News Line| Off Air
Generic placeholder image

Dec
8

නිවිති වලට වඩා යකඩ තියෙන පලා වර්ගයක් ලංකාවෙන් සොයා ගැනේ.

7067 Views


නිවිති වලට වඩා යකඩ තියෙන පලා වර්ගයක් ලංකාවෙන් සොයා ගැනේ.

සමබල අාහාර වේලක් ගන්න කියලා තමයි පොඩි කාලේ ඉඳන්ම අපිට උගන්වන්නේ. බත්, කහපාට එළවළු, පලා වර්ග, මස් මාලු අපේ කෑමට එකතු කර ගන්නේ එ් නිසා. නිවිත වලට අපේ කෑම වේලේ විශේෂ තැනක් තියෙනවා. මොකද ශරීර ඕන යකඩ වැඩියෙන්ම ලැබෙන්නේ නිවිති වලින් කියලා කියන නිසා. හැබැයි එ් කතාව බොරුවක් කියලා ඔප්පු වෙලා තියෙනවා.

කෘෂිකර්ම දෙපාරතුමේන්තුවේ අාහාර පර්යේෂණ අංශය කරපු පරීක්ෂණයකින් නිවිති වලට වඩා ගොටුකොළ වල යකඩ තියෙනවා කියලා හොයා ගෙන තියෙනවා. සාමාන්‍යයෙන් නිවිති ග්‍රෑම් 100 ක යකඩ මයික්‍රෝ ග්‍රෑම් 10.9 ක් තියෙනවා. එ් වුනත් ගොටුකොළ ග්‍රෑම් 100 ක යකඩ මයික්‍රෝ ග්‍රෑම් 68.8 තියෙනවා කියලා හොයා ගෙන තියෙනවා. එ් වුනත් නිවිති වල කැරොටීන්, තයමින්, රයිබෝ, ප්ලෙවින් අාදී විවිධ විටමින් වර්ග රැසක් තියෙනවා. හැබැයි ගොටුකොළ වල එ් විටමින් පදාර්ථ තියෙන්නේ අඩු මට්ටමක.

එ් නිසා නිවිති වලට වඩා ගොටුකොළ හොඳයි කියලා නිවිති නොකා ඉන්න එපා. පුළුවන් වෙලාවට මාරුවෙන් මාරුවට හරි ඔබේ කෑම වේලට මේ පලා වර්ග එකතු කර ගන්න.

 


News Articles
Latest Videos
Most Popular Post