News Line| Off Air
Generic placeholder image

Dec
6

අද දිනන්නේ චන්දිමාල්ද? කෝලිද?

663 Views


අද දිනන්නේ චන්දිමාල්ද? කෝලිද?

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟයේ අවසන් දවස අද. ඊයේ දවසට තරඟය නතර කරද්දී දෙවෙනි ඉනිමට කඩුලු 03 දැවී ලකුණු 31 ලබා ගෙන හිටියා. ඉන්දියාව දෙවෙනි ඉනිමට වේගවත් ලකුණු 246 ක් ලබා ගත්තා. එ් කඩුලු 5 ක් දැවී.

ඉන්දියාවේ සියලුම පිතිකරුවන් වේගයෙන් ලකුණු රැස් කරන්න උත්සහ කරා. ඉක්මනින් ලකුණු ලබා ගෙන ඉනිම අත්හිටුවන්න ඔවුන් සැලසුම් කරන්න අැති. කොහොම වුනත් ඔවුන්ගේ සැලසුම් සාර්ථක වුණ බවක් පේන්න තිබ්බා. ලංකාවට ජයග්‍රහණය සදහා ලකුණු 410 ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නා. පුජාරා ලකුණු 49 කට දැවී ගියා. කෝලි වේගවත් ලකුණු 50 ක් රැස් කරා. රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 50 යි. ශිකර් ධවාන් ලකුණු 67 යි. සුරංග ලක්මාල්, ගමගේ, ඩිල්රුවන්, ධනංජය සහ සදකැන් එක කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 410 ක දැවැන්ත ඉලක්කයක් හඹා යන්න දිමුත් සහ සදීර පිටියට අාවා. සදීර ලකුණු 5 කට දැවී ගියා. පළවෙනි ඉනිමේදී සාර්ථක අාරම්භයක් ලබා ගත්ත ඩිලරුවන් දෙවෙනි ඉනිමේදී අාරම්භ පිතිකරු විදියට එව්වේ නැති වීමේ විපාක ලංකාවට අත් විදින්න වුණා. දිමුත් ලකුණු 13 යි. සැදෑ අාරක්ෂකයා විදියට අාව ලක්මාල් ලකුණු නොලබා දැවී ගියා. ධනංජය සිල්වා නොදැවී ලකුණු 13 යි. ජඩේජා කඩුලු 2 ක් දවා ගත්තා.

අද තරඟයේ අවසන් දවස. ජයග්‍රහණයට ලංකාවට තව ලකුණු 379 ක් ඕන. තවත් කඩුලු 7 ක් විතරයි ලංකාවට ඉතිරි වෙලා තියෙන්නේ. පළවෙනි ඉනිමේදී වගේ ශක්තිමත් සබදතාවක් මේ ඉනිමේදීත් ලංකාවට ඕනෑ කරනවා. අඩුම තරමේ තරඟය ජය පරාජයෙන් තොරව නිමා කරන්න හරි එ් සබඳතාව වැදගත් වේවි. කොහොම වුනත් අපි බලමු චන්දිමාල්ගේ අද දවසේ සැලසුම මොකක්ද කියලා.


News Articles
Latest Videos
Most Popular Post