ලෝකේ ඉන්න ගොඩක් ජනප්‍රිය වගේම පෝසත් අය එකපාරටම එතනට ආව අය නෙමෙයි. අම්මා තාත්තගේ සල්ලි වලින් සෙල්ලම් දාන ය අතරේ මේ අය තැනකට එන්න ගොඩක් දුක් විඳිනවා. ජනප්‍රිය වෙන්න වගේම සල්ලි ලැබෙන්න කලින් මේ අයට ගෙයක්වත් තිබුනේ නෑ.
ලන්ඩන් වල හිටපු වීදි දරුවෙක්. 1898 දී පියාගේ අකල් මරණයෙන් පස්සේ චාලිගේ අම්මගේ සිහි විකල් වෙනවා. ඊට පස්සේ ඇයව මානසික රෝහල්ගත කලා. ඒ වෙනකොට චාලි චැප්ලීන්ගේ වයස අවුරුදු 10 යි. ඒ නිසා චාලිට ඔහුගේ වැඩිමල් සහෝදරයාත් එක්ක මහ මඟ දිවි ගෙවන්න සිද්ධ වුනා. ඒත් 1977 දී ඔහු මියයනකොට ලෝක ප‍්‍රසිද්ධ මිලියනපතියෙක්.
ලෝකේ ඉන්න සාර්ථකම චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ටර්මිනේටර්, ටයිටැනික් සහ ඇවටර් කියන්නේ ඔහු අධ්‍යක්ෂණය කරපු ලෝක ප‍්‍රසිද්ධ චිත්‍රපට. ටර්මිනේටර් චිත‍්‍රපටයේ කතාව රචනා කරනකොට ඔහු ජීවත් වුනේ මහ පාර අයිනේ, ඔහුගේ මෝටර් රථය තුල. ඔහු ඒ පිටපතේ අයිතිය ඩොලර්
1කට විකිණුවා. එත් ඒ චිත‍්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 77ක් ආදායමක් ලැබුවා. ඔහුට ඒ මුදල් දකින්නවත් ලැබුනේ නෑ. ඒත් ඔහුට එයින් චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට එන්න අවස්ථාව ලැබුනා. දැන් ඔහුගේ ආදායම ඇ. ඩො. මිලියන 700කටත් වැඩියි.
ඉස්කෝලේ යන කාලේ ඔහුට නවතින්න කාමරයක්වත් අතේ මුදල් සතයක් වත් තිබුනෙ නෑ. ඉතිං ඔහු කලේ යාලූවන්ගේ කාමර වල නැවතුන එක. ඒ වගේම කොකා කෝලා බෝතල් එකතු කරලා කඩවල් වලට දීලා සුලූ මුදලක් හොයාගන්න ඔහුට පුලූවන් වුනා. සතියකට එක පාරක් නොමිලේ ලබාදෙන ආහාර වේලක් ලබාගන්න ඔහු හැතැක්ම 7ක් පයින් ගිහින් තිබුනා. එත් මිය යනකොට ඔහු ලෝකෙම දන්නා ඇපල් සමාගමේ නිර්මාතෘවරයා.