News Line| Off Air
Generic placeholder image

Feb
11

ප්‍රවාහන සේවයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිමට පියවර

Generic placeholder image

ප්‍රවාහන සේවයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිමට අවශ්‍යය කටයුතු සිදුකරන බව දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා සදහන් කළා. රටේ මහ මාර්ග තදබදය අවම කිරිමට මෙන්ම දුම්රිය ප්‍රවාහනය දියුණු කිරිමට ජනතාවගේ දායකත්වයද ලබා ගන්නා බව ඔහු මාධ්‍යය වෙත අදහස් දක්වමින් කියා සිටියා. කෙටි කාලින, මාධ්‍යය කාලින, දිගු කාලින සැලසුම් යටතේ ප්‍රවාහන සේවය දියුණු කිරිමට කටයුතු […]


Feb
11

ගතවූ පැය 24 තුළ කොරෝනා මරණ 103 ක්

Generic placeholder image

නව කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සියයට 20 කින් පමණ පහළ ගොස් ඇති බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම සදහන් කළා. කෙසේ වෙතත් මියගිය සංඛ්‍යාව මේ වනවිට 1018 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් මරණ 103 ක් ගතවූ පැය 24 තුළ වාර්තාවීම විශේෂත්වයක්. එසේම කොරෝනා වෛරසය ආසාදනය වී දිනක් තුළ 100 වැඩි පිරිසක් මියගිය ප්‍රථම අවස්ථාවද මෙය වනවා. […]


Feb
11

‘හදවතට’ රනිල් එකග නොවෙයි

Generic placeholder image

මේ වන විට ලියාපදිංචි කර ඇති ‘අපේ ජාතික පෙරමුණ’ නමැති පක්ෂයේ නම ‘සමගි ජනබලවේගය’ ලෙසින් වෙනස්කිරීමේ යෝජනාවත්, එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාද, ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාද වශයෙන් එහි තනතුරු වෙනස්කිරීමේ යෝජනාවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන තිබෙනවා. එම නව පක්ෂයේ ‘හදවත’ ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරගකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය යෝජනා […]


Feb
11

බලධාරීන්ගේ අනුමැතිය මත ශී‍්‍ර ලංකා යොවුන් කී‍්‍රඩකයින් සවුදිය පුරයි

Generic placeholder image

මෙවර අවසන් වූ යොවුන් ලෝක කුසලානයේ මුල්ම වටයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව තරගාවලියේ දසවැනි කණ්ඩායම බවට පත්වුණා. මෙහිදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමද හොදම කණ්ඩායම් අට අතරට තේරී පත්වීම විශේෂත්වයක්. පසුගිය දිනවල දකුණු අප්‍රිකාවේ යොවුන් ලෝක කුසලානය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් තමන් රැදී සිටි හෝටලයේ සිටම මත්පැන් පානය කළ බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් […]


Feb
11

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයට රෝහණ බැද්දගේ නම්කරයි

Generic placeholder image

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ මහතා නම් කර තිබෙනවා. ඔහුගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අද දිනයේදී පුවත්පත්වල ප්‍රසිද්ධ නිවේදනයක්ද පළකර තිබුණා. ඒ අනුව ලබන 25 වන දිනට පෙර මෙම නම් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඕනෑම අයෙකුට හෝ සංවිධානයකට අවස්ථාව පවතින බව සදහන්. ඒ අනුව […]


Feb
11

වසර 31කට පසු ඉන්දියාව Whitewash වෙයි

Generic placeholder image

තරග තුනකින් හෝ ඊට වඩා වැඩි තරග ගණනකින් සමන්විත එක්දින තරගාවලියකදී වසර 31කට පසුව සියලුම තරග පරාජයට පත්වීමට ඉන්දියාවට සිදුවුණා. ඒ නවසීලන්තයේ සත්කාරකත්වයෙන් නවසීලන්තයේ පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ඉන්දියාව පරාජයට පත්වීමත් සමගින්. අද (11) පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන්ද නවසීලන්ත කණ්ඩායම ඉන්දීය කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් එම තරගාවලියේ සියලු තරග ජය ගත්තා. […]


