News Line| Off Air
Generic placeholder image

Dec
8

2024 දක්වා රුසියාව පාලනය කරන්න පුටින්ගේ සුදානමක්.

469 Views


2024 දක්වා රුසියාව පාලනය කරන්න පුටින්ගේ සුදානමක්.

රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් කියන්නේ ලෝකය පුරාම ජනප්‍රිය නායකයෙක්. එ්කට ප්‍රධානම හේතුවක් තමයි ඔහුගේ පෞර්ෂත්වය. වැඩිය උස මහත පුද්ගලයෙක් නොවුනත් ඔහුගේ පෞර්ෂත්වයට ඕනෑම කෙනෙක් අාකර්ශණය වෙනවා. එ් වගේම අැමරිකාව එක්ක ඔහු ගැටෙනා අාකාරයත් ගොඩක් අයගේ පැසසුමට ලක්වෙලා තියෙනවා. ලෝකය පුරා පුටින් උන්මාදයක් තියෙනවා කිව්වත් වරදක් නෑ.

2000 වසරේ ඉඳන් පුටින් රුසියාව පාලනය කරනවා. මීළඟ ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙනවා කියලා පුටින් ඊයේ නිවේදනය කරා. එ් රුසියාවේ මෝටර් රථ නිශ්පාදන සමාගමක සේවකයන් හමුවුණ වෙලාවක. “මේක නිල වශයෙන් නිවේදනය කරන්න මීට වඩා හොඳ තැනක්, මීට වඩා හොඳ හේතුවක් නෑ. ඔව්, මම රුසියානු ජනරජයේ මීළඟ ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙනවා.” කියලයි පුටින් කිව්වේ.

පුටින්ගේ මේ තීරණය ගැන රුසියානුවන් ඉන්නේ ගොඩක් සතුටින්. පුටින් නියෝජනය කරන යුනයිටඩ් රුසියා පක්ෂයේ සභාපති, රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වෙදේව් පවා පුටින්ට කොන්දේසි විරහිතව සහය දෙන්න කැමති වෙලා තියෙනවා. දේශපාලක විචාරකයින් කියන්නේ පුටින් ඉහළින්ම මෙවරත් දිනනවා කියලයි. එහෙම වුනොත් 2024 දක්වා රුසියාව පාලනය කරන්න පුටින්ට බලය ලැබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post