News Line| Off Air
Generic placeholder image

Dec
7

යුක්‍රේන යුවලක් හෙළ සිරිතට, ලංකාවේදී විවාහ වුනේ මෙහෙමයි.

567 Views


යුක්‍රේන යුවලක් හෙළ සිරිතට, ලංකාවේදී විවාහ වුනේ මෙහෙමයි.

විවාහය කියන්නේ මිනිසෙකුගේ දෙවෙනි උපත. අලුත් සහකාරියක් හෝ සහකරුවෙක් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න එක විවාහයේ වැදගත්ම දෙයක්. ජීවිතේ එක සැරයක් විතරක් එන විවාහ උත්සවය අමතක නොවන විදියට සමරන්න හැමෝම කැමති.

එ් නිසා තමයි විවාහ උත්සවයක් අරගන්නේ. එක එක රටවල විවිධ සංස්කෘතීන් එක්ක විවාහ චාරිත්‍ර වාරිත්‍ර වෙනස් වෙනවා. අවුරුදු ගණනක් පුරාවට පැවතගෙන එ්න සුවිශේෂී විවාහ චාරිත්‍ර ලංකාවේ අපිටත් තියෙනවා. පෝරුවට නැගලා, මංගල ස්ත්‍රෝත්‍ර කියලා නෑදෑ පිරිවර ඉදිරියේ විවාහ වෙන්න තමයි ලංකාවේ මනමාලියන් සිහින දකින්නේ. එ්ත් අමතක නොවෙන විවාහ උත්සව ගන්න කියලා පාසල් ළමයි පැය ගණන් හිටවලා තිබ්බ විවාහ උත්සවත් පහුගිය කාලයේ ලංකාවේ බලා ගන්න පුළුවන් වුණා.

එ් කොහොම වුනත් ලංකාවේ විවාහ චාරිත්‍ර වලට විදෙශිකයිනුත් ලොකු අැල්මක් දක්වකවා. එ් නිසා තමන්ගේ විවාහ උත්සවය ලංකාවේ විදියට අර ගන්න දුර අෑත රටවල ඉදන් විදේශික පෙම්වතුන් ලංකාවට එනවා. පහුගිය දවසක හික්කඩුවේදීත් එ් වගේ විවාහ උත්සවයක් පැවැත්වුණා. යුක්‍රේන ජාතික යුවලක් තමයි මේ විදියට විවාහ වුනේ. හෙළ සිංහල සිරිතට පෝරුවට නැඟලා, මංගල ස්ත්‍රෝත්‍ර කියලා තමයි එ් දෙන්නා විවාහ වුනේ. මේ තියෙන්නේ එ් විවාහයේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post