ලෝක බලවතා වුණ අැමරිකාව අනෙක් රටවලට අැඟිලි ගහන්න දෙපාරක් හිතන්නේ නෑ. අැමරිකාවටම ගැලපෙන නාහෙට අහන්නේ නැති ජනාධිපතිවරයෙකුත් ඔවුන්ට දැන් ඉන්නවා. එ් තමයි ඩොනල් ට්‍රම්ප්. තමන්ගේ හිතුමතේට තීරණ ගන්න ට්‍රම්ප්ට අනිත් අය මොනවා කිව්වත් තඹේකට මායිම් කරන්නෙ නෑ. ඉස්සර ඉදන්ම අැමරිකාව අල්ලේ නටවපු රටක් තමයි ඊශ්‍රායලය කියන්නේ. ඊශ්‍රායලයේ ගොඩක් රාජ්‍ය පරිපාලන කටයුතු කරන්නේ අැමරිකාවේ අධීක්ෂණයෙන්.
ඊශ්‍රායලය මුල් කරන් ලෝකයේ අලුත් අර්බුදයක් හදන්න ට්‍රම්ප් හදනවා. එ් තමයි ඊශ්‍රායලයේ අගනුවර විදියට ජෙරුසලම නම් කරන්න හදනවා. මෙච්චර කල් ඊශ්‍රායලයේ අගනුවර වුනේ ටෙල් අවීව් නගරය. එ්ත් අද ඉඳන් ජෙරුසලම නම් කරන්න ට්‍රම්ප් හදනවා. ජෙරුසලම, ඊශ්‍රායලය සහ පලස්තීනය කියන රටවල් දෙකටම අයිතිවාසිකම් කියනවා. එ් වගේම මුස්ලිම් හා කතෝලික අාගම් දෙකටම වැදගත් නගරයක් තමයි ජෙරුසලම. එ් නිසා ට්‍රම්ප්ගේ මේ හිතුවක්කාරී තීරණයට අරාබි රටවලින් අනතුරු අඟවා තියෙනවා.
ඊශ්‍රායලයේ අගනුවර විදියට ජෙරුසලම පත් කරන එක ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණයේ පොරොන්දුවක්. ඔහු කලින් කිව්වේ ඊශ්‍රායලයේ අැමරිකානු තානාපති කාර්යාලයත් ජෙරුසලමට ගෙනියනවා කියලා. කොහොම වුනත් එ් වැඩේ නම් ට්‍රම්ප් පොඩ්ඩක් පස්සට දාලා තියෙනවා. අරාබි රටවල් තවත් හතුරු කර ගන්න තමයි ට්‍රම්ප් මේ වැඩෙන් කර ගන්නේ. අරාබි රටවල් දැනටමත් අනතුරු අඟවලා තියෙන නිසා මොනවා වෙයිද කියලා ඉස්සරහට තමයි බලා ගන්න වෙන්නේ. කතාවකුත් තියෙනවානේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලා.