වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ මන්නාරම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. මෙම ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “ වැඩි අවධානය“ යොමු කළ යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල […]
පාන් ගෙඩියක මිල රුපියල් 05කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් අඩු වන බව එම සංගමය සඳහන් කළේය.
රාජගිරිය, බුත්ගමුව පෙරේරා මාවගේ වගුරු බිමක ගින්නක් හට ගෙන ඇති බව පොලීසිය පවසයි. ගින්න පාලනය කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් පිටත් කර යවා තිබේ. ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ ද මේ වන විට පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
ජා ඇල, කටුනායක, සීදුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (26) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 09.00 සිට බ්‍රහස්පතින්දා අළුයම 03.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේය. ජා ඇල සහ කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශ, ජා ඇල – […]
කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා ලෝකයම සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වසංගත තත්ත්වයක් පිළිබඳ හැදින්වීමට ඉක්මන් වැඩි වුව ද රටවල් එවැනි තත්ත්වයකට මුහුණදීම සඳහා සූදානම්වීම වැදගත් වන බවයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෛරසය පහසුවෙන් බෝවිය හැකි බැවින් එය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වයඹ පළාතේත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා […]
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට පුද්ගල මරණ 2467ක් සිදුව තිබේ. මේ අතර වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඉතාලියේ සුප්‍රකට වැනිස් සැණකෙළිය අතරමඟ නවතා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ. චීනයේ වුහාන් නඟරයෙන් ඇරඹි නව කොරෝනා වෛරසය අද වන විට යුරෝපය ගිල ගනිමින් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. යුරෝපයේ වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් […]
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර-හම්බන්තොට අධිවේගී මාර්ග දිගුවේ මාතර සිට බරවකුඹුක කොටස අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ගමනාගමනය සඳහා විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව කටුනායක සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට කොළඹ දක්වා මගී ප්‍රවාහන කටයුතු හෙට (25) සිට ආරම්භ වීමට […]
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 සැසිවාරය අද (24) ආරම්භ වෙයි. අද දිනයේ සිට ලබන මාර්තු 20 වන දින දක්වා ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සැසිවාරය පැවැත්වීමට නියමිතයි. මෙවර මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික කරුණු දැක්වීමක් සිදුකිරීමට නියමිතව තිබේ. එම කරුණු […]
නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව ස්ථාන කීපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. උතුරු මැද, වයඹ, […]
නෝර්ටන් බී‍්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ කෙසෙල්ගමු කන්ද ප්‍රදේශයේ දිය නාමින් සිටි පිරිසකට අද පස්වරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් තුවාල ලැබූ 17 දෙනෙකු නෝර්ටන් බී‍්‍රජ් වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව සදහන්. බඹර ප්‍රහාරයට ලක්වූ මෙම පිරිස බිංගිරිය ප්‍රදේශයේ සිට ශ්‍රීපාද වන්දනාවේ පැමිණ නැවත නිවෙස් බලා […]
දින 3ක් තිස්සේ ක්‍රියාත්මක කළ වර්ජනය නවතා දැමීමට සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. අද දහවල් විෂය භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් වර්ජනය නැවැත්වූ බව සදහන්. වනජීවි නිලධාරීන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ දැනට ලබාදෙන අතිකාල දීමනා පැය ගණන 150ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින්. අද පැවති […]