ලෝක රූ රැජින කියන්නේ ලේසි පහසු කිරුළක් නෙවෙයි. මුළු ලෝකයේම අවධානය සහ අාදරය ලැබෙන තනතුරක් තමයි ලෝක රූ රැජින කියන්නේ. එ් වගේම තමයි ලේසියෙන් ලෝක රූ රැජින කිරුළ දිනා ගන්න බෑ. එ්කට ලස්සන වගේම බුද්ධිය, හැකියාව, තැනට සුදුසු නුවණත් තියෙන්න ඕන.
අවුරුදු 17 කට පස්සේ ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවට ගෙනියන්න මනූෂි චිලර් සමත් වුණා. ලෝකයේ රටවල් රැසක රූ රැජිනියන් රැසක් සමඟ කරට කර තරඟ කරපු මනූෂිට කිරුළ ලැබෙන්නේ අන්තිමටම අහපු ප්‍රශ්නය නිසා. අැයගෙන් අහපු ප්‍රශ්නය තමයි ලෝකයේ වැඩිම පඩියක් ගෙවන්න ඕන තනතුර මොකක්ද? එ්කට හේතුව මොකක්ද කියලා. අැය එ්කට අපූරු පිළිතුරක් දෙනවා.
“ලෝකයේ උතුම්ම තනතුර තමයි මවි පදවිය. කවදාවත් අම්මට අැය කරන සේවය ගෙවලා නිම කරන්න බෑ.” අැයගේ පිළිතුර වුනේ එ්ක. මනූෂිගේ පිළිතුරෙන් එදා උත්සවයට අැවිත් හිටිය හැමෝම පුදුම වුණා. ලෝක රූ රැජින විදියට කිරුළු පළදිනන්ත් අැයගේ එ් බුද්ධිමත් පිළිතුර හේතු වුනාලු.
මේ තියෙන්නේ එ් අවස්ථාවේ වීඩියෝව.
https://youtu.be/utT4fLNiQ8E