News Line| Off Air
Generic placeholder image

Dec
5

ඊළඟට එන සුළි කුණාටුව දැන් ඉන්න තැන මෙන්න. – LIVE VIDEO

1729 Views


ඊළඟට එන සුළි කුණාටුව දැන් ඉන්න තැන මෙන්න. – LIVE VIDEO

ගිණි පෙල්ලෙන් බැටකාපු කෙනා කණාමැදිරි එළියටත් බයයි කියල අපේ ජනවහරේ කතාවක් තියෙනවා. මේ කතාව හොඳටම ගැලපෙන් දවස් ටිකක් තමයි මේ ගෙවෙන්නේ. ඒකට හේතුව වෙන්න අපි හිතන්නෙවත් නැති වෙලාවක ආපු සුළි සුලන් තත්වයක් නිසා ලංකාවට සැලකිය යුතු හානියක් වුනා. ඒ නිසා ගොඩක් දෙනක් මේ දවස්වල කාළගුණ අනාවැකි ගැනත් වැඩි උනන්දුවක් දක්වනවා.

මේ දවස්වල බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ වර්ධනය වෙමින් තියෙන පීඩන අවපාතයේ බලපෑම නිසා උතුර, නැගෙනහිර හා දකුණු මුහුදු ප‍්‍රදේශ ඉතා රළු වෙන්න පුළුවන් කියලා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ නිසා අද (05) ඉඳන් මේ මාසේ මස (08) වැනිදා වෙනකන් උතුර, නැගෙනහිර හා දකුණු මුහුදු ප‍්‍රදේශ වල ධීවර කටයුතු වලට යන්න එපා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

මේ පීඩන අවපාතයේ බලපෑම නිසා බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 90, 100 පමණ වර්ධනය වෙන්න පුලුවන් කියලත් ඔවුන් පෙන්වා දෙනවා. දැනට අඩු පීඩන කලාපයක් ලෙස පැවතුනත් අද දිනය වන විට එය පීඩන අවපාතයක් බවටට පත්වනු ඇතැයි අපේක්‍ෂා කරනවා.

ඒ වගේම මේ පීඩන අවපාතය ඉදිරි දවස් කිහිපය තුලදී බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය හරහා උතුරු තමිල්නාඩුවේ ආන්ද්‍රා ප‍්‍රදේශයට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කරනවා. කොහොම වුනත් මේ ගැන අවධානයෙන් ඉන්න කියලා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

https://www.facebook.com/windyforecast/videos/2090092751218847/


News Articles
Latest Videos
Most Popular Post