News Line| Off Air
Generic placeholder image

Dec
5

ලෝකේ පලවෙනිම SMS එකේ තිබුනේ මොනවාද?

1841 Views


ලෝකේ පලවෙනිම SMS එකේ තිබුනේ මොනවාද?

SMS. එ් කියන්නේ Short Message System අද කාලේ නැතුවම බැරි දෙයක්. විශේෂයෙන්ම පෙම්වතුන්ට SMS නැති වුනොත් මොනවා වෙයිද මන්දා. එ් තරමටම SMS මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරලා.

SMS දෙසැම්බර් 03 වෙනිදා 25 වෙනි සංවත්සරය සැමරුවා. මුල්ම SMS එක විදියට යවලා තියෙන්නේ ” Merry Christmas ” කියලා. ඉංජිනේරුවක වුන නීල් පැප්වෝර්ත් 1992 දී අත්හදා බැලීමක් විසියට තමයි පළවෙනි SMS එක යවලා තියෙන්නේ. නීල්ගේ මිත්‍රයෙක්ට තමයි පරිගණකය හරහා ඔහු මේ SMS එක යවලා තියෙන්නේ.

එතකොට ඔහුගේ වයස 22 ක්. “මම එ් වෙලාවේ හිතුවේ නෑ මම මේ කරන්නේ ලෝකයටම වැදගත් ලොකු දෙයක් කියලා” නීල් අාඩම්බරයෙන් කිව්වේ එහෙමයි.

එ් දවස්වල දුරකථනයෙන් යවන්න පුළුවන් වුනේ ශබ්දය විතරයි. එ් නිසා දුරකථනයෙන් කෙටි අක්ෂර පණ්විඩ යවන්න පුළුවන් වීම දුරකථනයේ ලොකු පිම්මක් වුණා. ස්මාර්ට් ෆෝන් සදහා පළවෙනි පියවර විදියට සැලකෙන්නෙත් SMS. දත්ත වලට අනුව අවුරුද්දකදී ලෝකය පුරා SMS පණිවිඩ ට්‍රිලියන 8.9 විතර යවනවාලු. මීට පස්සේ පෙම්වතාට පෙම්වතියට SMS යවද්දී නීල් පැප්වෝර්ත්ට ස්තූති කරන්න අමතක කරන්න එපා.


News Articles
Latest Videos
Most Popular Post