News Line| Off Air
Generic placeholder image

Dec
5

කෝලිගේ නෝන්ඩියට චන්දිමාල් දුන්න උත්තරේ මෙන්න.

2051 Views


කෝලිගේ නෝන්ඩියට චන්දිමාල් දුන්න උත්තරේ මෙන්න.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟයේ 4 වෙනි දවස අද. ඊයේ දවසට තරඟය නතර කරද්දී කඩුලු 9 ක් දැවී ලකුණු 356 ක් ලබා ගෙන හිටියා.

දිල්රුවන් පෙරේරා පළවෙනි වරට අාරම්භක පිතිකරුවෙක් විදියට පිටියට අාවා. දිමුත් කරුණාරත්න පළවෙනි පන්ද්‍දුවෙන්ම දැවී ගියා. චන්දිමාල්ගේ තීරණය සාර්ථක කරමින් දිල්රුවන් ලකුණු 42 ක් ලබා ගත්තා. කාලයකට පස්සේ සුපිරි සබඳතාවක් ගොඩනඟන්න මැතිව්ස් සහ චන්දිමාල් සමත් වුණා. හිටපු නායකයා සහ වත්මන් නායකයා ලකුණු 181 ක සබඳතාවක් ගොඩනැගුවා. මැතිව්ස් ලකුණු 111 යි. ඔහුගේ ඉනිමට 4 පහර 14 සහ 6 පහර 2 ක් අැතුලත් වුණා. සදීර ලකුණු 33 යි.

එක් අන්තයක තනි වුණ චන්දිමාල් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරා. අවසන් කඩුල්ල විදියට දැවී යද්දි චන්දි 164 ක් ලබා ගෙන හිටියා. එ් හතරේ පහර 21 සහ හයේ පහරක් සමඟින්. අශ්වින් සහ ඉෂාන්ට් කඩුලු 3 බැගින් දවා ගත්තා. ෂමී සහ ජඩේජා කඩුලු 2 බැගින් දවා ගත්තා.

ලංකාව පළවෙනි ඉනිමට ලකුණු 373 ක් ලබා ගත්තා. නමුත් ඉන්දියාවේ පළවෙනි ඉනිමට වඩා ලකුණු 163 ක් පිටුපසින් තමයි ඉන්නේ. චන්දිමාල්ගේ සහ මැතිව්ස්ගේ සාර්ථක ඉනිම් නිසා කෝලිගේ සැලසුම් වැඩ කරේ නෑ. කොහොම වුනත් අපි බලමු දෙවෙනි ඉනිම තරඟයේ මාවත වෙනස් කරයිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post