News Line| Off Air
Generic placeholder image

Dec
7

කෝලි – අනුෂ්කා කාටත් හොරෙන් කසාද බඳින්න ඉතාලි යයි.

1138 Views


කෝලි  – අනුෂ්කා කාටත් හොරෙන් කසාද බඳින්න ඉතාලි යයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ සුරූපී බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා ගේ ආදර කතාව පටන් අරන් දැන් ගොඩක් කල්. මේ කතාවේ වැදගත්ම කොටස මේ මාසේ සිද්ධ වෙන්න යනවා කියල ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ කෝලි-අනුෂ්කා විවාහ උත්සවය. ඉන්දීය මාධ්‍ය කියන විදිහට දෙසැම්බර් මාසේ 9,10 11,12 තමයි මේ විවාහය සිද්ධ වෙන්නේ. විවාහය සිද්ධ වෙන්නේ ඉතාලියේ. ඉතින් විවාහය වෙනුවෙන් කෝලි අද ඉතාලියට යනවා.

ඉතාලියේ, මිලානෝ නුවර පැවැත්වෙන විවාහය උත්සවයට කාටවත්ම ආරාධනා නෑ. අඩුම තරමේ කෝලිගේ කණ්ඩායමේ ක්‍රීඩකයෙකුටවත් උත්සවයට ආරාධනාවක් ලැබිල නෑ. මොකද විවාහය සිද්ධ කරන්නේ පවුලේ අය විතරක් සහභාගී වෙන විවාහ උත්සවයක් විදිහට. ඒ වුනත් දෙසැම්බර් මාසේ 21 වෙනිදා ඉන්දියාවේ, මුම්බායේ මේ දෙන්නගෙම යාළුවන්ට ආරාධනා කරලා ලොකුවට උත්සවය ගන්නවා කියල තමයි කියන්නේ.

කොහොම වුනත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන මේ සිද්ධිය ගැන කෝලිගේ පාර්ශවයෙන්වත්, අනුෂ්කගේ පාර්ශවයෙන්වත් තාමත් කිසිම විදිහක ප්‍රකාශයක් කරලා නෑ. ඒ වුනත් කෝලි, ඉදිරියට තියෙන එක් දින සහ T 20 තරඟ ටිකට එන්නේ නැතුව යන්නේ මේ වැඩේට තමයි කියලයි හැමෝම කියන්නේ. මොකද කෝලි වෙනුවට රෝහිත් ශර්මා ඉදිරියට එන එක් දින සහ T 20 තරඟ වල නායකයා විදිහට පත් කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post