News Line| Off Air
Generic placeholder image

Dec
6

අද ලග්න දෙකකට කොන්ද, තුනටිය ආශ්‍රිත රෝග ඇතිවෙන්න පුළුවන්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1680 Views


අද ලග්න දෙකකට කොන්ද, තුනටිය ආශ්‍රිත රෝග ඇතිවෙන්න පුළුවන්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 දෙසැම්බර් මාසයේ 06 වන බදාදා

රාහු කාලය: ප.ව 12.01 සිට 01.30

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: නිරිත

 

 

මේෂ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු වලින් ඔබ බලාපොරොත්තු වෙනවට වඩා ජයග්‍රහණ අත්පත් කර ගන්න පුළුවන්. අන් අයත් සමග සුහද සිතින් කතා කරන්න. යුග ජීවිතය තුල බාධා කම්කටොලු තිබුණානම් ඒවා ඉවසගෙන ඉදිරියට ගමන් කිරීමේ වාසනා ශක්තිය පවතිනවා. අන් අය ඔබේ කටයුතු වලට උදව් උපකාර කරනවා. සමාජ ශක්තිය වර්ධනය වෙනවා. හිතේ සතුට වර්ධනය වෙනවා. විසිතුරු දේවල් අලෙවි කිරීම් ආදී කටයුතු වලදී පුංචි පුංචි බාධාකාරී තත්ව ඇතිවිය හැකියි. අගමනුකුල කාටයුතු වලට තියෙන ශක්තිය ඉහල යනවා. පෙරපින ඉස්මතු වෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                         ජය අංකය: 07

වෘෂභ ලග්නය

වියදම් පාර්ශවය ඉහල යනවා. ජලජ පරිසර වලින් විදුලිය බාවිතා වන පරිසර වලින් යම් ගැටළුකාරී තත්වයක් ඇතිවිය හැකියි. ආමාශගත කටයුතු වලිනුත් බාධා ඇති වෙනවා. තමන්ගේ සෞඛ්‍ය පිලිබදව අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු වන දිනයක්. ලිපිලේඛන ආශ්‍රිත පරිසර වලින් පුංචි පුංචි බාධා ඇතිවිය හැකියි. ඔබගේ පෞරුෂය ඉහල යනවා. ජවසම්පන්න කටයුතු වලට යෝග්‍යයි. ආගමනුකුල කටයුතු වලට දුරබැහැර ගමන් බිමන් යාමට ඉතාමත්ම යහපත්.

ජය වර්ණය: ලා දම් පැහැය                         ජය අංකය: 03

මිථුන ලග්නය

ජයග්‍රාහී මානසිකත්වයෙන් බොහෝ කටයුතු ආරම්භ කිරීමේ හැකියාව වාසනාව පවතිනවා. ඔබේ දැනුම මුල්කර ගෙන ඔබගේ ආර්ථික කටයුතු හසුරවා ගැනීමේ ඉඩකඩ පවතිනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු පොත්පත් ආශ්‍රිත කටයුතු පරිපාලනමය හැකියාව මුලික කර ගත්ත කටයුතු වලින් ජයග්‍රහණ අත්කර ගත හැකි වෙනවා. සිතේ සතුට වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව වලින් බාධා ඇති වෙනවා. ඉවසිලිවන්තව සැලසුම් සහගතව කටයුතු කරන්න.

ජය වර්ණය: ලා කහ පැහැය           ජය අංකය: 05

කටක ලග්නය

ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු කරගන්න ඉතාමත් යහපත්. තමන්ගේ වාසස්ථාන යානවාහන අලුත් කරගන්න ඒ පරිසරය නිරවුල් කරගන්න ඔබට වාසනාව පෑදෙනවා. අන් අයට උදව් උපකාර කරන්න ඔබ පෙළඹෙනවා. විශේෂයෙන් රෝහල්ගත වෙලා ඉන්න ඥාතීන්ට ඥාති නොවන මිතුරන්ට බොහෝ උදව් උපකාර කරන්න පෙළඹෙනවා. අධික කාර්යබහුලතාවයක් නිර්මාණය වෙනවා. උදරගත රෝග ඇති වේවි.

