News Line| Off Air
Generic placeholder image

Dec
6

“දර්ශන තලයේදී මට කරන්න බැරි දෙයක් කරන්න කිවුවොත් මම නම් කීයටවත් ඊට එකඟවන්නේ නැහැ. ඒක බොරු ආරංචියක්. එහෙම දෙයක් උනොත් මම නම් නීතිය ඉදිරියට යනවා.” – ෂෙහානි මේ කියන්නේ ඇත්තද?

4313 Views


“දර්ශන තලයේදී මට කරන්න බැරි දෙයක් කරන්න කිවුවොත් මම නම් කීයටවත් ඊට එකඟවන්නේ නැහැ. ඒක බොරු ආරංචියක්. එහෙම දෙයක් උනොත් මම නම් නීතිය ඉදිරියට යනවා.” – ෂෙහානි මේ කියන්නේ ඇත්තද?

ෂෙහානි කහඳවල කියන්නේ Music Video වලින් රංගනයට වරම් හිමිකරගත්ත නව පරපුරේ ශිල්පිණියක්. ඇය අද වෙද්දී පුංචි තිරයේ කාර්යබහුල යොවුන් නිළියක්. නිළියක් වගේම නිවේදිකාවක් විදිහටත් ඇය ප්‍රේක්ෂකයන් හමුවට එනවා. ඇයගේ රංගන ජීවිතය ගැනත් පෞද්ගලික ජීවිතය ගැනත් තොරතුරු ෂෙහානි කතා බහ කලේ මේ විදිහට…

මොනවද මේ දවස්වල ෂෙහානිගේ රංගන ජීවිතයේ තොරතුරු ?
මේ දවස්වල “සඳ පිනි වැස්ස” සහ “මල් හතයි” ටෙලි නාට්‍යවල රඟපානවා.

ෂෙහානි ගීත රූප රචනා තුළින් රංගනයට වරම් ලැබූ නිළියක් ?
ඔව් මම ගීත රූප රචනා කිහිපයකම රඟපෑවා. සෂිකා අක්කගේ (සෂිකා නිසංසලා) “ඔබ ඇස් පිය නොහෙලා බැලුවා” ගීතයේ රූප රචනාව තුළින් ලොකු ජනප්‍රියත්වයක් හිමිවුණා. ඒත් එක්කම “ඇසිඩ්” ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව හිමිවුණා. ඊට පස්සේ තවත් ටෙලි නාට්‍ය සඳහා අවස්ථා ලැබුණා. “සුජාතා” ටෙලි නාට්‍යය තුළින් තමයි වැඩි ප්‍රේක්ෂක අවධානයක් හිමිවුණේ.

ටෙලි නාට්‍ය නිළියක් විදියට වැඩි අවස්ථා ලැබෙන හින්දද දැන් ගීත රූප රචනා රංගනයෙන් ඈත් වුණේ ?
ටෙලි නාට්‍ය නිළියක් විදියට වගේම නිවේදිකාවක් විදියටත් කටයුතු කරන හින්දා දැන් ගොඩක් කාර්යබහුලයි. ඒ හින්දයි දැන් ගීත රූප රචනාවලට එක්වන්නේ නැත්තේ

අද වනවිට ගීත රූප රචනා කලාව වෙනත්ම ගමන් මගක යන බවක් පෙනෙනවා. ලිංගිකත්වය සහ නිරුවත ප්‍රබලව ඊට ඇතුළත් වෙනවා. ඒ වගේම ජනප්‍රිය චරිතවල පෞද්ගලිකත්වය එක් කරමින් ගීත රූප රචනා බිහිවනවා. මේ ප්‍රවණතාවය ගැන ෂෙහානිගේ අදහස කුමක්ද?
කලාව මුල් කරගෙන යමක් කරනවා නම් ඒක වරදක් නැහැ. ඒත් මුදල් හම්බ කිරීමේ අරමුණින් ඕනෑම පහත් දෙයක් කරන්න යම් කෙනෙක් පෙළඹෙනවා නම් ඒක අනුමත කරන්න බැහැ. මම දකින විදියට අද පවතින්නේ එක්කෙනෙක් කලාව ගැන හිතලා හෝ නැත්නම් මුදල් ගැන හිතලා ටිකක් ආන්දෝලනාත්මක දෙයක් කළොත් තව කෙනෙක් ඊට වඩා ප්‍රබල දෙයක් කරන්න හිතනවා ඒ හින්දයි අද වනවිට ඔවැනි ගීත රූප රචනා එක දිගට එන්නේ

