News Line| Off Air
Generic placeholder image

Dec
4

“නිදහස් දවසට පස්සේ එන සෙනසුරාදා ඡන්දේ තියනවා.” – අගමැති කියයි. “17 හෝ ඊට කලින් තියන්න පුළුවන්” – මැතිවරණ කොමිසමේ සභාපති කියයි.

1406 Views

“නිදහස් දවසට පස්සේ එන සෙනසුරාදා ඡන්දේ තියනවා.” – අගමැති කියයි. “17 හෝ ඊට කලින් තියන්න පුළුවන්”  –  මැතිවරණ කොමිසමේ සභාපති කියයි.

පුංචි ඡන්දය ලබන අවුරුද්දේ පෙබරවාරි 04 වෙනිදට පස්සේ එන සෙනසුරාදා පවත්වනවා කියලා ඊයේ අගමැතිතුමා කුරුණෑගලදී කිව්වා. එතකොට අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වේ, එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණය පෙබරවාරි මාසේ 17 හෝ ඊට පෙර දිනෙක පැවැත්වෙනවා කියලයි. ඉතින් දෙන්නම කිව්ව මේ දවස් දෙක අතරේ ඉතුරුවෙලා තියෙන්නේ නම් පෙබරවාරි 10 සෙනසුරාදා විතරයි.

ඒ අනුව ඉතිහාසයේ මුල්ම වතාවට සියළුම ඡන්ද මධ්‍යස්ථාන ගණන් කිරීමේ මධ්‍යස්ථාන විදිහට කටයුතු කරනවා කියලයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වේ.

News Articles
Latest Videos
Most Popular Post