News Line| Off Air
Generic placeholder image

Dec
6

මඩකලපුව මුහුදෙන් සර්පයින් ගොඩට ආවේ ඇයි ? – නාරා ආයතනය හේතුව සොයා ගනී.

2253 Views


මඩකලපුව මුහුදෙන් සර්පයින් ගොඩට ආවේ ඇයි ? – නාරා ආයතනය හේතුව සොයා ගනී.

මඩකලපුව – නාවලඩි ප්‍රදේශයේදී ධීවර දැල්වලට පහුගිය දවසක තොග පිටින් නයි අහුවෙලා තියෙන කතාවක් අපි ඔබට කිව්වා. මේ ගැන සමහරු කිවුවේ 2004 සුනාමිය එන්න කලිනුත් මේ වගේම ගැඹුරු මුහුදේ ඉන්න සත්තු ගොඩබිමට ආව කියලා. ඒ නිසා මේකත් ආපහු සුනාමියක් එන පෙර නිමිත්තක් කියලා.

මේ කලබලය නිසාම නාරා ආයතනයේ සමුද්‍ර ජීවී විද්‍යා අංශය ඊයේ මේ ගැන විශේෂ පරිෂණයක් කළා. අද වෙද්දී මේ පරිෂණයේ ප්‍රථිපලය ඇවිත් තියෙනවා.

මඩකලපුව – නාවලඩි ප්‍රදේශයේදී ධීවර දැල්වලට හසු වූ සත්ත්ව විශේෂය ආඳන් විශේෂයක්‌ බව අඳුරගෙන තියෙනවා. ආඳන් හමුවීම කිසි කිසිම අනතුරක පෙර නිමිත්තක්‌ නෙවෙයි කියලයි නාරා ආයතනයේ සමුද්‍ර ජීවී විද්‍යා අංශය කියන්නේ.

මේ ආඳන් (Snake eel) කියලා තමයි හඳුන්වන්නේ. හැබැයි මේ කෑමට ගන්න වර්ගයක් නම් නෙමෙයි. මේ මාළු මේ විදියට විශාල වශයෙන් සංක්‍රමණය වන්නේ බිත්තර දාන්න වෙන්නත් පුළුවන්ලු.

මේ මත්ස්‍ය විශේෂය මීට කලිනුත් මේ මුහදු කලාපයෙන් හම්බෙලා තියෙනවාලු. හැබැයි මේ තරම් විශාල ප්‍රමාණයක්‌ හමුවූ මුල්ම වස්‌ථාව මේක.


News Articles
Latest Videos
Most Popular Post