News Line| Off Air
Generic placeholder image

Dec
6

දිල්ලියේ වායු දූෂණය හංගන්න ලංකාවට චෝදනා කල ඉන්දීය මාධ්‍යට ශිකර් ධවාන්ගෙන් කනේ පහරක්.

1467 Views


දිල්ලියේ වායු දූෂණය හංගන්න ලංකාවට චෝදනා කල ඉන්දීය මාධ්‍යට ශිකර් ධවාන්ගෙන් කනේ පහරක්.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟය ගැන මුළු ලෝකයේම අවධානය යොමු වුණා. එ්කට හේතුව වුනේ ලංකාවේ ක්‍රීඩකයින් මුඛ අාවරණ පැළඳගෙන ක්‍රීඩා කරපු එක. දිල්ලියේ තියෙන දැඩි වායු දූෂණය තමයි එහෙම වෙන්නේ හේතුව.

කොහොම වුනත් ඉන්දියාවේ අයට නම එ් වැඩේ එච්චර දිරෙව්වේ නෑ. මොකද ඉන්දියාවේ නමට එ්ක කලු පැල්ලමන් නිසා. එ් නිසා ඉන්දීය ක්‍රිකට් විචාරකයින් වගේම මාධ්‍ය ලංකාවට නොසෑහෙන්න මඩ ගැහුවා. හැබැයි එ් තරඟයටම ක්‍රීඩා කරන ඉන්දීය අාරම්භක පිතිකරු ශිකර් ධවාන් කිව්වේ වෙනමම කතාවක්. තරඟයේ හතර වෙනි දවසෙන පස්සේ තිබ්බ මාධ්‍ය හමුවේදී ඔහු මේ ගැන කතා කරා. “මම ඉපදුණේ හැඳුනේ දිල්ලියේ. මේ මාසයේ වායු දූෂණය ඉහළයි. මේ මොහොතේ හොඳ හිරු රශ්මියකුත් නෑ. සමහර විට හිරු රශ්මිය තිබ්බා නම් දුෂණය අඩු වෙන්න තිබ්බා. එ්ත් මම හිතන්නේ නෑ ක්‍රිකට් ක්‍රීඩා කරන්න තරම් ගැටලුවක් තියෙනවා කියලා.” ධවාන් දිල්ලියේ වායු දූෂණය ගැන කිව්වේ එහෙමයි.

ලංකාවේ ක්‍රීඩකයන්ට වායු දූෂණය නිසා වුණ පීඩනය ගැන ශිකර් ධවාන් කතා කරා. “සමහර විට ඔවුන් අපහසුතාවයට පත් වෙන්න අැති. සමහරවිට ශ්‍රී ලංකාවේ වායු දූෂණය අඩු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෙරළ රැසක් තියෙනවා. වෙරළවල් වටා තියෙන නගරයක් පරිසර දූෂණයෙන් තොරයි.” ධවාන් කිව්වේ එහෙමයි.

මේ වගේ දැවැන්ත ප්‍රශ්නයක් වහ ගන්න ඉන්දියාව කලේ ලංකාව රඟපානවා කියලා චෝදනා කරපු එක. එ්ක හරියට අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්. රටේ තියෙන දැවැන්ත ප්‍රශ්නයක් වසන් කරන්න දත කන ඉන්දීය මාධ්‍යට සහ විචාරකයන්ට ධවාන්ගේ කතාව හොඳ කනේ පහරක්. මොකද තමන්ගේ ප්‍රශ්න හංගාගෙන අනුන්ගේ පිටේ වැරැද්ද පටවනවාට වඩා ප්‍රශ්නයට විසඳුම් හොයන එක තමා කරන්න ඕන.

 


News Articles
Latest Videos
Most Popular Post