13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 1500 ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක සමත් වුණා. ඒ මිනිත්තු 4 යි තත්පර 34 යි දශම 3 යි 4 කින් තරඟය අවසන් කරමින්. නේපාලයේ පැවැත්වෙන මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 9 […]
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ගර්භණී මව්වරුන්ට නියමිත කාලයට පෙර දරු උපත් සිදුවීමේ හැකියාවක් පවතින බව වාර්තා වනවා. මේ හේතුවෙන් ගර්භණී මව්වරුන් දැඩි අවධානයකට ලක්ව තිබෙනවා. ඒ අනුව ගර්භණී මව්වරුන් සිය බිලිදා ඉපදීමට නියමිත දිනට පෙර සතියකට හෝ සති දෙකක් අතර කාලය තුල සිදු විය හැකි බව පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙන්නේ.
හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද දින පෙරවරුවේ දී මහනුවර පැමිණ මල්වතු අස්ගිරි මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 15 ක ජනතාව පීඩාවට පත්ව ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පවුල 4153 ක පුද්ගලයින් 18164 දෙනෙකු තද වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි. මේ අතර, පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 4 කට […]
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කලා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය කලා. 2014 වසරේ මැයි මස 21 දා විත්තිකාර පියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ […]
කම්මුරි සුළි කුණාටුව කඩා වැදීම හේතුවෙන් පිලිපීනයේ වෙරළබඩ සහ උසස් බිම් ආශ්‍රිතව ජිවත් වු පුද්ගලයන් ලක්ෂ දෙකක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කම්මුරි සුළි කුණාටුව හේතුවෙන් එරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ මැනිලා ගුවන්තොටුපළ අද පෙරවරුවේ සිට පැය 12 ක කාලයක් වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසනවා. පසුගිය සෙනසුරාදා […]
පකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙසට එරට අග්‍රාමාත්‍යවරයා කළ ආරාධනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන තිබෙනවා. මෙරට සංචාරයක නිරතව සිටින පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂාඩ් මහමුද් කුරේෂි මහතා ඊයේ හමු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනය පිළිගෙන ඇති අතර මෙහිදි විදේශ අමාත්‍යවරයා ඇතුලු දූත පිරිස පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන්ගේ විශේෂ ලිපියක් ද අග්‍රාමාත්‍යවරයා වෙත භාර දි තිබෙනවා. ඒ […]
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් හට පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම නිසා රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. මේ හේතුවෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ මෙම නඩුව කැදවනු ලැබූ අවස්ථාව් තවදුරටත් […]
එජාපය තුල පවතින පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධුරය පිලිබදව තීරණය ලබන සතිය තුල විසදෙන ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ඊයේ දිනයේ දී පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිවසේදී එජාපයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර මේ සදහා සජිත් පේ‍්‍රමදාස මහතාද එක්ව ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් එජාපයේ මහලේකම් […]
ඊයේ දිනයේ ස්විස් තානාපති කාර්යාලය අසල විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් උපවාසයක් ආරම්භ කල අතර ඒ ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට ප්‍රකාශ කරමින්ය. කෙසේ වෙතත් ඊයේ රාත්‍රීයේ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් එම උපවාසය අවසන් කර තිබෙන බව වාර්තා වෙනවා.
මේ දිනවල රට පුරා නගර අලංකරණය සදහා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා. මේ සියලු ක්‍රියාදාමයන් දියත් කිරීම සදහා මුලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ තරුණ පිරිස් විසිනි. විශේෂයෙන්ම අපවිත්‍ර කොට තිබු පෝස්ටර් ගලවා එම තාප්ප පිරිසිදු කොට විවිධ සිතුවම් නිර්මාණය කෙරෙන අතර ඒ තුළින් නගර අලංකරණයට මහතා දායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා […]
පවතින තද වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතින බව කාලගුණ විද්‍යා දෙපර්තුමේන්තුව සදහන් කරනවා. දිවයින අවට වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඇතුළු පළාත් වලත් තද වැසි ඇති විය හැකි අබව ඒම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. පවතින වැසි තත්වය හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවුල් 4153ක පුද්ගලයින් 14164 ක් […]