News Line| Off Air
Generic placeholder image

Dec
6

ධනංජය, රොෂේන් සහ දික්වැල්ල, කෝලිගේ සිහින බිඳ දමයි. අවුරුදු 4 කට පසු ඉන්දියාවට එරෙහිව වාර්තාවකුත් තියයි.

3068 Views


ධනංජය, රොෂේන් සහ දික්වැල්ල, කෝලිගේ සිහින බිඳ දමයි. අවුරුදු 4 කට පසු ඉන්දියාවට එරෙහිව වාර්තාවකුත් තියයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය ජය පරාජයෙන් තොරව නිමා කරන්න ලංකාවේ පිතිකරුවෝ සමත් වුණා. ඉණිම දෙකේදීම දැවැන්ත ලකුණු පුවරු ලබා දෙන්න ඉන්දියාවට පුළුවන් වුණා. එ්ත් ලංකාව ඉක්මනින් දවා ගැනීමේ සැලසුම් සාර්ථක කර ගන්න කෝලිට පුළුවන් වුනේ නෑ.

පළවෙනි ඉනිමට ඉන්දියාව ලකුණු 536 ක දැවැන්ත ඉණිමක් ගොඩනැගුවා. එ් වෙනුවෙන් ඔවුන්ට වැය වුණේ කඩුලු 7 ක් විතරයි. මුරලි විජේ ලකුණු 155 යි. වේගවත් පිතිහරඹයක නිරතවුණ කෝලි ලකුණු 243 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 25 ක් අැතුලත් වුණා. රෝහිත් ෂර්මා ලකුණු 65 යි. ලක්ෂාන් සඳකැන් ඉන්දියාවේ කඩුලු 4 ක් දවා ගන්න සමත් වුණා. එ් අතරට දික්වැල්ලගේ දක්ෂ ස්ටප්ම් කිරීම් 2 ක් අැතුලත් වුණා. ළහිරු ගමගේ කඩුලු 2 යි.

දැවැන්ත ලකුණු පුවරුවක් හඹා ගිය ලංකාවට පළවෙනි ඉණිමට ලකුණු 373 ක් විතරයි ලබා ගන්න පුළුවන් වුනේ. පළවෙනි වතාවට අාරම්භක පිතිකරු විදියට අාව ඩිලරුවන් ලකූණු 42 ක් රැස් කරා. ඉන්දියාවේ ජයග්‍රහණයට වැට බඳින්න මැතිව්ස් සහ චන්දිමාල්ගේ සබඳතාව සමත් වුණා. ඔවුන් දෙදෙනා ලකුණු 181 ක සබඳතාවක් ගොඩනැගුවා. මැතිව්ස් ලකුණු 111 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පහර 14 ක් සහ 6 පහර 2 ක් අැතුලත් වුණා. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල චන්දිමාල් ලකුණු 164 යි. එ් 4 පහර 21 සහ 6 පහරක් සමඟින්. ඉෂාන්ට් සහ අශ්වින් කඩුලු 3 බැගින් දවා ගත්තා. ලංකාවේ කඩුලු 2 බැගින් දවා ගන්න ජඩේජා සහ ෂමී සමත් වුණා.

දෙවෙනි ඉණිමට ඉන්දියාව වේගවත් ලකුණු 246 ක් රැස් කරා. එ් කඩුලු 5 ක් දැවී. ශිකර් ධවාන් ලකුණු 67 යි. එ් 4 පහර 5 ක් සහ එක් හයේ පහරක් සමඟින්. විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා ලකුණු 50 බැගින් රැස් කරා. ලක්මාල්, ගමගේ, ඩිල්රුවන්, ධනංජය සහ ලක්ෂාන් එක කඩුල්ල බැගින් ලබා ගත්තා.

තරඟයේ ජයග්‍රහණය සදහා ලංකාවට 410 ක ඉලක්කයක් ලැබුණා. පරාජය කරා යමින් තිබ්බ ලංකා කණ්ඩායම ගොඩ ගන්න ධනංජය සමත් වුණා. කාලෙකට පස්සේ සාර්ථක වුණ ධනංජය අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළා. අාබාධයකට ලක් වී ක්‍රීඩා පිටියෙන් ඉවත්වෙද්දී ඔහු ලකුණු 119 ක් ලබා ගෙන හිටියා. ඔහුගේ ඉනිමට 4 පහර 15 ක් සහ එක් හයේ පහරක් අැතුලත් වුණා. ධනංජයගේ ඉවත් වීමෙන් පස්සේ ඉනිම බිඳවැටෙන්න නොදී තියා ගන්න රොෂේන්ගේ සහ දික්වැල්ලගේ සබඳතාව සමත්වුණා. මංගල තරඟයේ පළවෙනි ඉනිමේ බිංදුවට දැවී ගිය රොෂේන් දෙවෙනි ඉනිමේ නොදැවුණු ලකුණු 74 ක් රැස් කරා. අවශ්‍යම වෙලාවේ බොහොම සංයමයෙන් ක්‍රීඩා කරන්න දික්වැල්ල සමත් වුණා. ඔහු නොදැවී ලකුණු 44 ක රැස් කරා. නායක චන්දිමාල් ලකුණු 36 යි. ජඩේජා ලංකාවේ කඩුලු 3 ක් දවා ගත්තා. ෂමී සහ අශ්වින් එක කඩුල්ල බැගින් ලබා ගත්තා.

හෙට අනිද්දා බඳින්න ඉන්න කෝලිට අනුශ්කාට දෙන්න තෑගි දෙකකුත් ලැබුණා. පළවෙනි ඉනිමේ සුපිරි ද්විත්ව ශතකයන් ලබා ගත්ත කෝලී තරඟයේ වීරයා වුණා. තරඟාවලියේ වීරයා වුනෙත් කෝලි. එ් වගේම දෙපිළම වාර්තා කිහිපයක් තියන්න සමත් වුණා.

* ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී ගොඩනගපු ඉහළම 4 වෙනි විදියට ලංකාව ලබා ගත්ත ලකුණු 299 ය සටහන් වුණා.  අවුරුදු 4 කට පස්සේ තමයි ඉන්දියාවට එරෙහිව කණ්ඩායමක් 4 වෙනි ඉණිමට මෙතරම් ලකුණු ගණනක් රැස් කරේ.

* ඉන්දියාව පිට පිට ලබපු 9 වෙනි තරඟාවලි ජයග්‍රහණය විදියටත් මේ තරඟාවලිය සටහන් වුණා.

* ඕස්ට්‍රේලියාවට පස්සේ පිට පිට තරඟාවලි 9 ක් ජය ගත්ත පළවෙනි කණ්ඩායම වෙන්න ඉන්දියාවට පුළුවන් වුණා.

කොහොම වුනත් කලකට පස්සේ ලංකාවේ පිතිකරුවන්ගෙන් දක්ෂ ඉණිම් කිහිපයක් බලා ගන්න පුළුවන් වුණා. තරඟාවලිය ජය ගන්න බැරි වුනත් අවසන් ටෙස්ට් තරඟයේ ලංකාව ක්‍රීඩා කරපු විදිය ඉතාම හොඳයි. ලංකාවේ ටෙස්ට් ක්‍රීඩාවේ නැගිටීම අාරම්භ වෙලා කියලා දැන් බය නැතුව කියන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post