එවැනි ගීත රූප රචනාවක රඟපාන්න ෂෙහානිට ආරාධනා ලැබුනොත් …?
මම රඟපාන්නේ මගේ සීමාවන් තුළ ඉඳගෙන එතැනින් එහා දේවල් මම කරන්නේ නැහැ.

ඒත් මුලින් කී ආකාරයේ ගීත රූප රචනා සඳහා රංගනයෙන් එක් වූ බොහෝ අය කියන්නේ තමන්ව රවටලා මේ කටයුත්තට එක්කරගත්තා කියලා… ෂෙහානිත් එබඳු රැවටීමකට ලක්වන්නට බැරි නෑ නේද…?
වගකීමක් නැතුව වැඩ කරන්න ගියාම එහෙම වෙනවා ඇති. එහෙම නැත්නම් නිදහසට කරුණක් විදියට ඔහොම කියන අයත් ඇති… තමන්ට ගීත රූප රචනාවකට ආරාධනා කළාම ගෙවන මුදල අහන්න පුළුවන් නම්, ඇයි කතාව මොකක්ද තමන්ට රඟපාන්න තියෙන චරිතය සහ ජවනිකා මොනවද කියලා අහන්න බැරි මම නම් දර්ශන තලයට යන්නේ මට කරන්න තියෙන දේවල් ගැන හොඳට දැනගෙන දර්ශන තලයේදී මට කරන්න බැරි දෙයක් කරන්න කිවුවොත් මම නම් කීයටවත් ඊට එකඟවන්නේ නැහැ.

ඔබට හඟවන්නේ නැතුව කාගේ හෝ පෞද්ගලිකත්වය මතුකරන්න ගීත වීඩියෝවකට ඔබව යොදා ගත්තොත් ?
එහෙම දෙයක් උනොත් මම නම් නීතිය ඉදිරියට යනවා.

ෂෙහානිගේ උපන් දිනය කියන්න කැමැතිද ?
මම ඉපදුනේ 1995-02-24 වෙනිදා.

පෞද්ගලික තොරතුරු කතා කළොත්…? 
මගේ ගම් පළාත කඩුවෙල. අපේ පවු‍ලේ අම්මටයි තාත්තටයි ඉන්න එකම දරුවා තමයි මම.

පෙම් චරිත අපූරුවට රඟපාන්නේ සැබෑ ජීවිතයේදීත් පෙම්වතියක් නිසා බව අපිට ආරංචියි…
ඒක බොරු ආරංචියක්. මම සැබෑ ජීවිතේදී පෙම්වතියක් ‍නෙවෙයි…

ෂෙහානි ගීත රූප රචනා ඔස්සේ ටෙලි නාට්‍ය රංගනයට පිවිසුනා. සිනමාවට පිවිසීමේ අදහසක් නැද්ද ?
ලොකු ආශාවක් තියෙනවා. තවම ආරාධනාවක් ලැබුණෙ නැහැ.

මොනවද අනාගත බලා‍පොරොත්තු ?
නිළියක් විදියට නමක් ගොඩනගාගන්න එක තමයි ලොකුම පැතුම. ගොඩක් අය ක්ෂේත්‍රයට එනවා. ආයෙම යනවා ඊට පස්සේ නමවත් මතක නැහැ. ක්ෂේත්‍රයෙන් සමුගන්න දවසක් ආවත් ඊට කලින් ක්ෂේත්‍රය තුළ නමක් ඉතුරු කරලා සමුගන්න ලැබුණොත් මට ඒ ඇති.


News Articles
Latest Videos
Most Popular Post