News Line| Off Air
Generic placeholder image

Dec
4

දළ පුට්ටුවා වෙනුවෙන් පිංකම් මාලාවක්.

2579 Views


දළ පුට්ටුවා වෙනුවෙන් පිංකම් මාලාවක්.

පහුගිය සතිය පුරාම කතා බහට ලක් වුන මාතෘකා දෙකක් තිබුනා. එකක් අයහපත් කාලගුණ තත්වය. අනිත් එක තමයි ඇත් දළ සොරුන් විසින් කෘර ලෙස ඝාතනය කරපු දළ පුට්ටුවා. සමහරු මේ මාතෘකා දෙක එකක් විදිහට සලකලා ඇතාගේ මරණයට සාපයක් විදිහට කාලගුණෙන් අපට කරදර වුනා කියලත් කිව්වා. ඒ කතා කොහොම වුනත් මේ වෙද්දී අපේ රටට වටිනාකමක් ගෙනල්ල දුන්න ඇතා අපෙන් වෙන් වෙලා ගිහින් ඉවරයි.

දළ පුට්ටුවගේ මෘත දේහය ලැබුන ස්ථානයේදීම සතා වෙනුවෙන් බෞද්ධ විදිහට අවසන් කටයුතු සිදුකලා. ඉතින් ඇතා සිහිපත් කරමින් සිදු කෙරෙන මතක බණක්, සාංඝික දානයක් සහ දේව කන්නලව්වක් මේ මාසේ දෙසැම්බර් 8 – 9 යන දවස් දෙකේදී ගල්ගමුව උස්ගල සියඹලන්ගමුව වැව් පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

අට වන සිකුරාදා රෑ 7ට දම් දෙසුම පැවැත්වෙන අතර සෙනසුරාදා උදේ 9ට වැව් ඉස්මත්තේදී, සත්ව ඝාතන ඇතුළු වන අපරාධ වලට එරෙහි දේව කන්නලව්වක් ද ඊට පස්සේ සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වෙනවා.

මීට කාලෙකට කලින් ප්‍රවාහනය කරමින් ඉන්නකොට අකල් මරණයකට ලක් වුන සියඹලන්ගමුව ඇතාගේ සිරුර මිහිදන් කරලා තියෙන්නෙත් මේ වැව් පරිශ්‍රයේමයි. මේ පිංකම සංවිධානය කරන්නේ අවට ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව උස්ගල සියඹලන්ගමුව ගම්වාසීන් විසින්.

 

 


News Articles
Latest Videos
Most Popular Post