News Line| Off Air
Generic placeholder image

Dec
3

“ඉරාජ් අයියා නිර්මාණය කළ ‘සාවි’ විෂුවල් එකට මුලින්ම බැන්නා. මම දැක්ක කමෙන්ට්වල එහෙමත් නොයෙක් දේවල් කියලා තියෙනවා. මිනිස්සු හුඟාක් බනිනකොට මම ඉවසගෙන හිටියා” – සඳනි ප්‍රනාන්දු මුල් වරට මාධ්‍යයට කියපු කතාව.

3025 Views


“ඉරාජ් අයියා නිර්මාණය කළ ‘සාවි’ විෂුවල් එකට මුලින්ම බැන්නා. මම දැක්ක කමෙන්ට්වල එහෙමත් නොයෙක් දේවල් කියලා තියෙනවා. මිනිස්සු හුඟාක් බනිනකොට මම ඉවසගෙන හිටියා” – සඳනි ප්‍රනාන්දු මුල් වරට මාධ්‍යයට කියපු කතාව.

සඳනි ප්‍රනාන්දු කියන්නේ Music Video හරහා ටෙලි නාට්‍ය කේෂ්ත්‍රයට ආපු කෙනෙක්. මේ වෙද්දී ඇය ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළින්ම දිනා සිටින රංගන ශිල්පිනියක්. ශලනි තාරකා අතින් රචනා වුන අළුත්ම සින්දුවේ Music Video රංගනයෙන් ඇය මේ දිනවල ප්‍රේක්ෂක අවධානය දිනාගෙන ඉන්නවා. මේ තියෙන්නේ සති අන්ත පුවත්පතක් ඇය එක්ක කරපු සාකච්ඡාවක්…

* ශලනි තාරකා ලියපු ගීතයක් නිසා මේ දිනවල බොහෝ දෙනා කතා වෙනවා?

ඔව්. ඒ ගීතය මේ දවස්වල බොහෝ දෙනා ආදරයෙන් වැලඳගත්ත ගීතයක්. ඒ ගීතයේ රූප රචනයට දායක වෙන්න ලැබිම ගැන මට ගොඩාක් සතුටුයි. ඒ වගේම මගේ රංගනයෙන් ඒ ගීතයට මම උපරිම සාධාරණයක් ඉටු කළා කියලා මට හිතෙනවා. මොකද ඒ ගීතයට මට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙන නිසා.

* නමුත් ඉරාජ්ගේ “සාවි” කියන මියුසික් වීඩියෝව නිසා ඔබට බැනුම් අහන්නත් වුණා නේද?

ගොඩාක් අය ඉරාජ් අයියා නිර්මාණය කළ ‘සාවි’ විෂුවල් එකට මුලින්ම බැන්නා. මම දැක්ක කමෙන්ට්වල එහෙමත් නොයෙක් දේවල් කියලා තියෙනවා. ඒත් වීඩියෝ එක ආවාට පස්සේ බොහෝදෙනා නොහිතපු වෙනසක් තමයි වීඩියෝ එකේ තිබුණේ. මිනිස්සු හුඟාක් බනිනකොට මම ඉවසාගෙන හිටියා. මොකද ඒක රිලීස් වුණාට පස්සේ ඒ නරක ප්‍රතිචාර නතරවෙයි කියන විශ්වාසය මා තුළ තිබුණා.

* පසුගිය දිනවල ඉරාජ්ගේ මියුසික් වීඩියෝවලට දිගින් දිගටම විවිධ විවේචන එල්ල වුණා. ක්‍ෂේත්‍රයේ තමන් හැදීගෙන එන රංගන ශිල්පිනියක් විදිහට ඔහුගේ මියුසික් වීඩියෝවකට කළ ආරාධනාව බාරගන්න බය හිතුණේ නැද්ද?

ඔහුගේ කලින් වැඩත් එක්ක බලනකොට මුලදී නම් මට ටිකක් බය හිතුණා. ඒ නිසා මම ඇහුවා මොකක්ද මේ වීඩියෝවෙන් කියැවෙන කතාව කියලා. කතාව ඇහුවාම මට තේරුණා ඒක කළින් කරපු මියුසික් වීඩියෝවලට වඩා වෙනස් නිර්මාණයක් කියලා. ඒ නිසයි මම ඒ ආරාධනාව බාරගත්තේ.

* සඳනි ඇත්තටම ජනප්‍රිය වෙන්නේ ශලනිගේ මියුසික් වීඩියෝව නිසාද? නැත්නම් හාරකෝටියේ රශ්මි නිසාද?

මම හිතන්නේ මට හැමදේම ලැබෙන්න පටන් ගත්තේ හාරකෝටියේ රශ්මි නිසා කියලයි. ඒ චරිතය වෙනුවෙන් ලැබුණු හොඳ ප්‍රතිචාර නිසාමයි ඔය කියන මියුසික් වීඩියෝවටත් මට ආරාධනා ලැබුණේ.

* සඳනිගේ පෞද්ගලික තොරතුරු ගැනත් කතාකරමුද?

මමයි, අම්මයි, තාත්තයි තමයි අපේ පවු‍ලේ ඉන්නේ. මම කැමැති හැමදේටම මගේ දෙමවුපියෝ ඉඩ දෙනවා. හැබැයි මම යන හැම වැඩකටම අම්මා මාත් එක්ක එනවා. සමහර වෙලාවට මම බැහැ කියපු වැඩවලට පවා අම්මා මාව උනන්දු කරලා යවලා තියෙනවා. මම මේ දිනවල උසස් පෙළ ප්‍රතිඵල එනතුරුයි බලාගෙන ඉන්නේ. ඒත් එක්කම කළමනාකරණය පිළිබඳව උපාධියකට යොමුවෙන්න බලා‍පොරොත්තුවකුත් තියෙනවා. ඒ අතරතුර හොඳ නිර්මාණවලට විතරක් දායක වෙන්නයි හිතාගෙන ඉන්නේ.

 

ශලනි තාරකා ලියපු, සඳනි ප්‍රනාන්දු  රංගනයෙන් එක්වන ගීතය.

ඉරාජ්ගේ “සාවි” ගීතය.

https://youtu.be/IIG8x725JxE


News Articles
Latest Videos
Most Popular Post