News Line| Off Air
Generic placeholder image

Dec
6

ඡන්දයෙන් තේරෙන මන්ත්‍රීවරුන්ට ටියුෂන් පන්ති.

710 Views


ඡන්දයෙන් තේරෙන මන්ත්‍රීවරුන්ට ටියුෂන් පන්ති.

මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාව තමයි ඡන්දය. ලබන අවුරුද්දේ පෙබරවාරි මාසයේදී පළාත් පාලන අායතන සියල්ලේම ඡන්දය පවත්වනවා කියලා මැතිවරණ කොමසාරිස් කිව්වා. කොහොම වුනත් ජනතාව නම් කියන්නේ ඡන්දෙට පේන අපේක්ෂකයෝ අායේ දකින්නේ ඊළඟ ඡන්දෙදි කියලා.

එ් නිසා ඔන්න ඡන්දෙන් පත්වෙන මන්ත්‍රීවරුන්ට ටියුෂන් දෙන්න යනවා. ඡන්දයෙන් තේරී පත්වෙන මන්ත්‍රීවරු 8,000 කට මේ විදියට පුහුණුව දෙනවලු. පළාත් පාලන අභ්‍යාස අායතනය තමයි මේ පුහුණුව දෙන්නේ.

දිවයිනේ හැම පළාත් පාලන අායතනයකම මන්ත්‍රීවරුන්ට මේ පුහුණුව දෙන්න නියමිතයි. හැබැයි ඉතිං පළාත් පාලනේට අාවාට පස්සේ උගන්වනවාට වඩා එ් තනතුරු වලට එන්න සුදුසු අය පත් කරලා යැව්වා නම් තමයි හොඳ.

 


News Articles
Latest Videos
Most Popular Post