News Line| Off Air
Generic placeholder image

Feb
11

වැසි තත්වයේ තරමක වැඩිවීමක්

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් තරමක වැසි තත්වයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව දීස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන්. එමෙන්ම උතුරු,නැගෙනහිර, උතුරු මැද සහ දකුණු පළාත් වලත් සුළඟේ වේගය පැ.කි.මී. 50 ඉක්ම විය හැකි බවයි වාර්තා වන්නේ.


Feb
10

මත්ද්‍රව්‍ය වැටලීමට ප්‍රමුඛතාවයක් දෙන බව STF නව ප්‍රධානියා කියයි

Generic placeholder image

පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 වන අණ දෙන නිලධාරියා ලෙස පත්වූ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා අද සිය ධුරයේ වැඩ භාරගත්තා. එම බලකායේ හිටපු අණ දෙන නිලධාරී එම්.ආර් ලතීෆ් මහතා එම ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟ පොලිස් කොමිසම විසින් නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ පත් කිරීම සඳහා අනුමැතිය ලබාදුන්නා. එම්.ජී ලයනල් ගුණතිලක මහතා 1985.01.20 වන දින […]


Feb
10

ඩයමන්ඩ් ප්‍රින්සස් හි කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ඉහළ යයි

Generic placeholder image

ජපන් මුහුදු සීමාවේ රඳවා තබා ඇති සුඛෝපභෝගී ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේදී හඳුනා ගැණුනු නව කොරෝනා ආසාධිතයින් ගණන 136 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයන් 66 දෙනෙකු අද දිනයේදී හමුවීමත් සමගයි. කාර්යය මණ්ඩල සාමාජිකයින් ද ඇතුළුව නෞකාවේ සිටින මුළු පිරිස 3700 ක් බව සදහන්. එමෙන්ම එම නෞකාවේ සිටින වයස අවුරුදු 80 ට වැඩි අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් […]


Feb
10

ජනපති හදිසි විමර්ශනයක් සඳහා වැලිකඩ මැගසින් බන්ධනාගාරයට

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි විමර්ශන චාරිකාවක් සඳහා මේ වනවිට වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා.


Feb
10

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මීට සුලු මොහොතකට පෙර අවසන් වුණා. පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වුණා. රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුජීව සේමසිංහ මහතා කියා සිටියේ සන්ධානයේ මහලේඛම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාව ඒකමතිකව පත්කරගත් බවයි. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සදහා පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද […]


Feb
10

STF නව අණදෙන නිලධාරී ලයනල් ගුණතිලක වැඩ භාර ගනියි

Generic placeholder image

පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 වන අණ දෙන නිලධාරියා ලෙස පත්වූ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක අද සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. එම බලකායේ හිටපු අණ දෙන නිලධාරී එම්.ආර්. ලතීෆ් එම ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟ පොලිස් කොමිසම විසින් නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකගේ පත් කිරීම සඳහා අනුමැතිය ලබාදුන්නා.


Feb
10

මෙවර ඔස්කාර් සම්මානලාභී හොදම නළුවාගේ සංවේදී කතාව

Generic placeholder image

2020 ඔස්කාර් සම්මාන උළෙලේ හොදම නළුවාට හිමි සම්මානය ජෝකර් චිත‍්‍රපටයේ නළුවා ලෙස කවුරුත් දන්නා ඔකීන් ෆීනික්ස්ට හිමිවුණා. ඔකීන් ෆීනික්ස් හොදම නළුවාට හිමි සම්මානය ලබාගත් අවස්ථාවේදී ඉතාම සංවේදී මෙන්ම හරවත් කතාවක් ඉදිරිපත් කළා. එහිදී ඔහු මෙලෙස පැවසුවා. මම හිතනවා අපි මිනිස්සු විදියට සොබාවික පරිසරයෙන් වෙන් වෙලා කියලා. විශ්වයේ හරි මැද අපි කියලා හිතාගෙනයි අපි වැඩ කරන්නේ. […]


Feb
10

ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් ශ්‍රී ලංකාවෙන්

Generic placeholder image

සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන ලද ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් දියඹට මුදා හැරීම අද(10) සිදු කෙරුණා. මෙම යාත්‍රාවේ පරීක්‍ෂණ චාරිකා වාරයක් සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාද සහභාගි වී තිබෙනවා. දේශීය නිශ්පාදකයෙකු වන සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් නිශ්පාදනය කරන ලද මෙම අති නවීන ගිණි […]


Feb
10

කොරෝනා වෙනුවෙන් චීන මහ බැංකුව ඩොලර් බිලියන 43 ක් මුදාහරී

Generic placeholder image

කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා චීන මහ බැංකුව ඩොලර් බිලියන 43ක මුදලක් මුදා හැරීමට තීරණය කර තිබෙනවා. එහි පළමු කොටස අද නිදහස් කිරීමට පියවර ගත් බව එරට වාර්තා සඳහන් කළා. කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 909 දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 40,171 ක් වනවා. ගතවූ පැය 24 තුළ චීනයේ හුබෙයි […]


Feb
10

තරුණ පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා භාරගැනීම හෙට සහ අනිද්දා

Generic placeholder image

ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (11) සහ අනිද්දා (12) සිදුකරන බව ජාතික තරුණ සේවා සභාව පවසනවා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල එම නාම යෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරෙන අතර 011 2 842 774 යන දුරකතන අංකය ඔස්සේ ඒ පිළිබඳ විමසීම් කළ හැකියි. ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ මැතිවරණය ලබන 22 වනදා පැවැත්වීමට නියමිතයි. තරුණ […]


Feb
10

කියාරා එක්සත් රාජධානිය කළඹයි

Generic placeholder image

කියාරා සුළි කුණාටුවෙන් එක්සත් රාජධානියට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. කුණාටුවත් සමඟ එරටට තද වැසි ඇදහැලෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන්. කියාරා සුළි කුණාටුව මේ වන විට එක්සත් රාජධානිය හරහා පැයට කිලෝමීටර් 150ක පමණ වේගයකින් හමා යයි. එහි බලපෑමෙන් එංගලන්තයේ ප්‍රදේශ රැසකට සහ වේල්සයට තද වැසි ඇදහැලෙමින් තිබෙනවා. මේ හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති බව […]


Feb
10

කොරෝනා යැයි තහවුරු වන රෝගීන්ගේ අඩුවක්

Generic placeholder image

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වන රෝගීන්ගේ විශාල අඩුවක් හුබෙයි පළාතෙන් හැරෙන්නට චීනයේ අනෙකුත් පළාත්වලින් වාර්තා වන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලිජියෑන් ශාඕ සඳහන් කරනවා. හුබෙයි පළාතෙන් පිටතදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් 444 ක් පෙබරවාරි 9 දා වාර්තා වූ බව සිය ට්විටර් […]


News Articles
Latest Videos
Most Popular Post