News Line| Off Air
Generic placeholder image

Dec
9

අද ඔබට බලාපොරොත්තු නොවූ ලාභයක් ලැබෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

625 Views


අද ඔබට බලාපොරොත්තු නොවූ ලාභයක් ලැබෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 දෙසැම්බර් මාසයේ 09 සෙනසුරාදා

රාහු කාලය: පෙ.ව 09.07 සිට 10.35

සුභ දිශාව: දකුණ

 

 

 

 

මේෂ ලග්නය

ඔබ ඉතා සංයමයකින් මනා හික්මීමකින් කටයුතු කලයුතු දවසක්. හිතේ ප්‍රීතියට බාධා නොවන ආකාරයට ඉවසීමෙන් කටයුතු කල යුතුයි. සීලයක් ආරක්ෂා කර ගැනීම ඔබට සැනසීම උදා කර ගනීවි. ඔබ අතින් නොදැනුවත්ව වැරදි කීපයක්ම සිදු වීමට ඉඩ තිබෙනවා. ඉවසීමෙන් හැගීම් පාලනය කර ගැනීමත් ඔබව ගෞරවනීය තත්වයට පත් කරාවි. ස්වභාවික ආපදා වලින් ආරක්ෂා වන්න. වැඩිහිටි උපදෙස් පිළිපදින්න.

ජය වර්ණය: රතු පැහැය                 ජය අංකය: 01

වෘෂභ ලග්නය

නින්දට බාධා ඇතිවිය හැකියි. කේන්ති සහගත සිතුවිලි වර්ධනය වෙනවා. ඉවසිලිවන්ත වෙන්න. ඔබගේ වැඩ කටයුතු අවුල් කර නොගැනීමට වගබලා ගන්න. ඔබට ආත්ම ශක්තිය ලබා දීමට උගතුන්ගේ ආශ්‍රය ඇති වීමට වාසනාව උදා වේවි. සතුරු බලවේග මර්ධනය වෙනවා. ශරීර සෞඛ්‍ය යහපත් වෙනවා. මුදල් ලාභ ලැබෙනවා. ඔබගේ ගෞරවයට හානි විය හැකි බැවින් කල්පනාකාරී වෙන්න.

ජය වර්ණය: නිල් පැහැය                 ජය අංකය: 03

මිථුන ලග්නය

ආර්ථික ශක්තිය වර්ධනය වීමට බලාපොරොත්තු ඉටු වීමට ආගන්තුක සත්කාරයට යොමු වීමට හැකි දවසක්. ඔබ ගැන ගුණ වැනුමක් ඇතිවිය හැකියි. සතුරු බලා ජය ගැනීමට ප්‍රීතියෙන් දවස ගත කිරීමට හිතවතුන්ගේ ආධාර උපකාර ලැබීමට හේතු වෙනවා. ඔබ අන් අයගේ ගෞරවයට පාත්‍ර වේවි. ශරීර සැපයට මෙන්ම උදාසීන ගති ඇති වීමට හේතු විය හැකියි. දුර දක්නා නුවණින් කටයුතු කරන්න.

ජය වර්ණය: කොළ පැහැය                        ජය අංකය: 05

 

කටක ලග්නය

මුදල් වියදම් වෙනවා. කතාවේදී ප්‍රවේසම් විය යුතුයි. සෙම් බහුල අසනීප වලින් ආරක්ෂා විය යුතුයි. බලාපොරොත්තු නොවූ කරදර නිසා සිත් තැවුල් ඇතිවිය හැකියි. විනෝදයට යොමු වීමට, අහංකාර ගති ඇති වීමට, නොගැලපෙන අයගේ ඇසුරට වැටීමෙන් හිත අවුල් වීමට ඉඩ තියෙනවා. ඔබට අමුතු ශක්තියක් ඇති වීමටත් අසනීප සුව වීමටත් හේතු වෙනවා. අත්හැර දැමු යමක් ක්‍රියාත්මක කල හැකි වෙනවා. බලාපොරොත්තු නොවූ ලාභයක් ලැබිය හැකියි.

ජය වර්ණය: සුදු පැහැය                             ජය අංකය: 05

 

සිංහ ලග්නය

ඔබගේ සිතට නොමඳ සතුට ගෙන දෙන දවසක්. හොඳ ආහාරපාන ලැබීමට සැප පහසුව දවස ගත කිරීමට අවකාශ යෙදෙවී. ඔබ සැමට කරුණාව දක්වන අයෙක්. අලුත් මිතුරන් හදුනා ගැනීමට සෞඛ්‍ය තත්වය යහපත් වීමට හොද නම ලැබීමට අවකාශ ලැබේවි. හදිසි වියදම් අධික වේවි. සැක සහිත දේවල් නිසා කනස්සලු වීමටද නිෂ්පල ගමන් බිමන් යෙදීමටද ඉඩකඩ පවතින බැවින් ආරක්ෂා විය යුතුයි. ගණුදෙනු වලින් ලාභ ලැබිය හැකි වෙනවා.

