News Line| Off Air
Generic placeholder image

Dec
8

ලෝකයේ වේගවත්ම SUV රථය ලැම්බෝගිනි සමාගම එළිදක්වයි. – VIDEO

1072 Views


ලෝකයේ වේගවත්ම SUV රථය ලැම්බෝගිනි සමාගම එළිදක්වයි. – VIDEO

ලැම්බෝගිනි කියන්නේ සුඛෝපභෝගී සුපිරි මෝටර් රථ සන්නාමයක්. ලෝකයේ වේගවත්ම මෝටර් රථ වලට තමයි ලැම්බෝගිනි නම ප්‍රසිද්ධ. Sports Car හදපු ලැම්බෝගිනි සමාගම අලුත් වැඩකට අත ගහලා තියෙනවා.

එ් තමයි ලැම්බෝගිනි ජීප් එකක් එළිදක්වලා තියෙනවා. ලැම්බෝගිනි සන්නාමයෙන් එන පළවෙනි SUV රථය මේක. “URUS” කියලා තමයි ඔවුන් මේ සුපිරි රථය නම් කරලා තියෙන්නේ. යුරස් කියන්නේ හීලෑ ගවයන්ගේ ආදිතම ගවයෙක්. මේ ජීප් එකේ කල්පිත අනුරුවක් ලැම්බෝගිනි සමාගම 2012 දී එළිදැක්වුවා. එදා ඉඳන් විවිධ පරීක්ෂණ හා අත්හදා බැලීම් කරලා පහුගිය දෙසැම්බර් 05 තමයි ඔවුන් මේ රථය එළි දැක්වුවේ.

ලීටර් 4 ධාරිතාව තියෙන ටර්බෝ චාජරයකින් සම්පීඩනය කරපු වාතය ලබාගෙන ක්‍රියාත්මක කෙරෙන V8 එන්ජිමක් මේ රථය වෙනුවෙන්ම අලුතෙන් හදලා තියෙනවා. ලැම්බෝගිනි සමාගමේ පළවෙනි ටර්බෝ එන්ජිමත් එ්ක. අශ්ව බල 650 ක එන්ජිම Wheel Drive අාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. එ් වගේම පැයට කිලෝමීටර් 326 ක උපරිම වේගයක් මේ රථයට තියෙනවා. එ් නිසා ලෝකයේ වේගවත්ම SUV රථය විදියට මේ සුපිරි රථය හැදින්වෙනවා.

https://youtu.be/Xo1pEPoYi8Y

 


News Articles
Latest Videos
Most Popular Post