ජය වර්ණය: විසිතුරු පාට                           ජය අංකය: 03

සිංහ ලග්නය

පෞරුෂය වර්ධනය කර ගැනීමේ ඉඩකඩ වාසනාව පවතිනවා. අන් අයගෙන් නම්‍යශිලිව උදව් උපකාර ලබා ගැනීමේ ශක්තිය ඔබ තුල උදා වෙනවා. පියපස ඥාතීන් පවා ඔබට උදව් උපකාර කරනවා. කාන්තා පාර්ශවයේ හිතවතියන්ගෙන් ඔබට උදව් උපකාර ලබා ගත හැකියි. අධ්‍යාපනික කටයුතු වල මන්දගාමී ස්වභාවයක් ඇති වුනත් යාලු හිතමිත්‍රයන්ගේ උදව් උපකාර ලැබෙනවා. ජලාශ්‍රිත පරිසර වලදී බොහෝ වාසනාවන්ත තත්වයන් උදා වෙනවා. සංචාරක කටයුතු පොත්පත් ආශ්‍රිත කටයුතු වලට යහපත්. ඉවසිලිවන්තව කටයුතු කරන්න.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 02

කන්‍යා ලග්නය

කේන්ති සහගත සිතුවිලි වර්ධනය වුවත් ඒවා ප්‍රකාශයට පත් නොකර තබා ගැනීමේ හැකියාව ඔබ සතු වෙනවා. ඔබගේ පෞරුෂය දියුණු කර ගන්න හැකි වෙනවා. පපුව ආශ්‍රිත රෝගී තත්ව ඇති වෙනවා. ඔබගේ සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් වෙන්න. කොන්ද තුනටිය ආශ්‍රිතව වුවත් යම් රෝගී තත්වයක් ඇතිවිය හැකියි. වෘත්තිමය කරන කටයුතු වල යම් බාධා තිබුණානම් ඒවා දුරු වෙනවා. සුහද පරිසරයක කටයුතු කරන්න වාසනා ශක්තිය පැවතෙනවා. පොත්පත් ආශ්‍රිත දැනුම මුල් කරගෙන අන් අය වෙනුවෙන් යමක් කිරීමේ හැකියාව පවතිනවා. අන් අයගේ ආකර්ෂණය ඔබට දිනා ගන්න පුළුවන්.

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 05

තුලා ලග්නය

කායික ශක්තිය වර්ධනය වෙනවා. මානසික ශක්තිය ඉතාමත්ම යහපත් වෙනවා. කේන්ති සහගත සිතුවිලි යටපත් කරගෙන බුද්ධිය දීප්තිමත්ව යොදා ගැනීමේ හැකියාව වාසනාව පවතිනවා. පරිපාලනමය හැකියාව ඉතාමත්ම උසස්. කාන්තාවන් සමඟ කරන ගණුදෙනු වලින් ජයග්‍රහණ අත්පත් කර ගන්න පුළුවන්. පපුව ආශ්‍රිත රෝගී තත්ව ඇතිවීම සෙම් සහිත රෝග වලින් පිඩාවට පත් වීම සිදුවිය හැකියි. ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය වෙනවා. කොන්ද, තුනටිය ආශ්‍රිත, රෝගී තත්ව වුවත් ඇති වෙන්න පුළුවන්.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 05

 

වෘශ්චික ලග්නය

 

