News Line| Off Air
Generic placeholder image

Dec
8

අද ලග්න දෙකකට දණහිස ආශ්‍රිත රෝග ඇතිවිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1791 Views


අද ලග්න දෙකකට දණහිස ආශ්‍රිත රෝග ඇතිවිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 දෙසැම්බර් මාසයේ 08 වන සිකුරාදා

රාහු කාලය: පෙ.ව. 10.34 සිට 12.02

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: නිරිත

 

 

 

 

මේෂ ලග්නය

පෙරපින ඉස්මතු වෙනවා. සහජ දක්ෂතාවය මතු වෙනවා. කායික ශක්තිය මානසික ශක්තිය වර්ධනය වෙනවා. උසස් උගත් පුද්ගලයන් තමන්ගේ බසට අවනත වෙන්න පටන් ගන්නවා. තමන් කරන කටයුතු වලට බොහෝ උපකාර හිමි වෙනවා. පොත්පත් ආශ්‍රිත දැනුම මුල් කර ගත් කටයුතු පහසුවෙන් සාර්ථක කරගත හැකියි. පපුව ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි.

ජය වර්ණය: ලා කොළ පැහැය                         ජය අංකය: 02

වෘෂභ ලග්නය

ඔබගේ කායික ශක්තිය දුර්වල වෙන්න පුළුවන්. ස්නායුගත ආබාධ ඇතිවිය හැකියි. ඒ නිසා තමන්ගේ කටයුතු කර ගෙන යාමට බාධා ඇති වේවි. කල්පනාකාරීව කටයුතු කරන්න. ඔබගේ පෞරුෂය වර්ධනය කර ගැනීමේ වාසනාව හිමි වෙනවා. සේවකයන්ගෙන් යහපත් ආකාරයට කටයුතු කරවා ගැනීමට හැකි වෙනවා. තමන්ගේ කටයුතු පහසුවෙන් සාර්ථක කර ගන්නත් පුළුවන්. හවුල් ව්‍යාපාර ගෘහ ජීවිතය ආශ්‍රිත කටයුතු වලට ඉතාමත් යහපත්. ආගමනුකුල කටයුතු කෙරෙහි සිත යොමු වෙනවා. දුර බැහැර ගමන් කෙටි ගමන් යන්න ඉතා යෝග්‍යයි.

ජය වර්ණය: කහ පැහැය                 ජය අංකය: 05

මිථුන ලග්නය

විවාහ ජීවිතය ආශ්‍රිත ගැටළු විසදා ගැනීමට හැකි වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලට සුභයි. ගිණුම්කරණ සම්බන්ධ කටයුතු බැංකු කටයුතු වලට මුල්‍ය පරිපාලන කටයුතු වලට වගේම මුද්‍රණය සම්බන්ධ කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. වියදම් පාර්ශවය ඉහල යා හැකියි. විශේෂයෙන් පොරොන්දු ගිවිසුම් වලට එළඹීමේදී ප්‍රවේසම් විය යුතුයි. ක්‍රිඩාශීලි කටයුතු වලට ඉතාමත්ම යහපත්. තරගකාරි කටයුතු වලට ඉතාමත්ම යහපත්.

ජය වර්ණය: ක්‍රීම් පැහැය               ජය අංකය: 09

 

කටක ලග්නය

ආමාශගත රෝග තත්ව විටින් විට උදා වෙනවා. ඔබට එරෙහි සතුරු කරදර පිලිබදව නිසි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. වාසනා ශක්තිය පෙරපින ඉස්මතු වෙනවා. මානසික තත්වය නිරවුල් තත්වයකට පත් වෙනවා. තීන්දු තීරණ ගැනීමේ හැකියාව පවතිනවා. ඔබ කරන කියන කටයුතු සමාජය තුල ඉතා වේගයෙන් පැතිර යනවා. අධ්‍යාපනික කටයුතු වර්ධනය වෙනවා. ගුරුවරුන්ගේ ආශිර්වාදය වැඩිහිටියන්ගේ රැකවරණය නිසි පරිදි උදා කරගන්න හැකි වෙනවා.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය                          ජය අංකය: 05

 

සිංහ ලග්නය

දැනුම මුල් කර ගත්ත කටයුතු වලදී බාධා කම්කටොලු ඇති වේවි. දුරදිග නොබලා ගන්න තීන්දු තීරණ නිසා බොහෝ බාධාකාරී තත්ව ඇති වෙනවා. තමන්ම ගන්න තීන්දු තීරණ තමන්ගේ කරදරයට හේතුවක් වෙනවා. දුර බැහැර ගමන් වලට විදේශගත ගමන් වලට අද දවස ඉතාමත්ම යෝග්‍යයි. මව්පස ඥාතීන් සමග කටයුතු කරද්දී කල්පනාකාරී වෙන්න. චිත්ත පීඩා මානසික අසහනකාරී තත්ව ඇති වෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                       ජය අංකය: 09

