News Line| Off Air
Generic placeholder image

Dec
8

ඩයිනසෝර යුගය නැවතත්. Jurassic World අලුත්ම චිත්‍රපටය මෙන්න. (VIDEO)

1011 Views


ඩයිනසෝර යුගය නැවතත්. Jurassic World අලුත්ම චිත්‍රපටය මෙන්න. (VIDEO)

90 දශකයේ Hollywood සිනමාවට ආව ආන්දෝලනාත්මක චිත්‍රපටයක් තමයි Jurrasic Park කියන්නේ. ජිවිතේටවත් දැකල නැතිව තිබුන ඩයිනසෝරයන් බලන්න ගොඩක් අය චිත්‍රපට ශාලා ඉස්සරහ පෝලිමේ හිටියා මතක ඇති නේ. ඒ වගේම ආදායම් වාර්තා බිඳ හෙලන්න මේ චිත්‍රපටයට පුළුවන් වුනා.

Jurassic Park චිත්‍රපට මාලාවේ චිත්‍රපට 4ක්ම මේ වෙනකොට Release වෙලා ඉවරයි. අන්තිමටම ආවේ Jurassic World. ඒ 2015 දී. ඉතින් ඔන්න 2018 අවුරුද්දේ Relase වෙන ජුරාසික් යුගය ගැන තියෙන අලුත්ම Official Trailer එක මීට පැය කිහිපයකට කලින් අන්තර්ජාලයට නිකුත් කරලා තිබුනා. Film එකේ නම Jurassic World: Fallen Kingdom

Trailer එකේ තියෙන කතා සාරාංශය විදිහට මේ සැරේ එන චිත්‍රපටයේ තියෙන්නේ ඩයිනසෝරයන් සහ මිනිසුන් අතර වන ගැටුමක්. ඒ වගේම ලොකු ගිනිකඳු පිපුරමකින් ලෝකයට වෙන හානියත් මේකට සම්බන්ධයි. මේ තියෙන්නේ Trailer එක.

https://youtu.be/vn9mMeWcgoM


News Articles
Latest Videos
Most Popular Post