News Line| Off Air
Generic placeholder image

Dec
5

සියලුම විද්‍යා පීඨයන් විශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

ශ්‍රී ලංකාවේ පවතින සියලුම විද්‍යා පීඨයන් විශ්වවිද්‍යාල මට්ටමට උසස් කරමින් ඒවා විශ්වවිද්‍යාල විද්‍යාපීඨ බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව විද්‍යාපීඨවලින් ඩිප්ලෝමාධාරීන් වෙනුවට උපාධිධාරීන් බිහිකිරීමට බලාපොරොත්තුවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවා. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අතර එම ක්‍රියාවලිය සිදුකිරීම වෙනුවෙන් විශේෂඥ කමිටුවක් පත්කිරීමටද […]


Dec
5

ඥාණසාර හිමියන්ට එරෙහි පෙත්සම් දෙකක් සලකා බැලීම ලබන වසරට කල් යයි

Generic placeholder image

බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම මාර්තු මස 2 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි […]


Dec
5

කණ්ඩලම වාන් දමයි – ගමනාගමනයට දැඩි බලපෑම්

Generic placeholder image

පවතින අධික වර්ෂාවත් සමග දිවයිනේ ප්‍රදේශ ගණනාවකම ජලාශ වාන් දැමීමට ලක්ව තිබෙනවා. ඒ අතර කණ්ඩලම වැව වාන් දැමීම ඊ්‌යේ පස්වරුවේ සිට ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසනවා. අඟල් හයක් පමණ මෙලෙස වාන් දැමූ කණ්ඩලම වැව අද දින උදෑසන වනවිට අඩි එකහමාරක් පමණ දක්වා එය වර්ධනය වී ඇතැයි වාර්තා වනවා. මේ හේතුවෙන් දඹුල්ල වෑවල වැව යන […]


Dec
5

රංජිත් ද සොයිසාගේ දේහය දිවයිනට රැගෙන එයි

Generic placeholder image

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය ඊයේ රාති‍්‍රයේ දිවයිනට රැගෙන එනු ලැබු අතර අද ඒ මහතාගේ දේහය රත්නපුර, ගොඩකවෙල ප‍්‍රදේශයට රැගෙන යාමට නියමිත තිබෙන බව වාර්තා වෙනවා. මිය යන විට ඒ මහතා 57 වන වියේ පසුවුණා.


Dec
5

ට්‍රම්ප් එරෙහි දෝෂාභියෝගයක්

Generic placeholder image

ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එරට ඩිමෝකට්‍රීස් පක්ෂ කමිටුව දෝෂාභියෝගයක් ගෙන ඒම සදහා ප්‍රබල සාක්ෂි පවතින බව සදහන් කරනවා. අනුව ඔහුට එරහිව මෙම දෝෂාභියෝගය ගෙන එම කඩිනම් කරන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමාට එරහිව සිදු කරන මෙම ප්‍රකාශ තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, මෙය ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් තමාට එරහිව […]


Dec
5

සායනික අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 12 ක් කරාපිටිය රෝහල් භූමියේ

Generic placeholder image

කරාපිටිය රෝහල් කමිටුවේ සභාපති පාලිත අමරවර්ධන සදහන් කරන්නේ සායනික අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 12 ක් මේ වන විටත් කරාපිටිය රෝහල් භූමියේ රඳවා ගෙන ඇති බවයි. විශේෂයෙන්ම මෙලෙස දින ගණනාවක සිට සායනික අපද්‍රව්‍ය සහිත කන්ටේනර් රදවා ගැනීම තුලින් රෝහල් පරිශ්‍රයේ සෞඛ්‍ය ගැටළු බොහොමයක් ඇතිව තිබෙන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


Dec
5

මාලදිවයින් විදේශ ඇමති දිවයිනට

Generic placeholder image

තෙදින නිල සංචාරයක් සඳහා මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ශහීඩ් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒ මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.


Dec
5

උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වල ප්‍රමාදයක්

Generic placeholder image

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ බණ්ඩාරවෙල අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී බව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


Dec
5

එජාපයේ ඉදිරි ගමන ගැන අවසන් තීරණය අද

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයේ නායකත්වය සහ විපක්ෂනායක ධුරය ගැන විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පක්ෂ මූලස්ථානයේදී රැස්වීම පැවැත්වෙන අතර එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ද අද පෙරවරු පවත්වීමට නියමිත බවයි පැවසෙන්නේ.


Dec
5

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Generic placeholder image

දිවයින පුරා අදත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු ,ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව එම දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි සහ පැයට කිලෝමීටර 50-60 දක්වා තද සුළං ඇති විය හැකි බවත් දිවයිනේ ජලාශ කිහිපයක […]


Dec
4

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ දේහය ශ්‍රී ලංකාවට

Generic placeholder image

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ දේහය සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබෙනවා.


Dec
4

නෝන ද? පොල්ල ද? අරවින්ද අවදානම් කලාපයේ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


News Articles
Latest Videos
Most Popular Post