කන්‍යා ලග්නය

ඔබගේ විවාහ ජීවිතය ආශ්‍රිත කටයුතු වලට පුංචි පුංචි බාධා පැන නගිනවා. ගෘහ ජීවිතය ආශ්‍රිත කටයුතු වලටත් බාධා ඇති වෙනවා. තමන්ගේ පරිසරය වෙනස් කරගන්න ඔබ සිහින දකිනවා. නිවසින් සමාජයෙන් බැහැර වෙලා ගමන් යන්න ආරාධනා ලැබෙනවා. එවැනි ගමන් බිමන් වලින් මානසික තෘප්තියක් ලැබෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු පිලිබදව උනන්දුවක් පවතිනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය                        ජය අංකය: 07

 

තුලා ලග්නය

සහෝදර පාර්ශවයන් සමග මත ගැටුම් ඇති වෙනවා. ඉවසිලිවන්තව කටයුතු කරන්න. දණහිස ආශ්‍රිත රෝගී තත්ව වෘත්තිමය බාධාකාරී තත්ව සුළු වශයෙන් ඇති වෙනවා. අදායම් තත්ව වර්ධනය වෙනවා. නමුත් වියදම් පාර්ශවයත් ඉහල යනවා. කලාකාමී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. මව්පස ඥාතීන් පිලිබදව වෙනදට වඩා සැලකිල්ලක් දක්වන්න. ඔබ කරන කටයුතු වෘත්තිමය කටයුතු බොහෝ ප්‍රසිද්ධියක් ලැබෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                       ජය අංකය: 07

 

වෘශ්චික ලග්නය

 

මුල්‍ය පරිපාලන ආදී කටයුතු තමන්ගේ බැංකු ගිණුම් ආශ්‍රිත කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. මුද්‍රණය ආශ්‍රිත කටයුතු මහජන සම්බන්ධිකරණ කටයුතු වලටත් ඉතාමත්ම යහපත්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු කෙරෙහි සැලකිලිමත් වන්න. ආගමානුකුල කටයුතු වලින් ඇති වෙන්න පුළුවන් බාධාකාරී තත්ව යටපත් වෙනවා. වචනය ප්‍රවේසම් කරගත යුතුයි.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 07

 

ධනු ලග්නය

ඥාන ශක්තිය වර්ධනය වෙනවා. වැඩිහිටියන් සමග ඔබ කතා කරන ස්වරුපය ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ විලාසය මුල්කරගෙන ඔබ කරන්න හිතාගෙන ඉන්න කටයුතු අසාර්ථක තත්වයකට පත් විය හැකියි. වචන භාවිතා කිරීමේදී නම්‍යශීලි ප්‍රතිපත්ති අනුගමනය කරන්න. පැහැදිලි කිරීම් වලදී ඉවසිලිවන්ත වෙන්න. දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. පරිපාලනමය හැකියාව වර්ධනය වෙනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය          ජය අංකය: 08

 

මකර ලග්නය

මුල්‍ය පරිපාලන කටයුතු බැංකු ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලදී වගේම ණය මුදල් පිලිබදවත් වෙනදට වඩා සැලකිලිමත් වෙන්න. තමන්ගේ වත්කම් තමන්ට අහිමි වීමක් පෙන්නුම් කරනවා. තමන් අත්සන් කරපු දේවල් තමන්ට එරෙහිව නැගී සිටීමක් සිදු වෙනවා. නඩු නිමිති වලින් පරාජය වෙනවා. තමන්ට එරෙහිව කැළැල් සහගත ස්වභාව ඇති වෙන්න පුළුවන්. ස්නායු ආබාධ තත්ව ඇතිවිය හැකියි. ඉවසිලිවන්තව කටයුතු කරන්න.

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 05

 

කුම්භ ලග්නය

ඥාන ශක්තිය වර්ධනය කර ගැනීමේ ශක්තිය පවතිනවා. බුද්ධිය යොදා ගෙන කරන වැඩ කටයුතු වලදී බොහෝ වාසි සහගත තත්ව උදා කර ගන්න පුළුවන්. යාලුවන්ගේ වැඩ කටයුතු වලට ඔබට මහන්සි වෙන්න සිදු වෙනවා. එවැනි කටයුතු වලින් ජයග්‍රහණය උදා වෙනවා. කලාකාමී කටයුතු දියුණු වෙනවා. එවැනි කටයුතු වලින් ධනය වර්ධනය කර ගන්න හැකි වෙනවා. මානව සම්පත් කළමනාකරණය අන් අයට උදව් කරන කටයුතු ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලටත් ඉතාමත්ම යෝග්‍යයි. ආමාශගත රෝගී තත්ව ඇති විය හැකියි.

ජය වර්ණය: තද නිල් පැහැය                      ජය අංකය: 06

 

මීන ලග්නය

වෘත්තිමය කටයුතු වලදී ඉවසිලිවන්තව කටයුතු කරන්න. අත්සන් තැබීමේදී බොහෝ දුරට ප්‍රවේසම් වෙන්න. දණහිස ආශ්‍රිත රෝග තත්ව ඇතිවිය හැකියි. කල්පනාකාරීව තීන්දු තීරණ ගන්න. අධ්‍යාපනික ශක්තිය වර්ධනය කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. දුර බැහැර ගමන් යන්න ප්‍රේමනීය සබඳතා වර්ධනය කර ගන්න හැකි වෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 09

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post