ඔබ දන්නවාද Net Neutrality (නෙට් නියුට‍්‍රැලිටි) කියලා දෙයක් ගැන. මේක අන්තර්ජාල මුලධර්මයක්. ඒකෙන් කියන්නෙ මේ මූලධර්මය මත තියෙන අන්තර්ජාල සේවා සපයන ආයතන වලින්, අන්තර්ජාලයේ තියෙන දත්ත පාවිච්චි කරන හැමෝටම නොමිලේ සහ සමානව සියලු දෙනාට එක ලෙස ඒ තොරතුරු ලබාදෙන්න කියන අන්තර්ජාල මුලධර්මය.
ඒ අනුව අන්තර්ජාල සේවා සපයන අයට සමහර වෙබ් අඩවි දර්ශනය කිරීම සඳහා මුදල් අයකිරීම හෝ අන්තර්ජාල වේගය සීමා කිරීම කරන්න බෑ. මේ මූලධර්මය හඳුන්වා දීල තිබුනෙ 2003 දී. එත් දැන් මෙම සම්මුතිය බිඳවැටෙමින් තිබෙනවා. මේ සම්මුතිය ඉවත්කරන්න කියලා ඇමරිකාවේ FCC ට (Federal Communications Commission) වෙත දැන් යෝජනා ඉදිරිපත් වෙනවා.
YouTube පාවිච්චි කරන්න අමතර මුදලක් ගෙවන්න වුනොත් ඔබට YouTube බලන එක නතර කරන්න වෙනවා නේද? නැත්තං සීමා කරන්න වෙනවා. මේ
යන විදිහට ඉස්සරහට එහෙම වෙන්න බැරි නෑ. අන්තර්ජාලයේ තියෙන විශේෂම වාසිය එය නොමිලේ භාවිතා කල හැකි වීම. විදුලි සංදේශ නියාමන කොමිසම විසින් Net Neutrality (නෙට් නියුට‍්‍රැලිටි) සම්මුතිය ඉවත් කලොත් කලින් නොමිලේ නැරඹු වෙබ් අඩවි වෙත පිවිසෙන්න ඔබට මුදලක්
ගෙවන්න සිද්ධ වෙනවා. අන්තර්ජාල සේවා සපයන ආයතන ඒක වෙනකන් තමයි බලං ඉන්නේ. එතකොට ඔවුන්ට සල්ලි හම්බකරන්න පුලුවන්නෙ.
ඒකියන්නෙ YouTube / Facebook ආදිය භාවිතා කිරීම ඉතා මිල අධික දෙයක් වන බව. මේක පෘතුගාලය සහ ස්පාඥ්ඥය තුල මේ වන විටත් සිද්ධ වෙනවා. අන්තර්ජාල සේවා සපයන ආයතනයට මුදල් ගෙවා ලබාගන්නා ඬේටා පැකේජයට අමතරව තවත් යුරෝ 5ක මුදලක් ඔවුන්ට ගෙවන්න සිදුවෙලා තියෙනවා. මේ වෙනුවෙන් සටන් කරන්න අන්තර්ජාල පපාවිච්චි කරන අය සෑහෙන්න පිරිසක් පෙළඹිලා ඉන්නවා. මේ වෙද්දී ඒ වෙනුවෙන් ඔන්ලයින් පෙත්සම් පවා අත්සන් කරමින් ඉන්නවා. මේක ඇමරිකාවට පමණක් බලපාන දෙයක් නෙවෙයි. මුලු ලෝකයටම බලපාන දෙයක්.