බන්ධානාගාරය කියන නම ඇහුවත් ගොඩක් දෙනෙක්ගෙ හිතට එන්නේ අප්‍රසන්න හැඟීමක්. මොකද ඒ තැන ගැන සමාජේ ඉන්නේ අයට තියෙන්නේ එච්චර හොඳ පැහැදීමක් නම් නෙමෙයි. වැරදි කරලා දඬුවම් විඳින ගැහැණු, පිරිමි දෙගොල්ලොන්ටම අන්තිමට ගිහින් නවතින්න වෙන්නේ මෙතනට. සමහර අයට අවුරුදු ගානකට වගේම තවත් සමරෙකුට ජිවිත කාලයම මේක ඇතුලේ ඉන්න වෙනවා. එත් රජයෙන් ලැබෙන පොදු සමා වලදී සමහර යට ගෙදර යන්නත් වාසනාවක් තියෙනවා. ඒ අතරින් බන්ධනාගාර ඉතිහාසයට තවත් අලුත් පිටුවක් ඊයේ පෙරලන්න පුළුවන් වුනා. ඒ තමයි බන්ධනාගාරේ ඉන්න රැඳවියෙක් සහ එයාගේ පෙම්වතිය අතර තිබුන විවාහ උත්සවයක්.
මේ විවාහ උත්සවය සිද්ධ වුනේ කොළඹ මැගසින් බන්ධනාගාරයේදී. සාමාන්‍ය මංගල උත්සවයක වගේම මංගල ඇඳුමින් සැරසීලා බන්ධනාගාරයේ කාර්යාලය තුළදීම තමයි උත්සවය තිබුනේ. මේ විදිහට විවාහ දිවියට ඇතුළත් වුනේ, අවුරුදු 38 ක සිරදඬුවමක් විඳිමින් ඉන්න සෙනරත් බන්දුල ලියනාරච්චි සහ එයාගේ පෙම්වතිය වුනු ප්‍රීති එලින් ෂමිලා කියන තරුණිය.
බන්ධනාගාර කාර්යාලයට ආව විවාහ රෙජිස්‌ට්‍රාර්වරයකු ඉදිරියේ විවාහය සිද්ධ වුනා. විවාහයේ සාක්‌ෂිකරුවන් විදිහට නීතිඥවරුන් දෙන්නෙක් තමයි අත්සන් කලේ.
මනාලියගේ පාර්ශ්වය බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස්‌වරයාගෙන් කළ ඉල්ලීමකට ලැබුණු අවසරයෙන් තමයි විවාහය බන්ධනාගාරය ඇතුලෙම සිද්ධ කලේ. විවාහයෙන් පස්සේ මනාලිය සිරගත වෙලා ඉන්න සැමියාට සමුදීලා ඥාතීන් එක්ක බන්ධනාගාරයෙන් පිටවෙලා ගියා. එත් මනාලයට නම් ආපහු යන්න වුනේ තමන්ගේ සිර මැදිරියට.
මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප.
