News Line| Off Air
Generic placeholder image

Feb
12

කොවිඩ් 19 ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව තව දුරටත් ඉහලට

Generic placeholder image

නව කොරෝනා වෛරසය කොවිඩ් නයින්ටීන් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා. වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1115 කට අධිකයි. නව කොරෝනා නියුමෝනියාව හේතුවෙන් මියගිය ගණන 1113ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ අලුතින් වාර්තා වූ මරණ 97ත් සමගයි. නව මරණ සියල්ලම වාර්තා වන්නේ චීනයෙන්. ලොව පුරා ආසාදිතයින් […]


Feb
12

චීනයේ වූහාන් සිට පැමිණි සිසුන් 16 වැනිදාට මුදා හරියි

Generic placeholder image

චීනයේ වූහාන් සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන මේ වන විට දියතලාව යුද හමුදා කඳවුරේ දින 14ක නිරෝධායන කරන සිසුන් 33 දෙනා එළැඹෙන ඉරිදා දිනයේදී මුදා හැරිමට හැකිවෙනු ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරාවීර මහතා ප්‍රකාශ කළා. සිසුන් පෙබරවාරි 01 දා ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් අතර ඔවුන්ගේ නිරෝධායන දින 14 සෙනසුරාදා අවසන් […]


Feb
12

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

දිවයිනට වයඹ, බස්නාහිර, දකුණු හා ගිනිකොණ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මන්නාරම සිට පුත්තලම හරහා ‍කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50-60 දක්වා වැඩි විය හැකි අතර […]


Feb
12

විමල්ගේ අල්ලස් නඩුවට දින නියම කෙරේ

Generic placeholder image

රුපියල් මිලියන හැත්තෑ පහකට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද දින නියම කළා. එම නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව […]


Feb
12

ඔක්සිජන් එපා කියන ජනතාවක්

Generic placeholder image

වනජීවි දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හා පැවැති හමුවකදී මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සදහන් කලේ දරුවන්ට ක්‍රීඩා පිටියක් සදහා භුමියක් වෙන් කර දෙන ලෙසයි. එහිදී වනජීවි දෙපාර්තුමේන්තුවේ නිලධාරීනිය සදහන් කලේ ගම්පහ දිස්ත්‍රික්කයේ අඩුම වන ගණනය වන 1.6 % ප්‍රමාණයක් පවතින බවයි. විශේෂයෙන්ම සිය දෙපාර්තුමේන්තුවට එයිනුත් තිබෙන්නේ අක්කර 18 ක් පමණක් බවත් තව දුරටත් වනාන්තර එලි කිරීම් සහ අනවසර […]


Feb
12

දිල්ලි ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ ජය ආම් ආද්මි පක්ෂයට

Generic placeholder image

ඉන්දියාවේ දිල්ලි ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ ජය තහවුරු කර ගැනීමට ආම් ආද්මි පක්ෂය සමත් වී තිබෙනවා. ඒම පක්ෂයේ නායකයා වන්නේ අර්වින්ද් කේජ්රිවාල්ය. ඒ අනුව එම පක්ෂය විසින් දිල්ලි ව්‍යවස්ථාදායක සභාවේ ආසන 70 න් 62 ක විශිෂ්ට ජයක් හිමි කර ගෙන ඇති අතර ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසය කිසිදු ආසනයක් දිනා නොගැනීම විශේෂත්වයකි.


Feb
12

අධික උෂ්ණත්වය හේතුවෙන් වායුගෝල දුවිලි අංශු ප්‍රමාණය ඉහලට

Generic placeholder image

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වායුගෝලයේ දුවිලි අංශු ප්‍රමාණය තවදුරටත් ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් දරුවන් හතිය වැනි රෝගී තත්වයන්ට ලක් වීමේ අවධානමක් ඇති බව සදහන් කරන සෞඛ්‍ය අංශ පවසන්නේ ඒ නිසා දරුවන් හට වැඩි පුර ජලය පානය කිරීමට ලබා දෙන ලෙස දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටින බවයි. එමෙන්ම වැඩිපුර දහදිය පිටවන ව්‍යායාමයන් ගෙන් බොහෝ […]


Feb
12

ත්‍රිවිධ හමුදා පොදු සමාකාලය අදින් අවසන්

Generic placeholder image

සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදී තිබෙන පොදු සමාකාලය අද දිනයෙන් අවසන් වන බව හමුදා මූලස්ථානය සඳහන් කරනවා. ඒ අනුව සේවය හැරගිය පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම හෙට දින සිට නැවත ක්‍රියාත්මක කරන බවද එම මුලස්ථානය වැඩි දුරටත් සදහන් කළා.


Feb
12

මේ වසරේ සිට විභාග අයදුම්පත් කැඳවීම Online ක්‍රමය ඔස්සේ

Generic placeholder image

මේ වසරේ සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන සියලූම පාසල් විභාග සඳහා අයදුම්පත් කැඳවීම (Online) ක්‍රමය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සෑම ශිෂ්‍යයෙක් සඳහාම ශිෂ්‍යත්ව විභාගයේ සිට අනන්‍ය වු ශිෂ්‍ය අංකයක් ලබා දී ඒ තුලින් විෂය බාහිර ක්‍රියාකාරකම් යනා දි තොරතුරු ද පහසුවෙන් ලබා ගත හැකි […]


Feb
12

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Generic placeholder image

කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම මෙහිදී රන්ජන් රාමනායක මහතාගේ හඩපට පිළිබඳව පක්ෂ නායකයින් අතර වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ. එමෙන්ම බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තා සම්බන්ධ විවාදය පිළිබඳව ද අවධනය යොමු කරන බවත් වාර්තාවනවා.


Feb
12

නව කොරෝනා වෛරසයට නිල නාමයක්

Generic placeholder image

චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය, හේතුවෙන් මේ වන විට සිදු වී ඇති මරණ සංඛ්‍යාව 1,017කි. ලොව පුරා ආසාධනය වූ පුද්ගලයින් 43 000 කට ආසන්නයි. එයින් පුද්ගලයින් 42,200 දෙනෙකුම චීන ජාතිකයින්ය. මේ වන විට මෙම නව කොරෝනා වෛරසය හැදින්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල නාමයක් ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම වෛරසය කොවිඞ් නයින්ටීන් (Covid-19) […]


Feb
12

ශ්‍රී ලංකා‍වට ආසන්න ඉන්දියානු සාගර කලාපයේ භූ චලනයක්

Generic placeholder image

අද පාන්දර 2.34 පමණ ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකා‍ වෙරළට ආසන්නයේ භූ චලනයක් ඇතිව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 5.4 ක් ලෙස සටහන් වුන බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා. කෙසේ වෙතත් මේ භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ද එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post