අද 2017 දෙසැම්බර් මාසයේ 07 වන බ්‍රහස්පතින්දා

හිත හොඳකම, එඩිතරභාවය අවංකභාවය, යුක්ති සහගතව තීරණ ගැනීමේ ලක්ෂණය නීතියට අනුකුල වීම යන කරුණු ඉස්මතු වෙන දවසක්. සොරකම පිටු දකින නිර්ලෝභීව අනුන්ට දන් දෙන ශක්තියක් තියෙනවා. හිත හොඳකම ඉතා වැඩියි. නිර්මාංශ, ආගමනුකුල කෙනෙක් වෙන්න. දුර ගමන් වලින් කල්‍යාණ මිත්‍රයන් ඇති වෙනවා.
ජය වර්ණය: ලා රෝස පැහැය ජය අංකය: 04

අලංකාර වැඩ කරන්න, මැහුම් ගෙතුම් වැඩ කරන්න, කාන්තා පක්ෂයට කැටයම් කලාවට, ශුක්ෂම වැඩ කටයුතු කරන්න සෞන්දර්ය විෂයන් වලින් ජය ලැබෙනවා. පැරණි කුසලතා මතු කරගෙන ඉදිරියට යන්න පුළුවන් දවසක්. අසාධාරණයට එරෙහිව වැඩ කරලා ඔබට ජනප්‍රියත්වයක් ලැබෙන දවසක්. දුර සිට පැමිණෙන අමුත්තන් ඔබට පිළිගන්න වෙනවා.
ජය වර්ණය: ලා තැඹිලි පැහැය ජය අංකය: 03

කෙලින් ගතිගුණ, ලේඛන ශක්තිය නිර්මාණකරණයට යහපත් ලෙස හැසිරීම යන කරුණු වලට ඔබ දක්ෂයි. කටහඬ, වචන අද ඔබගේ තීව්ර වෙනවා. නඩුහබ වලදී ඔබ ගාම්භීර ලෙස හැසිරෙනවා. ඔබගේ ජනප්‍රියත්වය ආර්ථික තත්වය වැඩි දියුණු වෙන දවසක්.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 02

ආගමානුකුල හැකියාව අද ඔබට උඩට මතු වෙන දවසක්. ඕනෑම වගකීමක් දැරීමට ගෞරවයෙන් කටයුතු කිරීමට හදවතේ දැඩි බව කරුණාව ඒවගේම විචක්ෂණශීලි බව වැඩි වෙනවා. ආගමානුකුල කටයුතු වලින් සාර්ථක වෙනවා. නිවසක්, ඉඩමක් රථවාහනයක් හොයල බලන්න, ගන්න යන්න සුභ දවසක්.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය ජය අංකය: 01

ඔබට අද පරිස්සම් වෙන්න ඕනා දවසක්. අව්වෙන්, වැස්සෙන්, පින්නෙන් වගේම තමාගේ වියදම් පැත්තෙන් ප්‍රවේසම් වන්න. ණයට ඉල්ලුව පලියට දෙන්න එපා. ඔබගේ මනා පෞරුෂය නිර්භීත ස්වභාවය පාලන ශක්තිය සාධාරණ කල්පනාව වැඩි වෙනවා. හිතේ ශක්තිය වැඩි වෙනවා. චිත්ත ප්‍රීතිය වැඩි වෙනවා.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 03

විවිධ භාෂා හැදෑරීමට ලේඛන ශක්තියට අදහස් ඉදිරිපත් කිරීමට, චතුර ලෙස කතාවට, ස්වභාව ධර්මයට ඇලුම් කිරීමට, රටට පොලවට පවුලේ අයට හදවතින්ම කරුණාව දක්වනවා. ඔබට කිසියම් නිශ්චල දේපලක් උදෙසා බැංකුවකින් ණය මුදලක් අයදුම් කිරීමට සුභයි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 02

වෙළඳාමට දක්ෂ වීම, සියලු පක්ෂ වලදී සමබර ලෙස කටයුතු කිරීම, තමාගේ අදහස් ප්‍රකාශ කිරීම, සියලුම යුතුකම් මනා ලෙස ඉටු කිරීමේ බලය ශක්තිය පවතිනවා. අතිරේක ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් කදිමයි. ඔබ කරන වැඩ වලින් ඔබට ඉතා සුභ ප්‍රථිපල හිමි වෙනවා.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 01

මනා ඉවක් ඇති වෙනවා. අන් අය තේරුම් ගැනීමේ ශක්තිය දෙගුණ තෙගුණ වෙනවා. තියුණු නුවණක් තියෙනවා. පවුලේ අයට මනා ඇල්මක් ඇතිව කටයුතු කරනවා. පති භක්තිය දිවිහිමියෙන් රකිනවා. දරුවන්ගේ වගකීම් පැවරෙනවා. තුටු පඩුරු ලැබෙන දවසක්.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 09

ගංගා, ඇලදොළ, මුහුදේ ස්නානය, නුපුරුදු අය සමග විහිලු තහළු කිරීම, සුරතල් සතුන් ඈත් කර තබා ගැනීම ඉතා සුභයි. ඔබ අද විශේෂයෙන් රියදුරු වෘත්තීය තුල ඉන්නවනම් නිවැරදි සිහිය පවත්වා ගත යුතුයි. ගමන් බිමන් යාමේදී ප්‍රවේසම් වෙන්න. ආගමානුකුල වැඩ කටයුත්තකින් දවස අරඹන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 08

ප්‍රඥාව, අනවශ්‍ය ගමන් නොයෑම, සිත පාලනයට දක්ෂ වීම, ධාරණ ශක්තියට, ආත්ම ගරුත්වය ඇතිව වැඩ කිරීමේ භාග්‍ය ඕනෑම දුකකට ඔරොත්තු දීමේ බලය ශක්තිය ඔබට වැඩි වෙන දවසක්. ඔබගේ විවාහ ජීවිතයේදී ප්‍රේම සබඳතාවයේදී ගැටළු තිබුණානම් ඒවා මග හැරෙනවා. චිත්ත ප්‍රීතිය වැඩි වෙන දවසක්.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07

තරමක් ආඩම්බරයි. ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමට දක්ෂයි. වෘත්තීය හැකියාවන් ඇති අය. මොලයෙන් කරන කටයුතු වලට දක්ෂයි. ශුක්ෂම වැඩ වලට දක්ෂයි. සතුරු මර්ධනයට ඉතා සුභයි. අන් අයගේ දුකට පිහිට වෙනවා. තමාගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕන. තැලීම්, වැටීම්, සිරීම්, අත්පා බිදුම්, ශල්‍යකර්ම වලට යටත් වෙන දවසක්. කල්පනාවෙන් ගමන් බිමන් වල යෙදෙන්න. චිත්ත ප්‍රීතිය ආර්ථික ප්‍රතිලාභ වැඩි වේවි.
ජය වර්ණය: තද නිල් පැහැය ජය අංකය: 06

අන් අය විනිවිද දැකීමේ භාග්‍ය ගාම්භීරත්වය කණ්ඩායම් හැගීම් ප්‍රදර්ශනය කරනවා. වගකීම් දැරීම සංකීර්ණ විෂයන් අන් අයට පහදා දීමට ඔබට හැකි වෙනවා. මංගල කටයුත්තකට, ප්‍රිය සාදයකට සහභාගී වෙන්න තියෙන දවසක්.
ජය වර්ණය: ලා රෝස පැහැය ජය අංකය: 05
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ ලියනගේ
දුරකථන අංකය: 011 50 10 829