News Line| Off Air
Generic placeholder image

Dec
5

ඇමතිට හොරෙන් ඉන්දියාවට යන්න හදපු තිසර, තරංග ඇතුළු එක්දින ක්‍රීඩකයන්ට කටුනායකදී දොරටු වැසෙයි.

2504 Views


ඇමතිට හොරෙන් ඉන්දියාවට යන්න හදපු තිසර, තරංග ඇතුළු එක්දින ක්‍රීඩකයන්ට කටුනායකදී දොරටු වැසෙයි.

ඉන්දියාව එක්ක එක්දින සටනට යන ලංකාවේ කණ්ඩායම ඊයේ රෑ ඉන්දියාවට යන්න කටුනායක ගුවන්තොටුපොළට ගියා. හැබැයි ක්‍රීඩා අැමතිතුමා මේ අයව අායෙත් හරවාලා ගෙන්න ගෙන තියෙනවා. තිසර පෙරේරා (නායක) අැතුළු ක්‍රීඩකයින් 9 දෙනෙක් තමයි මේ විදියට කැදවලා තියෙන්නේ. උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, දුෂ්මන්ත චමිර, නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින් මේ අතර ඉන්නවා.

එ්කට හේතුව වෙලා තියෙන්නේ ක්‍රීඩා අැමතිතුමාගේ අවසරයක් නැතුව යන්න හදපු එක. කණ්ඩායමක් තරඟයකට යන සාමාන්‍ය ක්‍රියාවලිය තමයි තේරීම් කමිටුව තෝරපු කණ්ඩායම ක්‍රිකට් සභාපති අනුමත කරනවා. ඊට පස්සේ ක්‍රීඩා අැමතිගේ අනුමැතියට යවනවා. ක්‍රීඩා අැමති අනුමැතිය දුන්නම තමයි කණ්ඩායම සංචාරයට යන්නේ. නමුත් මේ පාර ක්‍රීඩා අැමතිගේ අනුමැතියට යවලා නෑ. එ්කට හේතුව මොකක්ද කියලා නම් තාම හෙළිවෙලා නෑ.

ඕනෑම වෙලාවක කණ්ඩායම අාපසු කැඳවීමේ හැකියාව ක්‍රීඩා අැමතිට තියෙනවා. කොහොම වුනත් මේ ප්‍රශ්නය ක්‍රිකට් වල තවත් අර්බුදයක අාරම්භයක්ද කියලා ඉස්සරහට තමයි බලා ගන්න වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post