ජය වර්ණය: රතු පැහැය                 ජය අංකය: 06

කන්‍යා ලග්නය

රැවටීමකට මුලා වීමකට ඉඩකඩ තියෙනවා. තැන්පත් මුදල් නිෂ්පල දේකට වියදම් වෙනවා. පවුලේ සැම සාකච්චා කර ඉවසීමෙන් කටයුතු කල යුතුයි. සියලු අභියෝග ජය ගැනීමට පැරණි මිතුරන් හමු වීමට වාසනාව තියෙනවා. ඔබ කල කටයුත්තක ප්‍රථිපල සාර්ථක වෙනවා. සිතට කයට සැනසීම උසස් අයගේ ආධාර උපකාර වෙළඳ ව්‍යාපාර වල ආදායම වැඩි වීමට හේතු වේවි. නුවණින් කටයුතු කරන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 04

 

තුලා ලග්නය

මුදල් ලාභ මෙන්ම සතුරු බලවේග පසුබෑමට නිහඩ වීමට හේතු වෙනවා. කාන්තාවන්ගෙන් නොමද සහයෝගය ලැබෙනවා. කතාව නිසා පාඩු සිදු වීමට සැනසීමට බාධා ඇති වීමට ඉඩ තියෙනවා. තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න. සමගියට බාධා ඇති වේවි. ශරීර සනීපය යහපත් වීමට සතුරු බලවේග යටපත් කිරීමට උසස් අයගේ ආශ්‍රය ඇති වීමට ඔබ වාසනාවන්ත වෙනවා. මංගල යෝග උදා වෙනවා.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                ජය අංකය: 07

 

වෘශ්චික ලග්නය

 

බලාපොරොත්තු ඉටු වීමට, ශරීර සනීපය යහපත් වීමට, හොඳ ආහාරපාන වර්ග ලැබීමට හේතු වෙනවා. ඔබගේ ආර්ථික ශක්තියද යහපත් වීමට ආදර සංග්‍රහ ලැබීමට හේතු වෙනවා. පවුලේ වැඩිහිටි අයෙකුට සිදුවන වාසියක් නිසා සතුටු විය හැකි දවසක්. දත්වල අමාරු ආදිය ඇතිවිය හැකියි. හදිසි ධන ලාභ ලැබෙනවා. සහෝදරයන් නිසා ඇතිවන මත ගැටුම් වලින් සතුටට බාධා නොවන අන්දමට කටයුතු කිරීමට වගබලා ගන්න.

ජය වර්ණය: රෝස පැහැය             ජය අංකය: 02

 

ධනු ලග්නය

විදේශගමන් බලාපොරොත්තු වන අයට යහපත් වුනත් සිතට, කයට පීඩනයක් ඇතිකළ හැකි දවසක්. ආමාශගත රෝග සතුරු කරදර ඇති බැවින් ධර්මානුකුලව ජිවත් වෙන්න. නොසිතු අයුරින් ගරු සැලකිලි ලැබීමට දරුවන්ගෙන් ඇප උපස්ථාන ලැබීමට වාසනාවන්ත වෙනවා. උසස් අය හමු වීමට තම ගැටළු ඉදිරිපත් කිරීමට හොඳ දවසක්. අධිකව වෙහෙසට පත් වීමටත් හිතට කරදර ඇති වීමටත් හදිසි වියදමක් දැරීමටත් සිදු වෙනවා.

ජය වර්ණය: රන්වන් පැහැය                        ජය අංකය: 03

 

මකර ලග්නය

ජලයෙන් ආපදා පැමිණෙන ප්‍රදේශ වල සිටින අය ප්‍රවේසම් විය යුතුයි. ඔබට පීරිස් බලය ඇති වීම, ගරු නම්බු ලැබීම ඇති වෙනවා. අඹු සැමියන් අතර මත ගැටුම් ඇති වීමට ඉඩ තිබෙනවා. ඔබගේ ඉවසීම දුර දක්නා නුවණ වැඩිහිටි උපදෙස් පිළිපැදීම සියලු දෝෂ නැති වෙනවා. මුත්‍රා දෝෂ වකුගඩු දෝෂ ආබාධ ඇති අය වෛද්‍ය උපදෙස් පිළිපදින්න.

ජය වර්ණය: තැඹිලි පැහැය                        ජය අංකය: 01

 

කුම්භ ලග්නය

සැප පහසුව හිඳීමට, ආදර සම්බන්ධතා පැවැත්වීමට, හොඳ සැප නින්දක් ලබා ගැනීමට හේතු වෙනවා. ඔබට ආඩම්බරකාර විදියට දවස ගත කිරීමට හැකියාව ලැබෙනවා. ඔබ කරන කටයුතු වල විශේෂ දියුණුවක් ඇති වෙනවා. උරුමකම් ඉල්ලා සිටීමට ඉතා හොඳ දවසක්.

ජය වර්ණය: රතු පැහැය                 ජය අංකය: 01

 

මීන ලග්නය

ධන ලාභ ලැබීමට ජයග්‍රහණ ලැබීමට හේතු වෙනවා. ඔබට විරුද්ධවාදීන් ඇත්නම් ඒ සියල්ල යටපත් වී අද දවස ඔබගේ බලය මතු වෙනවා. ආමාශගත රෝග බඩේ අජීර්ණ ආදිය ඇතිවිය හැකියි. සතුටට බාධා ඇතිවිය හැකියි. කීර්ති ප්‍රශංසා ලැබීමට ප්‍රසිද්ධ වීමට හේතු වෙනවා. ඔබගේ දැනුමට වටිනාකමක් ලැබීමට හේතු වේවි.

ජය වර්ණය: රන්වන් පැහැය                      ජය අංකය: 09

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : වයි. එම්.කේ. යාපා බණ්ඩාර

දුරකථන අංකය: 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post