රිය ධාවනය කිරීම් වලදී කාන්තාවන් සමග කරන ගණුදෙනු කිරීම් වලදී බොහෝ කල්පනාකාරී වෙන්න. ගන්න තීන්දු තීරණ වැරදි නිසා අන් අයගේ අවලාද අපහාස උපහාස වලට ලක් වෙන්න සිදු වෙනවා. කේන්ති ගෙන තීරණ ගන්න එපා. මානසික ශක්තිය යම් ආකාරයකට දුර්වල විය හැකියි. සෙම් සහිත රෝග වලින් පිඩා ඇති විය හැකියි. ආහාර මාර්ග ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි. හිසේ යම් ප්‍රමාණයකට බර ගතියක් ඇති වුනානම් එය යටපත් වේවි.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                ජය අංකය: 05

ධනු ලග්නය

තාක්ෂණික මෙවලම් පරිපාලනමය හැකියාව විදේශගත ගමන් උසස් වෘත්තීන් වලින් යම් ජයග්‍රහණයක් අත්කර ගැනීමේ හැකියාව වාසනාව පවතිනවා. හවුල් ව්‍යාපාර කටයුතු පිලිබදව යම් සැක සංකා පහල වීමේ ඉඩකඩක් පවතිනවා. ඔබ ගන්න තීන්දු තීරණ නිතර නිතර වෙනස් වෙනවා. ප්‍රේම සබදතා වලට එතරම් යහපත් නොවේ. උසස් පුද්ගලයන්ගේ වැඩිහිටියන්ගේ උපකාර ලැබෙනවා. දුර බැහැර ගමන් බිමන් වලින් ආර්ථික ශක්තිය වර්ධනය වෙනවා. සමාජ ගෞරවය වර්ධනය කර ගැනීමේ හැකියාව වාසනාව පවතිනවා.

 

මකර ලග්නය

රැකිරක්ෂා වෙළඳාම් කටයුතු වල යම් ආකාරයක නම්‍යශීලි ප්‍රතිපත්තියක් ඔබ අනුගමනය කරනවා. ඇති වෙන බාධාකාරී ස්වභාව ඔබේ ඥානය මුල්කර ගෙන යටපත් කර ගන්න. ඔබට වඩා උගත් උසස් ආගමනුකුල කටයුතු කරන අය අතරේදී තරමක් කල්පනාකාරී වෙන්න. ලාබාල අයත් සමග කරන ගණුදෙනු කිරීම් වලදී ප්‍රවේසම් වෙන්න. මුදල් සමබන්ධ ලිපිලේඛන සම්බන්ධ කටයුතු වලදී බාධා පැන නගිනවා. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 07

කුම්භ ලග්නය

පෙරපින ඉස්මතු වෙනවා. ඔබගේ කටයුතු උසස් මට්ටමකට පත් වෙනවා. කායික ශක්තිය වර්ධනය වෙනවා. නිරෝගී සුවය උදා වෙනවා. ආගමානුකුල කටයුතු වලට හිත ඇදී යනවා. අසල්වාසීන් සමග ගණුදෙනු කිරීම පහසු වෙනවා. අධ්‍යාපනික කටයුතු වලදී ඔබේ තත්වය වර්ධනය වෙනවා. ඔබ භාවිතා කරන වචන වලින් අන් අය ඔබට වසඟ වෙනවා.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                ජය අංකය: 03

මීන ලග්නය

ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වෘත්තිමය කටයුතු වලට පුංචි පුංචි බාධා ඇති වෙනවා. වැඩිහිටියන් සමග කාන්තා පාර්ශවය සමග කරන කටයුතු දියුණුවට පත් කර ගැනීමට හැකි වෙනවා. විසිතුරු දේවල් අලංකෘත දේවල් ලෞකික දේවල් සඳහා භාවිතා කරන උපකරණ අලෙවියෙන් ධන ශක්තිය වර්ධනය වෙනවා. කලාකාමී කටයුතු වලට යෝග්‍යයි. කොන්ද, තුනටිය, මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි.

ජය වර්ණය: රන්වන් පැහැය                      ජය අංකය: 02

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post