“සියත ගොඩයන ලක්ෂය” කියන්නේ, සියත අහන ඔබව ලක්ෂපතියෙක් කරන එකම තරඟය. වගේම දවසකට ලක්ෂපතියන් තුන් දෙනෙක් බිහිකරන ලංකාවේ එකම රේඩියෝ වැඩසටහන. සතියේ දවස් 4 ක පැවැත්වෙන මේ තරඟයේ, බ්‍රහස්පතින්දා උදේ 7.30 පළවෙනි වටය ඉතා සුවිශේෂී වටයක්. ඒකට හේතුව තමයි මේ තරඟ වටයට එක්වෙන්නේ ලංකාවේ ජනප්‍රිය චරිතයක්.
ඉතින් අද දවසේ මේ වැඩේට අපිත් එක්ක එකතු වුනේ ප්‍රවීණ සංගීතවේදී සුනිල් පෙරේරා. ඔහු අද සහභාගී වුන වටය තමයි “සියත ගොඩයන ලක්ෂය” තරඟ ඉතිහාසයේ කෙටිම තරඟ වටය වුනේ. ඒ පළවෙනිම තරඟ කාඩ්පත තෝරාගනිමින්. මේ තරඟ වටයෙන් ඔහු රුපියල් 10,000/- ක මුදලක් ජයග්‍රහණය කළා.
මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Facebook LIVE Video එක.
https://www.facebook.com/siyathafmsrilanka/videos/1489997984409500/