Feb
11

දැඩි හිරු රශ්මියෙන් පාසල් දරුවන් ආරක්ෂා කරන්න සෞඛ්‍ය බලධාරීන්ගෙන් උපදෙස්

Generic placeholder image

මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය සහ ඒ හේතුවෙන් මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී තිබෙනවා. පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි මූර්ච්ඡාව, හෘද රෝග හා පෙනහලු රෝග වැනි […]


Feb
11

පොදු සමාකාලය යටතේ ත්‍රිවිද හමුදා සාමාජිකයන් 6272 ක් යලි සේවයට

Generic placeholder image

දැනුම්දීමකින් තොරව සේවයෙන් ඉවත්ව සිටි ත්‍රිවිද හමුදා සාමාජිකයන් 6272 දෙනෙකු පොදු සමාකාලය ප්‍රකාශයට පත් කර ගෙවුණු දින 6 තුල යලි සේවයට වාර්තා කර තිබෙනවා. නිළධාරින් 13ක් සහ සෙසු නිලයන් 6259ක් ඒ අතර වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමරත්න මහතා සඳහන් කළා. 72 වන ජාතික නිදහස් දිනයට සමගමීව ප්‍රකාශයට පත් කෙරුනු දින 7ක […]


Feb
11

චීනයේ වනජීවීන් සම්බන්ධ නීතිය සංශෝධනය කිරීමට අවධානය

Generic placeholder image

නව කොරෝන වෛරසයට එරෙහිව චීනය ගෙන යන සටනට සමගාමීව මේ වසරේදී එරට වනජීවීන් ආරක්ෂා කිරිම පිළිබඳ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුව තිබෙනවා. එසේම සත්ත්ව වසංගත වැළැක්වීම සඳහා වන නීති සංශෝධනය කිරීම වේගවත් කරන බව ජාතික මහජන කොංග්‍රසයේ (එන්පීසී), ස්ථාවර කමිටුවේ, ව්‍යවස්ථාදායක කටයුතු කොමිෂන් සභාවේ නිලධාරියෙකු වන වැන්ග් රුයිහේ බීජිංහි පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. වන සතුන් […]


Feb
11

අමෙරිකාවේ නිපදවූ ලොව විශාලතම මල් වෙඩිල්ල

Generic placeholder image

ලොව විශාලතම මල් වෙඩිල්ල අමෙරිකාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා. එය ඉකුත් දා කොලරාඩෝ ප්‍රාන්තයේදි උඩු ගුවනට මුදා හැර ඇති අතර බරින් කිලෝ ග්‍රෑම් 1,270 ක් වූ එම මල් වෙඩිල්ලේ විශ්කම්භය මීටර් 1.57 ක් බව සදහන්. මීට පෙර ලොව විශාලතම මල් වෙඩි වෙඩිල්ල ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබුණේ කිලෝ ග්‍රෑම් 1,087 ක බරින් යුතුව එක්සත් […]


Feb
11

පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමක් හෙට

Generic placeholder image

පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තුවේ ඉදිරි සතිය සම්බන්ධයෙන් වන න්‍යාය පත්‍රය සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතවයි .


Feb
11

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 2 කට පීඩා

Generic placeholder image

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණ තත්වයක් පවතින අතර ඒ හේතුවෙන් දිස්ත්‍රික්ක 2 ක පානීය ජල අර්බුදයක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 236,556 දෙනෙකුට පානීය ජලය ලබාදීම කටයුතු කර තිබෙනවා. එමෙන්ම වියළි කාලගුණයෙන් පුද්ගලයින් 236,223 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර පවුල් සංඛ්‍යාව 55,763 කි. ඉන් වැඩිම බලපෑම් එල්ල […]


News Articles
Latest Videos
Most Popular Post