News Line| Off Air
Generic placeholder image

Dec
7

අවුරුදු 30 කට පසු සර්. විව් රිචර්ඩ්ස්ගේ වාර්තාවක් ධනංජය ද සිල්වා බිඳ දමයි.

1750 Views


අවුරුදු 30 කට පසු සර්. විව් රිචර්ඩ්ස්ගේ  වාර්තාවක් ධනංජය ද සිල්වා බිඳ දමයි.

ඉන්දියාව එක්ක තිබ්බ අවසන් ටෙස්ට් තරඟය ජයපරාජයෙන් තොරව නිමා කර ගන්න ලංකාවට පුළුවන් වුණා. ඉනිම දෙකේදීම විශාල ලකුණු පුවරු ලබා ගන්න ඉන්දියාවට පුළුවන් වුණා. එ්ත් කාලෙකට පස්සේ ලංකාවේ පිතිකරුවන්ගේ පරිණත ඉනිම් නිසා කෝලිගේ ජයග්‍රහණ සැලසුම් බිඳ වැටුණා. අවසන් මොහොතේදී බිඳවැටෙන්න ගිය ඉනිමට ශක්තිමත් මුක්කුවක් ගහන්න ධනංජයට පුළුවන් වුණා.

කාලයක් එක දිගට අසාර්ථක වුණ ධනංජය ශතකයකින්ම අාපහු වැඩ පටන් ගත්තා. ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ සටනක සිටි ධනංජය පාදයේ අාබාධයකට ලක් වුණා. එ්ත් නොසැලුණු ධනංජය දිගටම පන්දුවට පහර දුන්නා. අමාරුවෙන් පන්දුවට පහර දෙනවාට වඩා විවේකයක් අරගෙන අැවිත් පන්දුවට පහර දෙන්න ධනංජය තීරණය කරා. එ් නිසා ඔහු පිටියෙන් ඉවත් වුණා. එ් වෙද්දිත් ඔහු කණ්ඩායම වෙනුවෙන් තමන්ගේ උපරිම දායකත්වය දීලා තිබ්බා. මේ අල්ල පනල්ලේ ප්‍රභල හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණ, සර්. විව් රිචර්ඩ්ස්ගේ වාර්තාවක් බිඳ හෙලන්නත් ධනංජය සමත් වුණා.

එ් තමයි ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රතිවාදී පිතිකරුවෙක්, හඹා යාමේදී රැස් කරපු ඉහළම පෞද්ගලික ලකුණු ගණනට හිමි වාර්තාව. මීට කලින් එ් වාර්තාව තියලා තිබ්බේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු සර්. විව් රිචර්ඩ්ස්. ඔහු රැස් කරගෙන තිබ්බේ ලකුණු 109 ක් විතරයි. අාබාධයකට ලක් නොවෙන්න ධනංජයට පහසුවෙන් ලකුණු 150 ලබා ගන්න පුළුවන්කම තිබ්බා. මේ වාර්තාව අවුරුදු 30 පස්සේ බිද වැටීමත් විශේෂත්වයක්. කොහොම වුනත් දැන් ලංකාවට තවත් අනාගත බලාපොරොත්තුවක් තියෙනවා. ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සුභ දායක එකක් බව නම් මේ වෙද්දිත් ඔප්පු වෙමිත් තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post