වන විට චීනයෙන් පිටත නව ආසාදිත සංඛ්‍යාව […]


Feb
28

සියත ගොඩ යන ලක්ෂයේ තවත් අදියරයක් අද

Generic placeholder image

සියත ගොඩ යන ලක්ෂය වැඩසටහනේ තවත් අදියරක් අද පැවැත්වෙනවා. ඒ කොළඹ කොටුව දුම්රියපොල පරිශ‍්‍රයේ දීයි. පස්වරු 05 .00 සිට මෙම වැඩසටහන පැවැත්වෙනවා. එහිදී ඔබටත් ගොඩ යන ලක්ෂය වැඩසටහන සදහා සහභාගී විය හැකියි. එහිදී ඔබ කල යුත්තේ අප සතුව ඇති ලියුම් කවර පහෙන් රුපියල් ලක්ෂය සහිත ලියුම් කවරය තෝරා ගැනීමයි. ජයග‍්‍රාහකයින්ට ඒ මොහොතේම මුදල් ත්‍යාගය ලබා […]


Feb
27

ඉරානයේ උප ජනාධිපතිවරියටත් කොරෝනා වැලදෙයි

Generic placeholder image

ඉරානයේ උප ජනාධිපතිවරිය වන Masoumeh Ebtekar හටද නව කොරෝනා වෛරසය වැලදී ඇති බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කළා. ඊයේ දිනයේදී පැවති කැබිනට් රැස්වීමේදී උප ජනාධිපතිවරිය ජනාධිපති හසන් රුහානි සමග එක ලඟ අසුන් ගෙන සිටිය බවට ද එරටින් ලැබෙන වාර්තා වල දැක්වෙනවා. කොවිඩ් නයින්ටීන් හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය මේ වනවිට ඇන්ටාක්ටික් මහාද්වීපය හැර අනෙකුත් […]


Feb
27

Update – සී.සී.ටී.වී. ගැලවූ සිසුන්ගෙන් 12 කට ඇප

Generic placeholder image

කැලණිය විශ්වවිද්‍යාලයේ සී.සී.ටී.වී. කැමරා බලහත්කාරයෙන් ගැලවීමේ සිද්ධියට අදාළව විශ්ව විද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන් ඇතුළු සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඊට විරෝධය පළ කරමින් එහි මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද විරෝධතාවක් ද පැවැත්වුණා. ඒ සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන් ඇතුළු සිසුන් 16 දෙනෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් […]


Feb
27

කැළණිය විශ්ව විද්‍යාලයේ සී.සී.ටී.වී ගැලවූ සිසුන් 16 ක් අත්අඩංගුවට

Generic placeholder image

කැළණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ තිබූ සී.සී.ටී.වී කැමරා පද්ධතිය ගලවා ඉවත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 16 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරට හිමි නමක් ද අයත් වනවා. කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා ගණන පාස්කු ප්‍රහාරයෙන් පසු තවදුරටත් වැඩිකිරීමට එහි පාලනාධිකාරිය පියවර ගත් අතර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊට දැඩි විරෝධයක් පළ කළ […]


Feb
27

ඉරානයේ කොරෝනා මරණ 26 දක්වා ඉහළට

Generic placeholder image

නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය ආසාධනය වීමෙන් ඉරානය තුළ සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24 තුළදී එරටින් නව ආසාධිතයන් 106 දෙනෙකු වාර්තා වී ඇති අතර සමස්ත ආසාධිතයන් ගණන 245 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. මේ අතර අද දිනයේදී මහා බ්‍රිතාන්‍යයෙන් තවත් ආසාධිතයන් දෙදෙනෙකු හමුවී ඇති […]


Feb
27

කටු පොල් වගාව නතර කිරීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Generic placeholder image

කටු පොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නා. ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්වීමට සහභාගී වීමට යන අතරවාරයේදී මග දෙපස රැස්ව සිටි ජනතාවගෙන් ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසා ඇති අතර එහිදී කටු පොල් වගාවෙන් සිදුවන හානිය පිළිබඳ ඔවුන් ජනාධිපතිවරයා දැනුවත් […]


Feb
27

කොදෙව්වන්ට එරෙහි T20 තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Generic placeholder image

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.


Feb
27

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ලබන 12 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී 2010 වසරේ සිට වසර 5 ක කාලයක් තුළ රුපියල් තිස් කෝටි හැට දෙලක්ෂයක් වටිනා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අදාළවයි. සැකකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර […]


Feb
27

පොලිස්පති උපකාරක මැදිරිය යළි ආරම්භ කරයි

Generic placeholder image

පොලිස්පති උපකාරක මැදිරිය යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන මස 3 වනදා සිට එම සේවය යලි ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය නිවේනය කළා. එය ස්ථාපිත කර ඇත්තේ පොලිස් මූලස්ථානයේ බිම් මහලේ පිහිටි භාෂා සහයක මැදිරියේයි. මේ අනුව මහජනතාවට කිසියම් ගැටලුවක් ඇත්නම් ලබන මස 3 වනදා සිට පොලිස්පති උපකාරක මැදිරිය වෙත එය දැනුම්දීමේ හැකියාව […]


Feb
27

විදේශිකයින්ට මක්කම වන්දනාව තාවකාලිකව අත්හිටුවයි

Generic placeholder image

ආගමික හා වන්දනාමාන කටයුතු සඳහා විදේශිකයින්ට සෞදි අරාබියාවේ මක්කම ඇතුළු ඉස්ලාමීය සිද්ධස්ථාන වෙත පැමිණිමට ලබාදී තිබූ අවස්ථාව තාවකාලිකව අත්හිටුවිමට අරාබියානු රජය තීරණය කර තිබෙනවා. ලොව පුරා රටවල් රැසක නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞදි රජය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉස්ලාමිය බැතිමතුන් මිලියන ගණනක් මක්කම මෙදිනා ඇතුළු සිද්ධස්ථාන වන්දනාමාන කිරිමට […]


News Articles
Latest Videos
Most Popular Post